බෙදා වෙන් කළ නොහැකි; එකම මිනිස්කම

People Multiracial Diverse Hands  - Leejoann / Pixabay
Leejoann / Pixabay

අපිට සුද්දෙක් පාර තොටේදි හමු වුනොත්, අහල බලන්නටත් කලින් එංගලන්තෙන් වෙන්න ඇති කියල හිතනව. නැත්නම් යුරෝපයෙන් කියල හිතනව. ඒ වගේම පිටරටක දී අපිව දැක්ක සුද්දෙක් හිතන්නෙ ඉන්දියන් කාරයක් කියලයි. මට තියෙන අත්දැකීමෙන් මේ පිංතූරය මං ඒ එලි කළේ.

ඇත්තටම මේ විදියට හිතන ඒක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. සුද්දො යුරෝපයේ කියල අපි හිතන එක වගේම ඒ අය අප ඉංදියාවේ කියන එකත් සාධාරණයි. ඇත්තටම අපි ඉන්දියන්කාරයො නැතිනම් දඹදිව මිනිස්සු. තමයි. ඉංදියාව, පකිස්ථානය, ලංකාව සහ බංගලි දේසය ලෙසට බෙදිල හිටියත් අපි ඔක්කොම එක විදියට තමයි වෙන අයට පෙනෙන්නේ. ඒ කියන්නේ සුද්දො, චීන, නීග්‍රෝ ආදී මිනිසුන් අප ඔක්කොම ඉංදියාවේ කියල හිතනවා. මේ විදියට තීන්දු කරන එක වළක්වන්න බෑ. දඹදිව නැත්නම් මහා භාරතයෙන් එලියට එන අපට එක පෙනුමක් ඇති බව ඇත්ත කථාවක්.

හැබැයි අපි ඉන්දියන්කාරයො කියල කියන්න සමහරු මැලි වෙන්නෙ ඉන්දියන්කාරයන් ගැන පිට අය තුළ තිබෙන පිංතූරය ඒ තරම් හොඳ නැති නිසයි. එදා ඒ විදිය වුනත් දැන් නම් ‘ඉංදියා’ කියන සළකුණ ඉහලට ඇවිල්ල කියල මට හිතෙනවා. ඉංදියාව දුබල අසරණ පෑගුන රටක් කියල දැන් හිතන්න බෑ. ඉංදියාව ලෝක බලවතෙක් ලෙසට ඉදිරියට ඇවිත් ඉන්නෙ කියල පිළිගන්න වෙනව.

කවුරුහරි ඇහැව්වොත් “ඔබ ඉංදියානුද” කියල, “මං මහාභාරතයෙන්” කියල විහිලුවට මං කියල තියෙනවා. ඒක පිළිගන්නව වැඩි දෙනෙක්.

මිනිසා වර්ග ලෙසට කඩන්න බෑ. එකම මිනිස්කම තමයි තියෙන්නේ. එකම ලේ, මස් දහරින් හැදුන මිනිසා තමයි ඉංදියන්, චීන නැතිනම් මොංගෝලියන්, කාබෙරි, සුද්දෝ, යුදෙව්, අරාබි ආදී ලෙසට හදුන්වමින් බෙදා තිබෙන්නේ. පෙනුමට ඇති වෙනස්කම ඉතාම සුළු බව දැනුනත් භාෂාව, ආගම මුල්කොට බෙදෙන්නත්, ඒ ඒ කොටසට විවිධ හැසිරීම් ගොනු කිරීමටත් හැමතැනම පුරුදු වෙලා තියෙනවා.

කොයි තරම් විද්‍යාත්මක කරුණු දැන දැනත් මිනිස්කම බෙදල, ඒ අනුව සැළකීමට යොමු වීම ලොව පුරා පැතුරුණ නරක ගතියක්. පාට, පෙනුම, බාසාවටත් වඩා සලකන්නට යොමු වීම කණගාටුවට කරුණක්.

දැනටමත් සියළු ගෝත්‍ර හරහා විවාහයන් ගලාගෙන යනවා. ප්‍රේමය, ආදරය වැරදි අදහස් පරාජය කරමින් ගමන් කිරීම නිසාම මිනිසත්කම ජයගනිමින් සිටිනවා.

මේ විදියට මිනිසා විවිධ මුහුණුවරින් පැතිරී තිබෙන එක ලස්සනක් මිස අවලස්සනක් කියල කියන්න බෑ. ලස්සන, බලන කෙනාගෙ ඇසට මිස අනෙකාට වලංගු කරුණක් නෙමෙයි. නමුත් මිනිස් ඉතිහාසය තුළ පාට පෙනුම අනුව කල්ලි ගැසී යුද්ධ ඇති වෙලා තිබෙනවා. ඒත් එය විහිළුවක්.

කාර්මික විප්ලවයත් සමග ලෝකය පුරා තමන්ගේ නිෂ්පාදන වලට හංවඩු ගහල බෙදා හැරීම ඇරඹුනා. විකුණුම් බඩුව හොදද කියල තක්සේරු කෙරුවෙ හදපු රට අනුව.

වෙළදපල විසින් ඇති කළ අනන්‍යතාවයන් රැකගෙන වෙළදපොල සකස් කිරීම විසින් ඇති කළ තරගය ජාතික ප්‍රශ්න හුගක් ඇති කළා. එය සටනට මූලයක් වුනා. එකම භාෂාවක්, එකම ආගමක් ඇති ජනතාවනුත්, ජාතීන් අනුව නැගී සිටීමට පාර කැපුනා. මෙය පළවෙනි ලෝක යුද්ධය තුළින් ලෝක ප්‍රශ්නයක් බවට පත් කළා. මේ විදියට මිනිසා ජාතීන් අනුව වෙන වෙනම පෙළගැස්ම ලෝක සටනක් හැටියට විහිදී ගියා.

ඒ අතරම ඉංග්‍රීසි බාසාවට ලොකු තැනක් ලැබන්නට පටන් ගත්ත. ඉංදියාව, පකිස්ථානය, මැලේසියාව, අප්‍රිකානු රටවල් මේ ලෙසට ඉංග්‍රීසි ලෝකය තුළට ඇතුල් වුනා. තම රටේ බාසාවන් ලොකු කරගන්නට විවිධ ලෙසට බලපෑම් කළත්, ඉංග්‍රීසි රට තුළ පතල වීම නවත්වන්නට කිසිම ජගතෙකුට බෑ.

ලංකාව තුළත් සිංහල පමණයි කියල සිහල හඬ එලියට ආවත්, ලෝකය පුරා පැතිරෙන ඉංග්‍රීසිය යටපක් නර දමන්නට සිංහල බලයට හැකි වුනේ නෑ.

ලෝකය තුළ කොහොමත් දැන් ඉංග්‍රීසිය නවත්වන්න බෑ. යුරෝපයත් ඉංග්‍රීසියට ගියා. දකුණු ඇමරිකාව ස්පාංඤ්ඤ බාසාව යොදා ගත්තත්, උතුරු ඇමරිකාව ඉංග්‍රීසියට යට වෙන විට, වෙනම හිටින්නට බැරුව ඉංග්‍රීසියට යට වුනා. මෙලෙස ඉංග්‍රීසිය වැඩෙන විට අප රට තුළ ඉංග්‍රීසිය වැඩීම නවත්වන්න දැන් බැහැ. සිංහල; කලාවට, සාහිත්‍යයට, රචනාවට උවමනා වුනත්, ඒදිනෙදා ජීවිතයට ඉංග්‍රීසිය ඇතුල් වෙලා ඉවරයි.

විශේෂයෙන් නව තාක්ෂණය සමග කථා බහ තුළට දැන් ඉංග්‍රීසි දිනෙන් දැන ඇතුල් වීම නවත්වන්න බෑ. ඇත්තටම සිංහල පමණයි කියන මෝඩ හඩ ගැන ඒ උදවිය පසුතැවිලි වෙනවා.

ජපානය, චීනය වගේ රට වල පවා මොන්ගෝලියන් ඉතිහාසය අමතක කරල, ඉංග්‍රීසිය වැළඳගෙන හමාරයි. ඒ අය ඉංග්‍රීසියෙන් වැඩ කරන බහු ජාතික සමාගම් තුළින් ලෝකය පුරාම වෙළදාම් වඩාගෙන යනවා.

ලංකාව තුළ වුනත් රැකියාවල් ලබා ගන්නට නම් ඉංග්‍රීසි දැනුම අවශ්‍ය බව දැන් දැන් පෙනීගෙන යනව. සරසවි වලට ඇතුල් වන හැම කෙනාටම ඉංග්‍රීසියෙන් වැඩ කිරීමට හැකියාව ලබා දීම වහාම කළ යුතු දෙයක්. උපාධිදරයන් රස්සා ඉල්ලා හඬන්නේ ඉංග්‍රීසි දැනුම නැති නිසා. ඔවුන්ගේ උපාධිය මොක වුනත්, එයින් ඉහල දැනුමක් තියෙනවා. නමුත් දැනුම වෙළදපලට දමන්න බාසාව ඕනා.

අපේ දරුවො පාරවල් ගානෙ දැන් රස්තියාදු වීම මහ විහිළුවක්. බුද්ධිමත් දරුවො ඉංග්‍රීසි කට ගාගත්තේ නැති නිසා දුක් විදිනවා. විහිළුවට තද වෙන්නේ මේ රටේ ඉංග්‍රීසි බාසාව දන්නා උදවියත් ඉහල තලයේ කැරකැවී සිටි නිසයි.

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

2020.10.11

සබැදි ලිපි

You may also like...

1 Response

  1. 2020-11-17

    […] බෙදා වෙන් කළ නොහැකි; එකම මිනිස්කම […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.