යැංකි ප්‍රජාතන්ත්‍රවාදය හා පොල්පොට් කොමියුනිස්ට්වාදය
ලෝක පරිමානව පසුගිය කාලය තුළ මතු වුන ආර්ථික සමාජීය වෙනස්කම් ගැන යලි යලිත් කල්පනා කළ යුතුව තිබෙනවා.
එදා සිට වාමාංශිකයන් ඇමරිකන් අධිරාජ්‍යවාදය කථාවේ ආරම්භය කරගෙන තිබුණ. විශාල ආර්ථික සමාජ බලයක් ඇති රට හැටියට, මුළු නව ලිබරල් ගමන තුළම මේ බලය ගැන මැදි කරල කථාව පටන්ගන්නට සිද්ද වුනා.
එය තුළින් ප්‍රබල සමාජ වර්ධනයක් බිහිවීම හැම තැනම උදා කරන අතර, හැම තැනම ඇමරිකාවට උවමනා ලෙසට ගෙනෙමින්” එය ගෝලීය ධනවාදයක් උදා කළා.
චීනය, රුසියාව තුළත් මේ බලපෑම ඉස්මතු වුන අතර, එයට යම් අභියෝගයක් වැටුනේ පොල්පොට් ක්‍රමයට ශක්තිමත් වුන “කොමියුනිස්ට්” රටවල් විතරයි.
ඒත් ඇමරිකානු ආධිපත්‍යයට මුහුන දීමෙන් ඇති කළ පොල්පොට් තන්ත්‍රය අතිශයින් බියකරු ඒකාධිපතිවාදයක් බිහි කළා. එම බියකරු ගමන තුළ දැඩි යාන්ත්‍රීකරණය තුළ හැම දෙයම කෙටි මගට ගැනීමට, සියුම් බව යට කරගනිමින් ගිය ගමන තුළ, මිනිසත් බව මකා දමන පද්දති වලට යාම නිසා, සියුම් මටසිලුටු බව අප අතරින් නැති වෙන තැනට පත් වුනා.
සියලු වම මෙයට යට වුන අතර, ජනතා විමුක්ති පෙරමුණ එයට නායක වුනා.
ඔවුන් එදා සිටම සමාජවාදය ගැන කථා කළේ ප්‍රජාතන්ත්‍රවාදය ඉවත දමලයි.
එවැනි සමාජවාදයක් – සමාජ වදකාගාරයක් වන බව ට්‍රොට්ස්කි, ලෙනින්, මාර්ක්ස් පෙන්වා දී තිබෙනවා.
චීනයට මාර්ක්ස් අහම්බෙන් හෝ ආවොත්, ඔහු එකහෙලාම සිරභාරයට ගනු ඇති අතර, ඔහු අතුරුදහන් වීමට ද හැකි බව දන්නෝ දනිති.
සමාජවාදය බිහිවුනේ නැත්නම් ඒකාධිපතිවාදය මතුවන එක පුදුමයක් නෙමේ
මේ ලෙසට ලෙනින් විසින් ඇති කළ ආරම්භය, ස්ටාලින් විසින් ඒකාධිපතිවාදයකට ඇද දැමීමෙන් ලෝකය තුළ නව බෙදීමක් ඇති කර තිබේ. එනම්, නව ලිබරල්වාදයෙන් ගෝලීයකරණය වුන ධනපති රටාවත්, සමාජවාදය නමින් ඇති වුන ඒකාධිපතිවාදී පොල්පොට් තන්ත්‍රයත් දෙපැත්තට බෙදී අප අතර සිටීමයි.
මේ දෙක තුළ පොල්පොට්වාදී තන්ත්‍රය, ගෝලීය ධනවාදී තන්ත්‍රයට වඩා බියකුරු බව දැන් දැන් බටහිර විද්වතුන්ට පිළිගන්න සිදු වෙලා තියෙනවා.
ධනවාදය මෝරා සමාජවාදය බිහිවුනේ නැත්නම් දැඩි ලෙස සංකේන්ද්‍රිත ගෝලීය ධනවාදයත්, එයට ගැටෙන මිනිස්කම බිඳගෙන මතුවන ඒකාධිපතිවාදයන් ගැන අපට ලෙනින්, ට්‍රොට්ස්කි, හා රෝසා පැහැදිළි කර තිබෙනවා. ඒ නිසා එය පුදුමයක් නෙමේ.
අප කළ යුත්තේ බුදුන් කී ලෙසට ඇත්ත ඇති සැටියෙන් වටහා ගැනීමට, පැරණි මතවාද වලින් වර්ධනය වී, අලුත් අදහස් සොයාගෙන ඇත්ත වටහාගැනීම යි.
මේ ගමන යන විට අප අලුත් දේ අලුත් දේ ලෙස පිළිගත යුතුයි.
ගෝලීය ධනවාදය හා ජාත්‍යන්තර බහුජාතික සමාගම් වල ඇති කළ ඒකාබද්ධ කිරීම්ද, අනෙක් අතට එයට විරුද්ධ බව පෙන්වමින් මිනිස්කම යටකරමින් මතුවුන පොල්පොට් තන්ත්‍රගත වීම අප එකට වටහා ගත යුතුයි.
වෙනස පුදුමයි. ගෝලීයකරණය වුන ධනවාදය තුළ අපට නව විප්ලවයක් දකින්න හැකි වුනා.
ඇමරිකාව ගෝලීය ධනවාදයේ මුලසුන ගෙන ඇති කළ එක්සත්වීම මිනිස්කම යලි බලවත් කර දැක්වූවා.
සමහරු ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන වීරකතාවන් කියන තැනට පත් වුනා. ඒත් ඇමරිකාවේ මහා නිර්ධන බලවේගය ලෝකයටම ආදර්ශයක් දෙමින් ගෝලීය ධනපතික්‍රමයේ අගතිගාමී ප්‍රවනතා බිඳගෙන විප්ලවයන් දියත් කළා.
එය ලේ නොසැළුන මහා විප්ලවයක්. සමහරු ඩොනල්ඩ් විප්ලවයක් දියත් කළා කීවත්, ඇත්ත ඔහු ධනවාදයේ වැටීමේ රංගනය දියත් කිරීමයි.
ඔහුට විරුද්ධවීමේ තනි වීරයෙක් නෑ තමයි. නමුත් කිසිදා හෝ දිනන විප්ලවයක් ඇමරිකානුවන් ලෝකයට දියත් කර හමාරයි.
එය ජෝ බයිඩන් හා දේමළ වීර ගැහැණියවත් එකතුවී කථා බස් කර දියත් කළ දෙයක් නොවෙයි. ඇමරිකන් මෙන්ම ලෝක කම්කරුවන්, විද්වතුන්, මාර්ක්ස්වාදීන් එකිනෙකා හදුනාගැනුනු නිසගයෙන් දියත් වූ විප්ලවයක්.
ලොකු නායකයින් නැතිකම ම තමා එහි සුන්දරකම. එය ඒ නිසාම ප්‍රජාතන්ත්‍රවාදීයි.
විප්ලවයේ ආසියානු දිග හැරීම
මේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ආසියානු දිග හැරීම ඉංදියාව හා පකිස්තානය මගින් පටන් ගත යුතුයි.
දැන්ම පකිස්තාන ඉංග්‍රීසි නායකයා එයට කෙටි පියවර ගණනාවක් තබා තිබෙනවා. නමින් මුස්ලිම් වුනත් පකිස්තාන නායකයා නියම ඉංග්‍රීසි කාරයෙක්.
විකසිත නොවන මුස්ලිම් සම්ප්‍රදායන් බිඳගෙන, මේ සුද්දා අලුත් විප්ලවයක් සඳහා පියවර අරගෙන තිබෙනවා. එයටම ඈදිලා දෝ ඉංදියාවත් අලුත් දේවල් දකින්න පටන් අරන් තිබෙනවා.
පකිස්තානු සුද්දා ඇත්තටම ඉංදියාව ගැනත් හරිවිදියට බලා පියවර ගන්න බවයි පෙනෙන්නේ.
මෙලෙසට චීන පාතාලයට මුහුන දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය සමඟ ගමන ඇරඹුවොත් අපටත් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයෙන් උදව්වක් ලබා ගන්නට පුළුවන් වේවි. ඒ සඳහා හරි දැක්මක් ඇතිව ගමන ඇරඹිය යුතුයි.
ලොකුම කාර්යය වන්නේ ඇමරිකන් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ලෝක පරිමානව විහිදී යන රැල්ල හරියට ගණන් බලා ගැනීමයි. එය අනුව පොල්පොට්වාදී විනාශකාරි ගමන නවතාලීමට වැඩ කළ යුතුයි.
හොර සමාජවාදී ගමනක් ගැන දොඩවන ජනතා විමුක්ති පෙරමුණ නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය පටලවාගෙන තිබෙනවා.
ඒ අයට අමතකයි ඇමරිකන් රටේ නිර්ධනයින් ඉතා උගත්, බලසම්පන්න බලයක් ලෙසට පසු කාලීනව හැඩ ගැසුනු බව. ලෝකය පුරා යන අදහස් විශාල වශයෙන් ඇමරිකාවෙන් එලියට ආවා.
සමාජවාදීන් ගේ අලුත් ගමනකට යැංකි සමාජවාදීන් පිළිසරණක් වුනා.
එදා අපි යැංකි කියල අවමන් කළ ජනතාව තුළින්ම ඉතා දියුණු අදහස් ඇති නූතන සමාජවාදයක් එලියට එන බව අප කල්පනා කළ යුතුයි.
– මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
සබැදි ලිපි
As long as Comrade Bahu understands
That Buddha was a fictional character.
Hi Anura, Thank you for expressing your views. We think irrespective of “Buddha” being fictional or not, there are many who believe in “his teachings”. Some of them are using “his name” for inciting hatred and that is against “his teachings” (or the teachings of the persons who compiled it). Hence, we cannot just keep Buddha aside, claiming “he” is a fictional character.
– Haraya –