කථිකාව වැඩි වෙන තරමට අවුල් නැතිවෙනවා – බාහු

People Sitting Chairs In Front  - Free-Photos / Pixabay
Free-Photos / Pixabay

රෝගී තත්වය තුළ මනුස්සකම එලියට එනව කියල කියනවා.

මේ කතාවේ ඇත්තක් තියෙනව වුනත් මේ දුක තමන්ගේ වාසියට හරවගන්න හිතන අයවලුන්ගේ අඩුවක් ඇතැයි සිතන්නත් බෑ.

මිනිස්කම එලියට එන එක නැති වුනොත් ඇත්තටම සමාජයම බිඳ වැටෙනවා.

මේ වෙලාවේ විශාල වගකීමක් තිබෙනවා නායකයො කියන අයට.

දේශපාලන නායකයන්ට පමණක් නොවෙයි, විවිධ ආයතන වල ඉහල නිලධාරීන්ට තද යුතුකමක් තියෙනව තමන්ගේ දැනුම අනුව, නීතිය නැතුව හරි සාධාරණ තීන්දු අරගෙන වැඩ කරගෙන යන්න. ඒක සිදුවෙනව කියනවා.

රජයේ සියළු අංශ වල ඉහල නිලධාරීන් සියල්ලෝම පාහේ සරසවි අධ්‍යාපනය ලැබූ අය. ඒ අතර දිගටම සමාජ වැඩ ගැන සාකච්ඡා වලට සහභාගි වුන අය.

දැන් මුහුනු පොත, ඉන්ටර්නෙට්, ටෙලිවිෂන් ආදී අලුත් සම්බන්ධකම් ජාල ඇති වෙලා තියෙනවා. ඒවා තුළ ඉතා ගැඹුරට සාකච්ඡා යනවා එදිනෙදා කටයුතු හැම දේ ගැනම. මේවා දිහා බැළුවහම මනුස්සකම ඉහලට යනව කියන්න පුළුවන්.

ඒත් මේ දියුණුවම වංචාවන්ට, බිය ගැන්වීම් වලට, කපටිකම් කිරීමට යොදාගන්න පුළුවන්.

කෙසේ වුනත් අද මිනිසාට අදහස් ගන්න විවිධ දිසාවන් තිබෙනවා. කථිකාව වැඩි වෙනව නම් සුද්ද වෙනව මිස අවුල් වෙන්නේ නැහැ.

මේ විදියට සුද්ද වෙන දේ විනාස කිරීමට උගුල් අටවන අය ඉන්නවා. නමුත් ඒවා වැඩි කල් තියෙන්නේ නෑ. කොයි ජාලයත් වංචාව හදුන ගන්නවා. ඒ අනුව පහර දීම කරනවා.

ඒ නිසා යන්ත්‍ර දියුණු වීම ගැන සැක කරන්න බෑ. මිනිසාට උඩින් ඉන්න යන්ත්‍ර හදන්න බෑ. හැදුවත් එය මිනිසා මගින්ම විනාශ වෙනවා.

මෙහෙම තත්වයක් තුළ ඇයි පහසුවෙන් අපට එලියට යන්න බැරි? ඒ දේ ගැන එදා සිටම දැනුම් තේරුම් තිබුන අය කියල තියෙනවා.

තමන්ට දැනුන සත්‍යය, තමන්ට ලැබුනේ දේව බලයකින් කියල හිතලත් තියෙනවා. එහෙම හිතුවත් දැක්ක දේ ඇත්ත නම් එය සමග සාකච්ඡා ඇති වෙනවා.

බොරු කියල රවට්ටන්න එපා, වද හිංසා කරන්න එපා ආදී මූලික පාඩම් දහයක් පමණ අදට වෙනකම් බිහිවුන සියලු දැනුම් තේරුම් ඇති අය යලි යලිත් කියල තියෙනවා.

මිනිසත් කමට කිව්වා කිව්වත්, නැතිනම් දෙවියන් මගින් ලැබුණ පණිවිඩයක් කියල කිව්වත්, ඒවා මිනිසාම ලබාගත් දැනුම ලෙසට අද වෙනකොට ලොව පුරා පැතිරිලා තිබෙනවා.

එතකොට මේ උපදෙස් කියාදෙන්න උවමනා නෑ. නිකම්ම සමාජය තුළින් මතු වෙනවා. මොකද මිනිස්කම දිගට කථිකාවන් හරහා ගමන් කරන නිසා.

අමාරු වෙලාවට මෙය යලි උපදින විට එම පුද්ගලයා තමන්ට ආපු දේව නියෝගයක් කියල හිතන්න පුළුවන්. ඒ වුනත් එය පරම්පරාගත දැනුමම යලි මතුවීමක් පමණයි.

ඒ මතය ආපු චරිතය යම් හැසිරීම්, යම් කටයුතු වල යෙදෙමෙින් වැඩ කරමින් සිටි නිසා, ඒ් අත්දැකීම් මගින් පැරණි මතයට සමීප වුනා වෙන්න පුළුවන්. කොහොමත් සාමාන්‍ය තර්කයට අනුවත් හොරකම, මිනීමැරීම ආදිය නොකළ යුතු බව තේරුම් යනවා.

මේ නිසාම අද දියත් වෙලා තිබෙන වැඩපිළිවෙල නිසි ලෙසට කරගෙන යන්නට සමාජ තන්ත්‍ර, දේශපාලන පක්ෂ, රජයේ පඩි ලබන තන්ත්‍ර, විශාල පුද්ගල ආයතන වල තන්ත්‍ර මේ ලෙසට වැඩ කරගෙන යන්න පටන් අරන් තියෙනවා.

මේ රෝගය ගෙන ඒමට මුල්වුනා කියන සමාගමත්, එයට වගකීම ඇතත් නැතත් දැන් කෙලින් වැඩ කරගෙන යන්න ඉදිරිපත් වෙලා තියෙනවා.

සමහරු මේ මිනිස්කම හදා ගැනීම තුළ යාග හෝම කරන්න, පූජා පැවැත්වීම, කන්නලවු කිරීම, දෙවියන්ට භාර වීම, මනුත්‍ර ජප කිරීම ආදී නොයෙක් කටයුතු කරගෙන යනව.

බුදුන්ගේ මතය අනුවත් මේ වැඩ මෝඩ කමට කරන කියන දේවල් ලෙස සලකන්නට පියවර කිහිපයක් ඉස්සරහට යන්නට වෙලා තියෙනවා.

එවැනි යන්ත්‍ර මන්ත්‍ර සොයා යන අයට එලිපිටම මිනිසුන් හිනා වෙනවා. මොකද ඒ සමාන්‍ය මිනිසුන් පවා වටහාගෙන ඉවරයි මේ වගේ මෝඩකම් වලින් හොදක් වෙන්කෙ නෑ කියල. ඇත්ත ඇති සැටියෙන් බලාගන්නට, වටහා ගැන්මට ඒ වැඩ තුළිනුත් ඉඩකඩ ඇති වෙලා.

කොහොමටත් බුදුන් දෙසූ බණ නිසි ලෙස බෙදා හරින රටක, බොරු ජාවාරම් වැඩ කල් නොගොස් එලි වෙලා, ජනතාව වෙන අත් දිහා බලනවා. ඒ විදියට සමාජය පන්සල පහත් තත්වයකට ඇදිල තියෙනවා.

තරුපෙල ඉදිරියට ඇවිත් පන්සල් වල මහා ජාවාරම් කිරීම නවත්වලා තියෙනවා. මේවා ගැන දැන් ටෙලි නාට්‍ය කථා හදල පොඩි සාදුලාගෙන් ඇත්ත මග එලිකර පෙන්වීම කිරීමේ කාරණයට යෙදිල තියෙනවා.

දැන් තියෙන තත්වයට අනුව මේ දේවල් හරියට එලි කිරීමේ යුතුකම කරදිය යුතුයි කියල කාවදිනවා. ඒ අනුව විද්වත් මඩුලු හරහා ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දීමට කටයුතු යෙදිල තියෙනවා.

දෙවියන් ගැන හිතල කිව්වත් යථාවාදී සිතුම් පැතුම් වලින් මතු වුනත්, මිනිස්කම මිනිසා බිහිවුණ දින‌යේ සිට අද දක්වා ලබාගත් සදාචාරයට ඈදාගන්න දේ ඒ ලෙසටම එලියට ඇදෙන්නම වෙනවා. හැම ආගමකම තිබුන මිනිස්කම මතුවෙලා ඇවිල්ල තියෙනවා. දෙවියන්ගේ මතය කිව්වත්, පල්ලියේ මතය කියල කිව්වත් අන්තිමේදී එකම බණ පදයක් මනුස්සකම තහවුරු කරමින් මතු වෙනවා.

එතකොට තමා අපට කියන්න වෙන්නේ මේ සෑම සම්ප්‍රදායක් තුළම එන මනුස්සකම ගැන නීති මිනිසා විසින් ම තහවුරු කරගෙන ඇති බව එලියට ගන්න සිද්ද වෙනවා කියල.

සියළු උපකරණ තුලින් වඩාත් පෙරාගෙන අප ඇත්ත සදාචාර ප්‍රතිබිම්බයන් තැන්පත් කර ගන්නවා. එවැනි දෙයක් දැන් නිකම්ම ගලාගෙන යනවා.

ආගම් වෙනස් වුනත්, මිනිස්කම සඳහා ආචාර ධර්ම එකම දෙයක් ලෙසට ගොනුකර ගැනීමට හැකි වෙලා තියෙනවා.

මෙනිසා එය දේව බලයට වඩා බලවත්.

විවිධ දෙසින් ගලාවිත් එකම සදාචාරයක් මේ වන විට මිනිසා ලං කරගෙන තිබෙනවා. ඒවා පොත් වලට ගිහිං ඉවරයි. බොරු බෙදීම් වලට ඉඩ නොදිය යුතුයි.

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

2020.11.07

සබැදි ලිපි

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.