20 – මේ විපතෙන් ගැලවෙමු

විසි වැනි සංශෝධනය ආණ්ඩුව විසින් ගෙන ඒමත් සමඟ ඒ පිළිබඳව විශාල විරෝධයක් සමාජය තුළින් මතු වී තිබේ. ඊට විරුද්ධව පෙත්සම් 40 කට ආසන්න ප්‍රමාණයක් අධිකරණය වෙත කෙරිනි. ඒ පිලිබද අධිකරණයේ තීරණ මේ වන විට කථානායක වරයා වෙත භාර දී ඇතැයි වාර්තා වේ. ඒ කෙසේ වෙතත් වැඩකරෙන ජනතාව, වෘත්තිකයන්, සිවිල් සමාජ ක්‍රියාධරයන් මෙන්ම දේශපාලනඥයන් ද විශාල වශයෙන් එම සංශෝධනයට එරෙහිව අදහස් දැක්වීමටත්, වීදි බැසීමටත් යොමු වී තිබේ.

එහිම තවත් පියවරක් ලෙස, සම සමාජ නායක මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසින් “20 – මේ විපතෙන් ගැලවෙමු” මැයෙන් පොත් පිංචක් සිංහල හා දමිළ බසින් මුද්‍රණය කෙරුණු අතර එය බෙදා හැරීමට කටයුතු යොදා තිබේ.

එම පොත් පිංච සමාජගත කිරීම පසුගිය, ඔක්තෝම්බර් 01 දින සිදු කරන ලදී.

“අද ‘හොඳ මිනිසා’ නැගිටිය යුතු කාලය” බව මතක් කර සිටින වික්‍රමබාහු සහෝදරයා “මේ විදියට ඡන්දයෙන් පත්වෙච්ච රජයක්, තමන්ගේ ජනතාව භුක්ති විදින ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කඩා කප්පල් කරල විනාශ කරන එක මීට කලින්  ලෝකයේ සිදුවෙලා තියෙන්නේ හිට්ලර්ගේ යුගයේ විතරයි.” යි සිය ලේඛනය මඟින් පෙන්වා දෙයි. මෙම අවස්ථාවේදී මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, වෘත්තීය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ සහ අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ කමිටුවේ කැදවුම්කරු සුන්දරම් මහේන්ද්‍රන් අදහස් දැක්වූ අතර, එම වීඩියෝව පහතින්.

“20” – මේ විපතෙන් ගැලවෙමු – බාහු
“20- මේ විපතෙන් ගැලවෙමු” එලිදැක්වීම – ප්‍රියන්ත වික්‍රමසිංහ

“20” – இந்த ஆபத்திலிருந்து விடுபடுவோம – சுந்தரம் மகேந்திரன்

සබැදි ලිපි

You may also like...

4 Responses

  1. 2020-10-08

    […] 20 – මේ විපතෙන් ගැලවෙමු […]

  2. 2020-10-10

    […] 20 – මේ විපතෙන් ගැලවෙමු […]

  3. 2020-10-18

    […] 20 – මේ විපතෙන් ගැලවෙමු […]

  4. 2020-11-24

    […] 20 – මේ විපතෙන් ගැලවෙමු […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.