ලංකාවේ දේශපාලනය සහ ජනතාව
අද දේශපාලනයේ විශාල වශයෙන් යොදාගන්නා වචනයක් තමා ජනතාව.
සිල්ලරට ගත්තොත් මේ වචනයෙන් හැදින්වෙන්නේ ඉහල ධනයක් හිමි, නිෂ්පාදන බලවේග අයිතිකාර පුද්ගලයන් හැර, වැඩ කිරීමෙන් දිනපතා නැත්නම් මාස් පතා මුදල් හොයා ගන්නා, හා එමඟින් ජීවත් වන, සමාජයේ පහල තල වල සියලුම පුරවැසියන්ය කියල හිතන්න පුළුවන්. ඉඩම් හිමි නැති ගොවියන්, දවස ගානේ වැඩපළවල්, සේවා ආයතන හා නොයෙක් කාර්යාල වල වැඩ කර ගෙදර යන උදවියත් මෙයට අයිතියි.
එහෙම බැලුවහම දේපල බලාගෙන, එය කළමනාකරණය කරගෙන සිටින ධනපතියන් හැර අන් හැමදෙනාම මෙයට ඇතුල් වෙනවා කියල තර්ක කරන්නත් පුළුවන්.
ජනතාව කියල පොදුවේ මේ විදියට දේශපාලකයන් කථා කළත්, මේ පළල් ජනතාවගේ උවමනාවන් ඉතා සුළු වශයෙන් තමා එක විදියටම භාර ගන්නේ කියන එක නිතර පෙනෙන දෙයක්.
මෙතනදී ජනතාව අතර තිබෙනවා කර්මාන්ත හා ඒවාට සම්බන්ධ වෙළඳ හා කළමනාකරන වැඩ කටයුතු වල අය හා දිනපතා සේවකයන් හැටියට සේවක අය කියල වෙන් කරල කියන්න පුළුවන්. මේ අය දිනපතා වැඩට ඇවිත්, ලබාදෙන කටයුතු ඒ පිළිවෙලට කරන අය.
මාක්ස්වාදය තුළ නිර්ධනීන් කියල හැදින්වූයේ මේ අය. ඉහල හෝ පහල වැඩක් කළත්, ඒ අනුව දවසේ වටිනාකම වෙනස් වුනත්, දිනපතා පිළිවෙලට හම්බකරගෙන ජීවත් වීම සිදු වෙනවා. ආදායම ලැබෙනවා.
ඉහල දැනුම ඇති අය දිනකට ලොකු මුදලක් හොයා ගත්තත්, මොවුන් දිනපතා ආයතනයකට වැඩ කරන උදවිය හැටියට, ගත්තම මේ පිරිස ලොකු කොටසක් සමාජය තුළ.
ගමේ ජනතාව
ඊලඟට මෙයට වඩා වෙනස් විදියකට ඉන්න ජනතාවක් ඉන්නව ගම් ගොඩවල් වල.
රට පුරා ඉඩම් වල ගොවියන්, හරක් බලන්නන් ආදී පාරම්පරික වැඩ වලට යෙදිල හිටියත්, ඒ ඉඩකඩම් වල අයිතියත් නැති ලොකු පිරිසක් ඉන්නව.
ගොවියන් හැටියට සාමාන්‍යයෙන් හදුන්වන විශාල පිරිසක් අප වගේ රටවල් වල ඉන්නවා.
මේ අය තමා බොහෝ විට පොදු ජනතාව කියල දේශපාලනයේදී හැඳින්වෙන්නේ. එලෙස දක්වන විට, එම ගැමි ජනතාව අතරින්ම ආ අය උනත්, නගරාශ්‍රිතව වෙසෙන හෝ ආයතන ගත කම්කරුවන් වෙනම අමුන ගන්නේ නෑ.
මෙය අප වැනි කාර්මීකරණය මඟින් ඉහලට නොගිය රටවල් තුළ ලොකු ප්‍රශ්නයක්. මොකද ගැමි ජනතාවට දවසෙ පඩිය නෙමෙයි ලොකු. දිගට ඇදුනු සම්බන්ධය තුළ තමනට හිමි කොටස ලබා ගැනීමයි ඔවුන්ට උවමනා.
ගැමි ජනතාව ඉඩම, ගංගා, වැව්, තණබිම්, ගහකොළ ගැන බැඳීම තුළින් පෙදෙස් හැටියට රොක් වෙන්න පුළුවන්. ඉඩම්, ගංගා, වැව්, ගල්පර, කැලෑවල් ගැන කථා කරනකොට දේශය නිකම්ම සාකච්ඡාවට වැටෙනවා. ඒත් සමඟම ජාති, ආගම්, කුළ මළ කාථාවත් ඇති වෙනවා.
එදා ගම තුළ ඉඩම්, වතුර, පතල්, ගල්පර ආදී සොබා දහමෙන් ලැබුණ සම්පත් අල්ලාගත් අය ලොක්කෝ වුනා.
ඒ ලොකුකම් කඩා දමල, ඒ සම්පත් පොදු ජනතාව අතරට ගෙන ඒම ජනතා විප්ලවයක් බවට පත් වුනා.
ජනතාව ගැන කථා කිරීම, මේ පැරණි ගම වෙනස් කරල, බලය ගම්මුන් අතර බෙදා දීමක් ලෙසට සටහන් වෙනවා. ඒ අනුව ජනතාවට නිදහස, ජනතාවට බලය යන සටන්පාඨ ප්‍රජාතන්ත්‍රවාදයේ සටන තුළින් මතුවුන හැටියට පිළිගන්න වෙනවා.
පැරණි ගම තුළ විවිධ කුල වලට ජනතාව බෙදා තිබුණු අතර, විවිධ කාර්යයන් වලට නම් පටබැඳල තිබුණ. මෙය ලෝකය පුරාම සිදුවුන දෙයක්.
ලංකාවේ පහත රට පෙදෙස් වල ඉහල ඉඩම් හිමියාගේ ඉදල පහත ඉඩම් නැති ගොවියා දක්වා යන විට, ඉහල ඉදල පහලට ඇමතුම්, හාමු මහත්තයා, රාලහාමි, අප්පුහාමි, මහත්තයා යන ලෙසට සාමාන්‍ය වශයෙන් පැළපදියම් වෙලා තිබුණ.
මේ ලෙසට පැවැති බෙදීම් මෙන්ම, කුල බෙදීම්ද ජනතා විප්ලවය තුළ නැසී ගියා යයි කිව හැකියි.
ජනතා විප්ලවය යනු ඒ අනුව ධනපති පංතියේ නැගී සිටීම තුළ, පැවැති සම්ප්‍රදාය බිඳල, මුදල් බලය උඩ රට පෙළගැස්ස වීම ලෙසට හඳුන්වන්නේ ඒ නිසයි.
උඩරටත් මේ ලෙසටම දිසා හාමුදුරුවෝ, කෝරලේ හාමුදුරුවෝ, බණ්ඩාර මහත්තයා, රාළහාමි, අප්පෝ ආදී වශයෙන් ගමේ පිල් ගැසී තිබුණ එක දැන් හුඟක් දුරට දිය වෙලා. ජනතා බලවේගයේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය මෙයින් පෙන්වනවා.
එහෙත් තවමත් ජනතාවගේ බලවේගය වෙත දේශපාලන ආයාචනයේ අඩුවක් නෑ. එයින් පෙන්වන්නේ තවම පැරණි සමාජයේ කුණුගොඩ ඉතිරි වෙලා තිබෙන බවයි.
අඩු දියුණු ධනවාදයේ වැඩවසම් උරුමය
ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය අවසන් වෙන්න නම් කම්කරුවන්ගේ සම සමාජ බලය ඉදිරියට යා යුතුයි.
මේ රටේ ධනපති පන්තියට වෙන්නේ, වෙනත් අඩුදියුණ රට වල වගේම තවමත් හොල්මන් කරන වැඩවසම් සමාජ උරුමයන් සමඟ සම්මුතියෙන් වැඩ කරන්න.
ඒ නිසා මිනිස් හැකියාව අනුව වැඩ බෙදීම වෙනුවට පැලැන්තිය තුළ පාලනය සකස් වීම අඩුවෙලා නෑ.
තවම ජාතිවාදී, කුලවාදී මථවාද රට තුළ දැඩි ලෙස ගමන් කරන නිසා, විශාල වියදම් කරන්න වෙන මර්ධන යුද්ධ මැද අපට ගමන් කරන්න වෙලා තිබෙනවා.
වාමාංශිකයන් හැටියට ලොකුවට පෙන්වන ජනතා විමුක්ති පෙරමුණ බිහි වී වැඩුනේ ජාති, කුල ලෙසට තිබෙන බෙදීම් තුලනය කිරීමට ගෙනා 13 වැනි ව්‍යවස්ථා සම්පාදනයට විරුද්ධව විසකුරු මිනීමරුවන් ලෙස අපරාධ කරන්න.
එදා සම සමාජයත්, අනෙකුත් පැරණි වමත්, ලිබරල් ධනපතියනුත් 13 වැනි ව්‍යවස්ථාවෙන් ඇති කළ වෙනස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටියා.
එයට විරුද්ධව ජෙප්පෝ කළේ දහසක් විතර වාමාංශිකයන් මාරා දැමීම හා පන් දහසක් පමණ ලිබරල්වාදීන් මරා දැමීමයි.
මේ සා වරදක් තමන් කළ බව අදටන් ඔවුන්ගේ පිළිගැනීමක් නෑ.
ඒ නිසා අදටත් ජනතාවට එකතුවෙලා කරන්න දෙයක් තිබෙනවා. එනම් ජනතා විප්ලවය ඉදිරියට ගෙන යා යුතුයි.
ඔක්තෝම්බරය කරා යන පෙබරවාරිය
සමහරු සමාජවාදී විප්ලවය ගැන කථා කරනවා.
විශාල වශයෙන් පසුගාමී අදහස් වලට යට වෙලා දිරාපත් වන ගම්මාන මෙන්ම නගර තිබෙනා රටකට, මොන තරම් උඩින් තැවරුවත්, ප්‍රජාතන්ත්‍රවාදයවත් සාධාරණ සමාජයක්වත් හදන්න බෑ.
එයට වැඩකරන ජනතාවගේ මූලිකත්වයෙන් ඇතිවන සමාජ විප්ලවයක් අවශ්‍ය වෙනවා.
අද සම සමාජ බලයට තිබෙන එකම මඟ, ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් බලවේග සමඟ එකට එකතු වී “පෙබරවාරි” විප්ලවයෙන් අරඹලා “ඔක්තෝම්බරය” ලඟට ගමන් කිරීමයි.
පෙබරවාරියෙන් පටන්ගෙන ඔක්තෝම්බරයට යනවා හැර වෙන මඟක් ලෙනින්, රෝසා, ට්‍රොට්ස්කි ආදීන් පෙන්වා දී නෑ.
ජනතාවට කථා කරනා උදවිය, ජනතා විප්ලවයේ ප්‍රජාතන්ත්‍රවාදී කොටස මුලින් ක්‍රියාත්මක කළ යුතුයි.
එමනිසා ජනතාවට අමතන එක ඉතා නිවැරදියි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල මුලට ගත යුතුයි.
මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
- නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මිත්‍යාව
- යැංකි ප්රජාතන්ත්රවාදය හා පොල්පොට් කොමියුනිස්ට්වාදය
- ඇමරිකානු කම්කරු පංතියේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය
- චීන ආඥාදායකත්වය සහ සම සමාජය
- ප්රජාතන්ත්රවාදය පාළු වීමෙන් උපදින ෆැසිස්ට්වාදය
- ප්රජාතන්ත්රවාදයට එදිරිව සමාජවාදය පිහිටුවීම
- ජාතික විමුක්තිය වෙනුවෙන් වම පිදූ බිල්ල – විජය
- ෆැසිස්ට්වාදයට විරුද්ධ වෙනවාද? නැතිනම් වලපල්ලට යනවාද?
- ප්‍රංශ විප්ලවය හා 1818 කන්ද උඩරට කැරැල්ල
- ෆිල්සුඩ්ස්කිවාදය, ෆැසිස්ට්වාදය හා අපගේ යුගයේ ලක්ෂණ
- ප්රතිසංස්කරණවාදය හා විප්ලවය අතර තවත් ගැටුමක්
- ප්රතිවිප්ලවයේ මූලාරම්භය
- ජාතිකවාදී වම හා ගෝලීය ධනවාදය