චීනය, ඉන්දියාව සහ නැගෙනහිර ජැටියේ මිථ්‍යාව හා යථාව
කොළඹ නැගෙනහිර ජැටියේ කොටස් ඉන්දියාවට ලබා දීම ගැන කෑකෝ ගහන බලවත් උදවිය එහා පැත්තේ CICT ජැටියේ අයිතියෙන් 85% ක් රාජපක්ෂලා චීනයට භාර දීම ගැන කථා නොකිරීම පුදුමයක් බව මනෝ ගනේෂන් පෙන්වා දෙනවා. මේ විදියට අනෙක් තැන් වලත් චීනයට ඉඩ ලබා දෙන මේ ආණ්ඩුව, අපේ ලඟම නෑයාට පැවරීමට විරුද්ධව මර ලතෝනි දෙන්නේ චීනය පිරිසිදු මාවතක ගමන් කරන රටක් සේ සළකාගෙන කියලද කියලත් ප්‍රශ්න කෙරෙනවා.
මේක පිළිගත හැකි ඇත්ත තත්වයක් ද?
අද ඇමරිකාවේ ප්රජාතන්ත්රවාදී විප්ලවයේ ආනුභාවයෙන්, ප්රජාතන්ත්රවාදී රැල්ලක් ලෝකය පුරා ගලා යනවා. ඒ අනුව එදා ඇමරිකන් බලවතාගේ ගමන අද විශාල ලෙස වෙනස් වෙලා කියා අප පිළිගත යුතුයි.
ජෝ බයිඩන් ජනාධිපති ලෝකය පුරාම ප්රජාතන්ත්රවාදී බලවේගයක් ගොඩනැගීමට ආරාධනා කර තිබෙනවා. මෙයට මුළු යුරෝපයම සතුටු වෙලා තිබෙනවා. රුසියාව එයට එක් වෙලා තිබෙනවා. ජපානය, ඉන්දියාව සමඟ එක් වෙලා ආසියානු කලාපයට එවන් බලයක් දියක් කරන්නට උනන්දු වෙනවා.
ඇමරිකාවේ වැඩ කරන ජනතාවගේ අවදි වීමත් සමඟ ඇතිවුනු ඇමරිකන් ප්රජාතන්ත්රවාදී රැල්ලට අප ගරු කළ යුතුයි. පරණ ලෝකයේ පිංතූරය වෙනස්කර ගෙන අලුත් ලෙසට ඉංදියාව, ජපානය සමග ප්රජාතන්ත්රවාදී බලවේගයන් මතු කර ගැන්මට අප යොමුවිය යුතුයි.
ප්රජාතන්ත්රවාදී නිදහස් ගිවිසුමක් ලෙසට යෝජනාවක් තුළින්, ප්රජාතන්ත්රවාදී සංවර්ධන සැලසුම් සකස් කළ යුතුයි.
විප්ලවවාදී ලෙස ලෝකයේ නැගී එන රැල්ල සමග එක්වීමට අප රට තුළ පෙරමුණක් ඇති කරගැනීමේදී, ඉන්දියාව හා ජපානය සමඟ මිත්‍රකම වැදගත්. සංවර්ධනයට මාවත දැන් ඒ පැත්තෙන් ගලා එනවා.
පරණ හන මිටි “යැංකි පරයෝ ගෙදර පලයව්” සටන් පාඨ දැන්වත් අකුලාගත යුතුයි. ඒ වෙනුවට “යැංකි, යැංකි මෙහෙට වරෙන්, එකතු වෙලා සටන් කරවි” කියල අලුත් සටන් පාඨ දැමිය යුතුයි.
මේ වෙලාවේදී සතුරා වන්නේ කිසිම ප්රජාතන්ත්රවාදී ක්‍රමයකට කටයුතු නොකරන චීනය යි. චීනය දැනටමත් අලුතින් ඇතිවන ප්රජාතන්ත්රවාදී පෙරළියට විරුද්ධව කටයුතු කළා කියල හඬ නැගිල තිබෙනවා.
චීනයේ පොල්පොට් සමාජවාදය
එදා ට්‍රොට්ස්කි කිව්ව ලෙසටම “ඒකාධිපති සමාජවාදය” අද වන විට මුළුමනින්ම වෙනස් වෙලා, පොල්පොට් ඒකාධිපතිවාදයක් ගොඩනැගිල තියෙනවා. එය හිට්ලර්ටත් වඩා බියකරු දෙයක්. ප්රජාතන්ත්රවාදය විනාශ කළ නිලධාරීතන්ත්රයක් ලෙස දුවන අලුත් බියකරු ගමනක් චීනය තුළින් දැන් ගලාගෙන යන බව අපට පිළිගන්න වෙනවා.
එය කාම්බෝජයේ ඇතිවුනු පොල්පොට් රජයට වඩා සිය ගුණයකින් වැඩි දරදඬු මිනිස් ගමනක්. මේ අනුව ලොව පුරා බියකරු දේශපාලන බලයක් ගොඩනැගීමට උත්සාහයක් පවතිනවා. එයට ප්‍රති විරුද්ධව ප්රජාතන්ත්රවාදී ජනරැල්ල උඩ අප යා යුතුයි.
මෙහිදී ඉන්දියාව වැදගත්. ඒ රට තුළ විශාල ප්රජාතන්ත්රවාදී බලවේග පාරට ඇවිත් තිබෙනවා. පාලකයන්ට ජනතා නැගිටීමට හිස නමන්න වෙනවා. ඉන්දීය පාලකයෝ පරාජිතයින් ලෙසට පස්සට තල්ලුවෙන තැනට පත් වෙලා. ඒ කියන්නේ ප්රජාතන්ත්රවාදී රැල්ල යට කර ගන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා අප ඉන්දීය නායකයන්ගේ ගමන ප්රජාතන්ත්රවාදී බලවේග වලට යට කර දීමට අප කටයුතු කළ යුතු වෙනවා. එහිදී ඉතා සියුම් උපක්‍රමශීලී සැලසුම් වලින් වැඩ කළ යුතු වෙනවා. රට තුළ විසිර තිබෙන ප්රජාතන්ත්රවාදී බලවේග සමඟ අප කටයුතු ආරම්භ කළ යුතුයි.
ලොව පුරා පොල්පොට් පාලකයින් එලිදරව් කරමින් දැනට පැතිරෙන චීන පොල්පොට් බලය මෙල්ල කිරීමට අප මැදිහත් විය යුතුයි. ඒ සඳහා ලංකාව තුළ චීන පොල්පොට් බලයට විරුද්ධව ප්රජාතන්ත්රවාදී කඳවුරු නැගී සිටින තැනට වැඩ කළ යුතුයි.
විසකුරු පොල්පොට්වාදයට විරුද්ධ සටන මේ යුගයේ මහා සටන ලෙසට වැඩිදියුණු වේවි කියල හිතන්න පුළුවන්. බොරු කොමියුනිස්ට්වාදයට විරුද්ධ සටන, මිනිසාගේ ගැලවුමේ අන්තිම සටන බවට පත්වෙලා. ප්රජාතන්ත්රවාදය උඩ ඇරඹෙන ඒ සටන ගලා ඇවිත් ඉවර වෙන්නේ සැබවින් ලෝක සමාජවාදය ඇතිවීම තුළින් කියල හිතන්න පුළුවන්. මොකද ඇමරිකාවෙන් පටන් ගත් මේ පෙරලිය, දැනුම සමඟ කරුණාව, මෛත්‍රිය, මුදාතාව, උපේක්ෂාව එක්වෙමින් ලෝකය පුරා ගලායන ගමනක් ලෙසට දැනටමත් පෙනෙනවා.
ඇමරිකාව තුළ ප්රජාතන්ත්රවාදයට ජය
ජනවාරි 06 ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සකස් කළ සටන ඉතා බැරෑරුම් එකක්. එයට ක්‍රිස්තු දෙවියන්ගේ ආරක්ෂාව තියෙන්නේ ය කියන මතයක් තුළ ජනතාව දෙවියන්ට යදිමින් කරනා මහා වැඩක් ලෙස සකස් කරල තිබුණ. දෙවියන් දූවිලි වලාවන් තුලින් ඇවිත් ඩොනල්ඩ්ට රජකම දෙනවා කියලා යාඥා කරන්නට පිරිස් සකස් කරල තිබුන. යුධ තලයටත් මේ හඬ ගෙනිහින් තිබුණ.
මේ සියළුම පාපතර වැඩපිළිවෙලවල් නිර්ධනීන්ගේ මහා පිඹිදීමෙන් විනාශ වී, සී සී කඩව ගියා. ධනපති පංතිය දෙවියන් තමන්ට උදව් වෙිවි කියල යටි හිතින් හිතන තැනට දිරාපත් වෙලා තිබුණ. අන්තිමට දෙවියන් ඇත්තේ මිනිසත්කම තුළම බව පුපුරා ආපු ජනතා බලය විසින් පෙන්වා දුන්නා.
ජනවාරි 06 සටන ඒ විදියට ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දුන් සටනක් බවට පත්වුනා.
එහෙම වුනත් ඇත්ත වෙත යන ගමන ගිමන්හල් තුලට වී නැංවිය නොහැකියි. ඇමරිකන් ජනතාව සමඟ ලෝක ජනතාව එක්ව මිනිස් වර්ගයාගේ විමුක්තියට යන ගමන පහදා ගත යුතුයි.
මිථ්‍යාව සහ යථාව
ඇමරිකාවේ අද යථාවාදී දැනුම ලබා ගැන්මේ විශාල උවමනාවක් ඇති වෙලා තිබෙනව. දෙවියන් ගැන ධනපතියන්ගේ තිබූ විශ්වාසය බිද වැටීම තුළ ලෝකයේ පැවැත්ම ගැන දාර්ශණික වූ සාකච්ඡාවක් ඉතා ඉහලින් ගලා යන බව දැන් එන විස්තර වලින් පෙනෙනව. මිනිසාටම මිස වෙනත් යම්කිසි දෙවියකුට මිනිසාගේ ඉරණම මෙහෙයවන්න නොහැකි බවත්, එවැන්නෙක් නොපවතින බවත් දැන් දැන් පිලිගනිමින් තිබෙනව.
ඇමරිකන් පෙරලිය මගින් ලොවම අවදි වන දැනුම් තේරුම් වැඩපිළිවෙලක් ලෝකය පුරා ඇති වෙන එක දැන් පෙනී යනව. දියුණු කම්කරුවන් මෙන්ම, වෙනත් අයත් මේ පෙරලිය තුලින් බොරු අදහස් ඉවත දමල මිනිසාගේ වැඩ හා උවමනාව තුළ ලෝකය වටහා ගැන්මේ සාකච්ඡාව එළියට ඇදිල එනව.
ප්රතිගාමී අදහස් හා ඕනෑකම් තුළින් විවිධ ඇදහිලි සමාජගත වෙලා මිනිස් මොලයෙන් සොයා ගත හැකි දේ වටහා ගත හැකි දේ විනාශකොට යටපත් කර තැබීම කණගාටුදායකයි. දේව බලයෙන් ඇමරිකන් ඡන්ද විමසුම වෙනස් කළ හැකිය කියන අදහසින් පෙනෙන්නේ, එම දියුණු රට තුළත් ප්‍රඥාව යටපත් විය හැකි බවයි. මිනිස් ක්‍රියාකාරීත්වය තුල ලැබෙන ඵලය අදිසි බලවේග වලින් වෙනස් කළ හැකියයි සිතා විශාල මෙහෙයුමක් ඇමරිකාව තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම දියත් කළා කියන එක අද විශාල වශයෙන් සිතා බැලිය යුතු දෙයක්.
බුදුන් අවුරුදු 3000 කට පමණ පෙර ලෝකය දෙස බුද්ධිමත් ලෙස බලා මිනිසාගේ මිනිස් මොලයේ සෙවීම තුලින් ඇත්ත වටහා ගැන්මට කළ යෝජනාව, අවුරුදු සිය දහස් ගණන් වල් බිහි වෙමින් පැවතීම දුක්බර කථාවක්.
ඒ නිසා දැන් මිනිසා ලෝක යථාව අවබෝධ කර ගත හැකි සත්ත්වයෙක් ලෙස නිරවුල්ව දැක ගත යුතුයි. එබැවින් ඇමරිකන් පෙරලිය හා ප්රජාතන්ත්රවාදය සොයා යාම, මිනිස් ජනතාවගේ අන්තිම විමසුම දෙසට යොමු කළ යුතුයි.
මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
MY NAME VAMA BAHU AND I LIKE TO FIX MY NAME,
I AM HAPPY TO FIX MY NAME AS VAMABAHU IN ALL PLACES.