චීන ආඥාදායකත්වය සහ සම සමාජය
අද චීනය ආදර්ශයට අරගෙන දියුණුවට පා තබනවා කියන කතාව එක විදියකට විහිළුවක්, තවත් විදියකට විලාපයක්. මොකද චීනයේ දියුණුව විකාර දෙයක් දෙයක් ලෙසට මිනිස් නිදහස පැත්තෙන් බැලුවහම පෙනෙන නිසා. අද වෙනකොට දියුණුව කියන්නේ විශාල ගොඩනැගීම්, යාන වහන, කැම බිම ආදීය වේගයෙන් ඉමහත් විම නොවේ කියල දන්නො කියනව. දන්නෝ එය පමණක් ගත්තොත් විනාශයක් කියල පෙන්වනව. මිනිසා අද යහපත කියන්නේ නිදහස, සාධාරණත්වය සහිත සමාජයක් තුළ පරිභෝජනය දියුණු කිරිමට ඉඩ තියෙනවනම් පමණයි. කර්මාන්ත දියුණුවත් සමොඟ යුරෝපයේ ඇතිවුන විශාලම මානුෂික ගමන තමා ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වෙනුවෙන් ගමන් කිරීම. එය පටන් ගත්තේ එංගලන්තයේම රාජංඩුවට විරුද්ධ සටන් කළ ඔලිවර් ක්‍රොම්වෙල් වැනි පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ගමන් කළ අයයි. ප්‍රංශයේ මේ තැනට ආවේ විශාල විප්ලවයක් තුළින්. වෙළඳපොල ආර්ථිකය තුළ මැද පංතියේ ප්‍රජාතන්ත්‍රවාදය වන පාර්ලිමේන්තු ක්‍රමය ලොව පුරා පැතිර ගියා. වෙළඳ සමාජය තුළ පමණක් නොවේ, ජනසතු ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වන රටවල් වලත් ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතු බව මාක්ස්-ලෙනින් දෙදෙනාම අවධාරණය කළා. වෙළඳපොල මත පිහිටන සමාජයක් අනිවාර්යයෙන් ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතුය කියල ධනවාදයේ ඉගැන්වීම් වලත් තියෙනවා. තරඟකාරී වෙළදපොලක් නිදහස් සමබර තරඟයට ඉඩදිය යුතුයි. එවිට ඇත්ත වටිනාකම හදුනාගනිමින් යුක්ති සහගත හුවමාරුව කරගත හැකියි. මේ අනුව නිදහස් වෙළදපොල සමාජය තුළ සාධාරණ බෙදා හැරීමේ ක්‍රමයකට ඉඩ දෙනව කියලයි කියවෙන්නේ.
සමාජවාදීන් කියන්නේ හැම දෙනාගෙන්ම ඔවුන්ට හැකි ලෙසට භාණ්ඩ හා සේවාවන් ඉදිරිපත් කළ යුතුයි. තමන්ට උවමනා දෙය ඒ වෙනුවෙන් සමාජයෙන් ලබා දිය යුතුයි යන්නයි.
තමන්ගේ හැකියාවන් තුළින් සමාජයට ලබා දෙන දෙය කුමක් වුවත් සමාජයෙන් ලබා දිය හැකි දේ තමන්ට උවමනා අනුව ලබා ගත හැකියි. එතැනදී තමන්ගේ උවමනාව සමඟ තමන් සමාජයට ලබා දෙන දේ එකට ගණන් බැලීමක් නෑ. තමන්ට හැකි උපරීමය දෙන්න, තමන්ට හැකි උපරිමය සමාජය ලබා ගත යුතුයි. “මගේ උපරිමය සමාජයට දෙමි. මට අවශ්‍ය දේ පමණක් ලබා ගනිමි” කියන වචනය අනුව වැඩ කිරිමට පුහුණු කරගත යුතුයි කියල සමාජය තුළින් හඬ මතු වෙනව. මේ විදියට සැලසුම් කළත් මේ ගනුදෙනුව කිරිම බලා කියා ගන්නා රජයේ නිලධාරින්ට ලොකු බලයක් මෙහි දී ලැබෙනව. මහජනයාට දෙන්නේ එන අයයි, මහජනයාගෙන් ලබාගන්න එන අයයි අතර අවුලක් ඇතිවෙලා තිබෙනව. මේ අනුව දූෂිත නිලධාරී පැලැන්තියක් පැලපදියම් වී සමාජවාදී ප්‍රතිපත්ති වලින් ඈත් වෙලා යනව. මෙය එදා කොමියුනිස්ට් කියන සමාජවාදී රටවල් හැම එකකම බෝ වුනා. චීනයටත් එලෙසම වෙනස් වෙලා දැන් අමුතු ඒකාධිපති පාලන රටාවකට ගිය මහ රටක් වෙලා. එහි නිදහස් මත ප්‍රකාශ කිරිමට අයිතියක් නැහැ. දේශපාලන විවාද නෑ. එකම දෙයට යට වෙලා, පාලන තන්ත්‍රයට යටත්ව දිවි ගෙවීමට සිදු වෙලා තියෙනව. රට තුළ නිදහස, අයිතීන් නැති තැන ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සාධාරණය ගැන කථා කරල වැඩක් නෑ. මේ නිසා, මේ ලෙසට චීනයේ තත්ත්වය ගැන අපට කථා කරන්න ඉඩක් නෑ. මෙරට තුළ සම සමාජය විසින් අරඹපු විවාදයක් තියෙනව. තවමත් සම සමාජය රට තුළ හැම තැනම අදහස් ඉදිරිපත් කරනව. සම සමාජ විවේචකයො හැම ගමකම ඉන්නව. ඔවුන් එකම පක්ෂයකට සම්බන්ධ වුනේ නැති වුනත් මේ දේශපාලන සාකච්ඡාවල් ඒ අය අරඹලා පැතිරිලා තිබෙනව.
ජාතිවාදී ආගම්වාදී අදහස් වලට නොගොසින් සම සමාජවාදී – ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දියත් කිරිමට දැන් අලුත් කරුණක් ඉදිරිපත් වෙලා තියෙනව. එනිසා අප රටට පොදුවේ තිබෙන සමාජ ගමන තමා නිදහස් අදහස් දැක්වීමට යොමු වීම හා සවන් දීමට කැමති වීම. ඒ මඟින් නව අදහස් සමාජයට ගලා එනව. තවත් මති මතාන්තර ඒ ඒ අය ගෙනැවිත් ගම් මට්ටමටම සාකච්ඡාවල් ගලාගෙන යනව. එම සමාජය, දැන් තියන චීන ගම්වලට වඩා ඉතා වෙනස්. චීන සමාජය තන්ත්‍රයකට යටවුන සමාජයක්. කලාව, සාහිත්‍ය ආදී දේවල් විවිධ ලෙසට පැතිරී ගියත් සමාජ විවාදය නැවතිලා තිබෙන බව පැහැදිලි එකක්. චීනයේ කලාව සාහිත්‍ය තුළවත් දේශපාලන සමාජ සාකච්ඡාව එළියට ගන්නේ නෑ. ඈත ඉතිහාසයේ රජවරු අතර මත භේද ගැන කථා තමා තියෙන්නේ. ඒ උනත් නූතන සමාජය ගැන එවන් විවාද ඇති කිරීමක් චීනයේ ඇති වෙන්නේ නෑ.
එවන් තත්ත්වයක් තුළ ලංකාවේ ජනතාවට නැගෙනහිර චීනය විසින් දෙන සමාජ සංකල්පයක් ඇත්තේ නෑ. ඇති වෙන්නත් බෑ. ඒ නිසා චීනය දෙසට, බටහිරෙන් ඈත් වෙලා අපි ගමන් කරනව කිව්වට එවන් ගමනක් යන්න විදියක් නෑ. මොකද එහෙම සාකච්ඡාවක්වත් නෑ. චීනය නිලධාරීවාදී සමාජයක්. ඒක කොමියුනිස්ට් යැයි කියන සමාජ තන්ත්‍රයකට කිසි ලෙසකින් සම්බන්ධයක් නෑ. මාක්ස්-එංගල්ස් ඇති කළ සමාජ දැක්ම නොවෙයි. එය නිලධාරී සිතලු අදහස් දැලක් පමණයි.
මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න – 2020 සැප්තැම්බර් 27
2 Responses
[…] චීන ආඥාදායකත්වය සහ සම සමාජය […]
[…] චීන ආඥාදායකත්වය සහ සම සමාජය […]