ගෝලීයකරණයේ වර්ධනය, ඇමරිකාව හා චීනය

Stairs Building Businessmen  - fietzfotos / Pixabay
fietzfotos / Pixabay

ලෝකයේ ගෝලීයකරණය තුළ විශාල ක්‍රියාකාරීත්වයක් ඇති වුනා. විශාල යන්ත්‍ර සූත්‍ර, වාහන ආදී කාර්මික වැඩ ගොඩගැහෙන අතර, වැඩ අවකාශය දිගට හරහට උඩට යන හැම පැත්තෙන්ම විශාල වුනා.

ඒ විදියට ක්‍රියාකාරීත්වය සමඟ මිනිසා සිටින වැඩ අවකාශය විශාල වුනා. තැනකට යනවිට අපට පේන්නේ පොළවට වඩා, තට්ටු මඟින් ඉහලට හරහට පහලට යන මිනිසා සැදූ අවකාශය යි. ලෝකය දිගට හරහට ඇතුළුව ඉහලට පහලට විශාල වෙමින් මහා ක්‍රියාකාරී ලෝකයක් මතු වුනා.

මේ වැඩ අවකාශය සමඟ මිනිසා හැම අතටම ගමන් කරනවා. වැඩ අවකාශය තුළ නොයෙකුත් වැරදි වැඩ පැතිරීමත් විශාල වුනා.

එක් දිශාවකට පමණක් තිබුණ මිනිස් ක්‍රියාකාරකම් ලේසියෙන් සොයා බැලීමට හැකිව තිබුනත් මේ අළුත් ක්‍රියාකාරීත්වය  නිසා දැන් ඒකට ඒකට වෙනම ආයතන ගෙන ඒමට සිද්ද වුනා.

නීති රෙගුලාසි පොලෝ තලයෙන් ඉහලටත් පහලටත් දිග්ගස්සන්න සිද්ද වුනා. හොරකම දූෂණ අලුත් වුනා. එයට වෙනම සම්මත සකස් කරන්න සිද්ද වුනා. පරණ රාජ්‍ය යන්ත්‍ර වලට වඩා ඉතා සියුම් වැඩ රාශියකින් සමන්විත සිවිල් පාලන ක්‍රම, සොයා බැලීම් මට්ටම් හා විවිධ රහස් හා උප්පරවැට්ටි යොදන්න සිද්ද වුනා.

මෙයින් පරණ රාජ්‍ය යන්ත්‍රය බිඳ වැටිල, නම්බුව වංශය ආදිය ඉවත දමා නූතන නාම වලින් සොයා බලන හා හරස් කපන, නැතිනම් අත්අඩංගුවට ගන්න සිල්ලර තියුණු යන්ත්‍රයන්, රජය ලෙසට වැඩි දියුණු වුනා.

එදා රජ කාලය තුළ භාවිතා වුන වචන තවමත් තිබෙන මුත්, එහි අරුත වෙනස් වෙලා. වෙනම කටයුතු බවට පත්වෙලා. වැඩ අවකාශය උස, පළල, දිග ලෙසට නොව, විවිධ සමාජ සංවිධාන හා වැඩ සටහන් ලෙසට මුහුණු එලි කරලා, නව ලෝකය ඒ අනුව දිග පළල නොව, විවිධ ඉරියව් සොයා බලන තැනට පත්වෙලා.

රහස් සංවිධාන, සොයා බැලීම් තන්ත්‍රයන් ඕනෑම කෙනෙක් තුළට හෝ වැඩ සංවිධානයක් හෝ කොම්පැනියක් හෝ රජයේ අංශයකට යොදා ගත හැකි වන ලෙසට ක්‍රියාත්මක වෙනවා. ඒවා නීතිගත සංවිධාන ලෙසට බහුතර වැඩ කොටසක් බාර අරන් තිබෙනවා.

පසුගිය මැතිවරණයේදී ඇමරිකාවේ එලිමහන් ඡන්ද වැඩට වඩා ඇතුලත ඡන්ද සංවිධාන විශාල වැඩකොටසක් කළා. තවමත් හරියටම ඡන්ද ප්‍රතිඵල සියල්ලෝම පිළිගන්නවාද කියන ප්‍රශ්නයත් තිබෙනවා.

අපි දන්න එලිමහන් දිසාවන් වලත් බැලුවහම, ඡන්දය ඉවරයි. ඒත් බයිඩන් ජනපති වුනාය කිව්වට, විශාල අවුලක් තියෙනවා.

මේක විහිළුවක් නොවෙයි. ඇමරිකාව තුළ පැසවන අවුලක් තවම තිබෙනවා. එහි ඉස්ම අරන් දාලා වේලිලා යන තැනට පියවර ගත යුතුයි.

යම් වැඩකොටසක් කරන්නට භාරගත් ආයතනයක් එම කාර්යය හරියටම කළාද සොයා බැලීමට පිළිගත් ආණ්ඩු නොවන සංවිධාන බිහිවෙලා තිබෙනවා, ලියාපදිංචි ආයතන ලෙසට. ඒවායේ සොයාගැනීම් රටේ නීති අනුව දියත් කරනවා. එයට වැඩ ඉටු කළ සමාගම් මුහුන දිය යුතුයි, එය වෙනවා. එය ස්වාධීන සොයා බැලීමක් ලෙස සියළු දෙනා පිළිගත යුතුයි.

මේ විදියට වෙළඳපල තුළම හරි වැරදි බැලීම සිදු වෙනවා. රජයේ ආයතන වැඩ කෙරුවත්, ඒවත් සොයා බැලීමට රජයේ ආයතනයන් එතන ඉන්නවා.

මෙය වෙළඳපල ක්‍රමය ලෙස අනුමතයි. මෙය සාමාන්‍ය වෙළඳපල ප්‍රධාන වූ රටවල ක්‍රමය යි. ඒවා අප රට තුළටත් එක් වෙමින් තිබෙනවා.

මොකද අද වන විට සමාජවාදී ලෙස පිළිගත් රටක් නැති නිසයි. එලෙස කථා කරනා රට චීනය වුනාට, චීනය ඉතාම අධිපතිවාදී පාලනයක් තුළ සිටින විනාශකාරී පැලැන්තියකට යට වුන රටත් ලෙස එලි වෙලා තිබෙනවා. එනිසා චීනය මුල ලෙස සළකන රටක්, ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙසට පිළිගැනීමක් නැහැ.

ලංකාවේ පාලකයින් චීනය අනුකරණයට ගොස් විශාල වලක වැටී ඇති ලෙසක් පෙනෙනවා.

මේ ගැන විවේචන තද වී තියෙනවා. ඒකාධිපති ලෙසට ලංකාවට මුදල් ලබා දී අයුතු බලපෑමෙන් රටෙන් කොටසක් අත්පත් කරගැනීමට යන බව ප්‍රකාශ වී ඇත.

මේ බව පාලන ආණ්ඩුවටත් පිළිගැනීමට සිදුවී ඇත. එනිසා එම තත්වයෙන් එලියට ඒමට ක්‍රියා කළ යුතුය යන අදහස දැන් රටම වෙලාගෙන තිබෙනවා.

චීනයට විරුද්ධව රට පුරා ප්‍රචාරයන් ඇති අතර, රට කරවන පක්ෂයේ ප්‍රධාන උදවියද මේ තත්වය පිළිගෙන, එයින් වෙනස් විය යුතු බව ප්‍රකාශ කර ඇත.

ලෝක ජන මතයද චීනයට විරුද්ධව නැගී එන බව පෙනේ. ඒ රට තුළ දරුණු මර්දන ඇති බව බොහෝ දෙනා පිළිගන්නවා.

එම කාරණාව යුරෝපය ඇතුළු බටහිර ලෝකයට පැතිර තිබෙනවා. ඉන්දියාවද එයට සහය පළකර ඇත. ලොව පුරා ඇමරිකන් ජනපතිට සහය දෙනවා මෙන්ම, චීනය යටපත් කිරීමටත් උද්ඝෝෂණ නැගී එන බව පෙනේ.

මෙය යුධ තලයට නොගෙන, ඉන් පිටත විසදුම් දිය යුතු ප්‍රශ්නයක් ලෙස සළකා ඇත.

විවිධ වෙනත් චෝදනා චීනයට එල්ල කර ඇති අතර, කොරෝනාව ගැනද එවන් අවලාදයන් ඇත.

එසේ මුත් මෙවන් අවලාදයන් තුළින් චීනය දිය කළ නොහැක. ඇත්ත තත්වය සොයාබලා එලිදරව් කිරීමට ලෝකයම යොමු විය යුතුයි. මේ හඬ සැම දෙසින් ගලා එනු පෙනේ.

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න  

You may also like...

Leave a Reply

Your email address will not be published.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.