චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම – භාෂණයේ නිදහස අහිමි කිරීමේ නව ස්වරූපයක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පෝස්ටුවක් බෙදා ගැනීම හේතුවෙන්, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමේ නව ස්වරූපයක් බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
චමිල ජයසිංහ විසින් සිය ෆේස්බුක් ගිණුමේ බෙදාගත් අදහස් දැක්වීමක් මහජන කැළඹීමකට හේතු වු බව සඳහන් කරමින් ඔහුගේ සහ බිරිඳගේ ජංගම දුරකථනද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සිදුවීම, අදහස් දැක්වීමෙන් හා විවේචන එල්ල කිරීමෙන් වැළකී සිටිය යුතු බවට රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන අඳුරු බිය ගැන්වීමේ සංඥාවක් ලෙසත්, මෙය සයිබර් අපරාධ මැඩලීමට ඇති නීති උපයෝගී කරගනිමින්, මූලික අයිතිවාසිකම් සීමා කිරීමේ ප්‍රයත්නයක් ලෙසද සැලකිය යුතු යැයි තමන් විශ්වාස කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දෙයි.
“රාජ්‍ය සේවකයින්ද පුරවැසියන් ලෙස ව්‍යවස්ථාවෙන් හිමිව ඇති සෑම අයිතිවාසිකමක්ම අනුල්ලංඝනීයව භුක්ති විඳීමට හිමිකම ඇති පිරිසක් සේ සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙවැනි සිදුවීම් සමාජයේ පිළිකුලට භාජනය විය යුත්තක් ලෙස සළකමින් හෙළා දකියි.”
දණ්ඩනීති සංග්‍රහයේ 120 යටතේ ‘රජයට එරෙහිව ජනතාව කුපිත කිරීම‘ යන චෝනාව මත අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු චමිල ඉන්දික ජයසිංහ ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, පොලිසිය විසින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කරන ලද ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැදවුම්කරු සීතා රංජනී සහ ලේකම් ලසන්ත ද සිල්වා ගේ අත්සනින් යුතු මාධ්‍ය නිවේදනය පහතින්.
Chamila