මාගේ බුදුන්
මේ මහා පුරුෂයා සිටියේ ක්‍රිස්තුට අවුරුදු 600ක ට පමණ පෙර. මහමත්ට වඩා අවුරුදු 1,200 කට පමණ පෙර. ග්‍රීසියේ මහා පඩිවරුන්ට පෙර නැත්නම් සමකාලීනව. ආසන්න වශයෙන් දැනට අවුරුදු 3,000 කට පමණ පෙර කියල කිව්වත් පිළිගන්න වෙනවා. මේ තරම් ඉහතදී, මිනිස්කමේ ලදරුම දිනයන්හි දී මේ අපූරු මිනිසා ලෝකය ඇත්ත ඇති සැටියෙන්, මිනිස් ඇසින්ම බලාගැන්මට මුල් වුනා. එදා නිරවුල් කළ දැක්ම අපි තවම හරියට නොදැන ගාථා, සින්දු බවට පත් කරල පව් සිදු කර ගන්නවා. මෙයින් වෙන් වීමට කියලත් බොහෝ විට අපි කරන්නේ අවුලට පත් වෙන එකයි. රූපය තුළින් ඇත්ත බලා ගැනීමට නම් දිරා යන රූපය අතහැර වෙනස් වීම දැකිය යුතුයි. වෙනස් වීම, එම වෙනස් වීම නොනවත්වා ගමන් කිරීම උඩයි ලෝකය දැකිය යුත්තේ. ඇත්ත ඇති සැටියෙන් දැකිය හැක්කේ මේ වෙනස් වීම තුළින්. ඒ වෙනස් වීම තුළින් උත්පාත, තිථි, භංග යන ලෙසට ලෝකය ගලා යයි. ඒ අනුව සාමාන්‍ය දැනුම වෙනස නොතකා අරගන්න ඒ මොහොතේ දැක්ම යි. මේ මූලික ඥාන විභාගය බුදුන් වෙන් කර පෙන්වූවා. සරල ඇත්තත්, චලනයෙන් වෙනස් වන දහමත් වෙන් කරල පෙන්වූවා. සාමාන්‍ය විද්‍යාව සම්බන්ධයෙන් යථාවාදී දැක්ම වටිනවා. අද්භූත දේ යතාර්ථයෙන් වෙන් කරන එක ගැඹුරෙන් කිරීම වැදගත්. එයින් දකින ඇත්ත, උත්පාත, පැවතීම හා විනාශ වීම යන තුන් කල් විමසුමට ලක් කළ යුතුයි.
කාලාන්තරයක ඇවෑමෙන් මේ දැක්ම මිනිසා නැවත ලබා ගන්නේ හේගලයන්ගේ දයලෙක්තික විග්‍රහයෙන් පසුව යි. හේගල් එය ඉදිරිපත් කළේ දෙවියන්ගේ රීතිය හැටියට යි. මාර්ක්ස් එය යථා ලොවට ගෙනවිත් භෞතිකවාදී හේතු උත්පාදයට ගැට ගැසුවා. මෙය යුරෝපා ජයග්‍රහනය උඩ මෑතදී ජය ගත්තත්, දේව භක්තිය යුරෝපා දර්ශනයෙන් ඉවත් වුනේ නෑ. රසල්, කේන්ස් ආදී විද්වතුන් දෙවියන් සාකච්ඡාවෙන් ඉවත් කළත්, දෙවියන් සහ රජවරු තවමත් නූනත ධනවාදී දැක්මේ කොටසක්. එය විහිළුවලටත් ලකු වුනත් එය සදාචාර රාමුවක කොටසක් වෙලා. මේ අනුව බුදු දහම මේ රට තුළ පැවතීම, පිම්මක් ඉදිරියට පැනිල්ලක්. ඒත් එම පිම්ම තුළ බුදු දහම අපිරිසිදු කරන වල්පල් තොගයක්, බුදුන්ගේ යථා දැක්මට විරුද්ධ දහමක් ලෙසින් තිබීම කණගාටුදායකයි.
මේ වෙසක් දිනයේදී, බුදුන් හෙලිපෙහෙලි කළ යාථාර්තවාදී දැක්ම, හේතු උත්පාදය තුළින් සකසා ඇත්ත ඇති සැටියෙන් බලා ගැනීමට ජනතාව පෙළ ගස්සන සමාජයක් කරා මේ රට ඇදගෙන යා යුතු බව අපි තරයේ සිහිපත් කර ගනිමු. විශේෂයෙන්, කහ සිවුරු දාගෙන දැන දැනම, බොරුවට යටත් වී සිටින සාදූන් වහන්සේලා හරි මගට ගැන්මට අප වැඩ කළ යුතුයි. පන්සල බොරුවට ඉඩ දෙන විට, විමුක්තිය කෙසේ ලබා ගන්න ද?
බාහු
සබැදි ලිපි
4 Responses
[…] මාගේ බුදුන් […]
[…] මාගේ බුදුන් […]
[…] මාගේ බුදුන් […]
[…] මාගේ බුදුන් – බාහු […]