කොරෝනා සුව සහනයට පිටරටවල් දුන්න , කෝටි ගණනක මුදල් පොට්ටනියට මොකද වුණේ?

සේයා - අන්තර්ජාලයෙන්

අද 10 වෙනිදා උදේ සිරිකොතේ දී ඡන්ද අපේක්ෂකයන් හා ක්‍රියාකාරීන් ගේ රැස්වීමක් පැවැත්වුණා. මේක කොටස් වශයෙනුයි පැවැත්වූයේ. අපේ කාමරයට මාතර හා කළුතර අයව එකට දමල තිබුණා. රනිල් නායකත්වය අරගෙන සභාව ගෙන ගියා. උන්නැහේ තම කතාවේ දී අවධාරණය කළේ, තිබෙන අවකාශය තුළ  උපරිමව ක්‍රියා කළ යුතු බවයි. මේ රජය කොරෝනා සඳහා මෙරටට එවන ලද කෝටි ගණන් මුදල්වලට කළ දෙයක් පෙන්වන්නේ නැති බවත්, එය ඔවුන්ගේ ඕනෑ එපාකම් වලට වියදම් කර ඇති බවත් පෙන්නුවා. මාත් එතනදි පෙන්නුවෙ මෙරට මූල්‍ය ආයතන වල, ආයෝජනය කළ මුදල්  වලින් ලැබිය යුතු ගෙවීම් පවා නොදී තිබිය දී, මේ රජය ඉහත මුදල් ගසා කෑම නින්දිත බවයි. ඉතා අසරණ වී සිටින ජනතාවට, නැඟී සිටීමට දෙන මුදල් ගසා කෑම, අහස පොළොව නුහුලන අපරාධයක් බව හැමෝම පිළිගත්ත.

පක්ෂය අත්හැර ගිය ප්‍රේමදාස පිල ආපසු ගෙන්වා ගැනීමට උවමනාවක් නැති බවත් හැමෝම පිළි ගත්ත. ප්‍රේමදාසයන් ඉතා නින්දිත ලෙසට වැඩ කරන බව හෙලි වූ අතර, මා පැවසුවේ ගෝඨාටත් වඩා ජාතිවාදී  ලෙස, ක්‍රියාකිරීමට හැර ඔවුන්ට වෙන දිශාවන් නැති බවයි. විමල් වීරවංශ අනුගමනය කරමින්, සිංහල ජාතිවාදය මඟින් මහින්ද පිළට වඩා එහා යෑමට ඔවුන් ක්‍රියා කරන බව පොදු මතය වූවා. මෙවන් බංකොලොත් දේශපාලන නඩයන් කරට ගැනීමට සිතීම පවා විහිලුවක් බව තහවුරු වුණා. එජාපය එදා සිට ජාතීන්ගේ එක්සත්කම උඩ රට නැඟීමට කටයුතු කළ බවත්, එය  වීරවංශගේ ජාතිවාදී බිහිසුණුකම මඟින් යට කිරීමට බැරි බවත්, පිළි ගැනුණා. මේ රටේ ඉදිරි අනාගතයට අප වෙත පැවරෙන වැඩ කොටස කල්පනාවෙන් යුතුව, ඉටුවිය යුතු බව තව දුරටත් අවධාරණය වුණා.

අමාරුකම් මැද වුවත් ඡන්ද සටන ගෙන යා යුතු බව හැමගේ ම පිළිගැනීම වුණා. පරණ  සටන්කාර දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් ඇවිත් සිටින බවත් දක්නට ලැබුනා.

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න 

සබැදි ලිපි

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.