ප්‍රජාතන්ත්‍රවාදය පාළු වීමෙන් උපදින ෆැසිස්ට්වාදය
ෆැසිස්ට්වාදය බහුජන සහභාගිත්වයක් සහිත ව්‍යාපාරයක් ලෙස දියුණු නූතන කාර්මික රටක් තුළ ඇතිවිය හැකි පෙලගැස්මක් නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය පන්ති බලය හරහා ක්‍රියාත්මක නොවුන, ජාතික ප්‍රශ්නය නොවිසදුන රට වල මතුවන ගැටළු සහගත තත්වයක්. දියුණුු රටවල ජාතිවාදය ඇවිස්සූවත්, එහි බලසම්පන්න කම්කරු පන්තිය එයට විරුද්ධව සටන් කළ විට එක පහරින් පසු පසට වීසිවන ෆැසිස්ට් දූවිලි පමණක් ඇති වෙයි. ඇමරිකාමේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට ආ පසුව කලු ජාතිකයන්ගේ රැකියා ප්‍රශ්නය දෙස බලා, එක වරම කිව්වේ ඇමරිකන් සමාගම් මෙහි කම්කරුවන් අතරමං කර වැඩි ලාභ ගන්නට තුන්වෙනි ලෝකයට ආයෝජන ගෙන ගිය නිසා එය වහාම නවත්වන බවය. ඔහු ඇමරිකන් සමාගම් විසින් එතෙර දී හැදූ බඩු ඇමරිකාවට රැගෙන ඒමේ දී විශාල බදු දමන බවට තර්ජනය කළේය. ඇමරිකන් සමාගම් ආයෝජන ආපසු ගෙන එන බවට පොරොන්දු වී එය ක්‍රමයෙන් ක්‍රියාත්මක කර ගෙන යමින් සිටී. කළු ජාතික ගැහැනුන්ට වන වෙනස්කම් ගැන වාචාල කතා කියමින් සිටි ඩොනල්ඩ් කළු සටන්කාමී කාන්තා නායිකාවන් ගෙන්වා ගෙන ඔවුන් සමග පැය ගණනාවක් සාකච්ඡා කර තමන්ගේ දියණියත් ඒ අය සමග දේශපාලන කටයුතු වල යෙදෙන්නට සතුටු බව ප්‍රකාශ කළේය.
මේ ලෙසට ධනපති මහ රටවල් වල ජාතීවාදී මහ බලයක් යෙදීමට තරම් සුළු ධනේශ්වර පැවැත්මක් නැත. එය එදා උවත් මතු වූයේ ඉතාලිය හා ජර්මනිය වැනි ධනපති, ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය සිදු වී ජය නොගත් රටවල් වලය. ඒවායේ පසුපසට වැටුන ජනතාවන් අතර සුළු ධනපතියන් අතරින් විශාල ප්‍රශ්න ඇති වී තම ජාතිය ගැන දෙඩවිලි වලට පටන් ගත්තේ එහි ඉතිරි ගැමි ගොවි කොටස් ද නැගී සිටි නිසාය. ගැමි ගොවි ප්‍රශ්නයද, ජාතික ප්‍රශ්නය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයකි. මේ ගැන කැලඹෙන්නේ කම්කරුවන් නොව සුළු ධනපති කොටස් ය. නගරයේ සුළු ධනපතියන් කැළඹෙන්නේ ගැමි අයගේ හඩ අසාය. නැතිව තනි බලයක් නගරයේ සුළු ධනපති පංතියට ඇත්තේ නැත.
ලංකාව තුළ ගත්තත් ෆැසිස්ට් තාලයේ සටන කොළඹ, මහනුවර, කළුතර ආදී ප්‍රධාන නගර වල ලොකුවට ඇතිවෙන්නේ නැත. එය ගැමි තරුණ අසහනයට සම්බන්ධව ඇති වේ. ජනතා විමුක්ති පෙරමුණ රතු මුහුණුවරක් දමාගෙන සටන් බිමට ඇවිත් පළාත් සභා අපට එපා, දෙමළ සටන මරා දමව් යන සටන් පාඨ වලින් ක්‍රියා කළේය. මෙවැනි විකාරයන් බලවත් වුනේ මහ තැන් වල නොව ගම් පලාත් බදව ඇති නගර වලය. දහස් ගණන් මිය ගියේ ගම් වලය.
බාහු
සබැදි ලිපි
1 Response
[…] ප්‍රජාතන්ත්‍රවාදය පාළු වීමෙන් උපදින … […]