සමාජයට ඉදිරියට යා හැක්කේ බුදුන් හා මාර්ක්ස් පෙන්නූ සාමූහිකත්වය තුළින් පමණයි – බාහු (Video)
අද සමාජයට ඉදිරියට ගමන් කළ හැක්කේ සාමූහිකත්වය තුළ කටයුතු කිරීම තුළින් පමණක් බව මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා පෙන්වා දෙයි.
බුදුන් මෙන්ම මාර්ක්ස් ද පෙන්වා දී ඇති එම මාර්ගයේ ගමන් නොකර අද ලෝකය මුහුණ දී ඇති ව්‍යසනය ජය ගැනීමට අපට හැකියාවක් නොමැති බව පෙන්වා දෙන ඔහු, හුදු නිදහස් වෙළඳපළ ආර්ථිකයන් හා සංවිධානාත්මක ක්‍රමයන් මෙම ගැටළුවට පුහුන දෙන ආකාරය බැලූ විට එය පැහැදිළි වන බව ප්‍රකාශ කරයි.
මෙහිදී කරුණු දන්න බෞද්ධ භික්ෂූන් හුදු ලාභ ප්‍රයෝජන උදෙසා සත්‍ය අතහැර වෙනත් දේ පවසන බවට චෝදනා කරන ඔහු මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවෙන් ක්‍රියාත්මක වන මාතෘමූලික සමාජයක් තුළ මනුෂ්‍ය සමාජයේ අනාගතය රැදී පවතින බව පෙන්වා දේ.
සබැදි ලිපි
කන්නට හිතුනා ම කබරයා තලගොයා කර ගන්නා න්‍යාය ට වික්‍රමබාහු අවතීර්ණ වී ම අරුමයක් නොවේ. බංකොළොත් දේශපාලන දර්ශනයක් සමග අසාර්ථක ගමනක් දශක කිහිපයක් කාලය කා දැමූ ඔහුට වෙනත් විකල්පයක් ඇත්ද? යා දෙක නොරත රථ සමග පෑහීමක් නැත. භෞතික වාදය මත ගොඩ නැගුණු මාර්ක්ස් වාදය විඥාන වාදය හා බැඳුණු බුදුදහම හා ගැට ගැසීමට ගන්නා ප්‍රයත්නය ඔහුගේ නවතම ප්‍රයත්නය ද?
මාර්ක්ස්වාදය යාන්ත්‍රික භෞතික වාදී නොවන අතර, පරස්පරය තුළ වර්ධනය එනම් අපෝහක භෞතික වාදය මත ගොඩ නැගී තිබේ. ඒ වගේම බුදුන් වදාල දහම හුදු විඥාණවාදය අභිමවා නොනවතින වෙනස් වීම මත අනාත්ම සංකල්පයක් දේශනා කරයි. ඒ දෙකම ‘නැට්ටෙං’ අල්ලං තේරුම් ගැනීමට අපහසු වාද දෙකකි.
බාහු එදා සිටම සියලු ජාතීන් එක්සත් කර රට ඉදිරියට ගෙනයාම වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක්. එය බංකොලොත් වීම රටේ අභාග්‍යයයි. ඔහු සාර්ථක වුනා නම් මෙය වර්ගවාදී මස්කට්ටට පොරකන බල්ලන්ගේ රටක් නොව, බුදු දහමේ නියම අර්ථය ලොවට විදහා දක්වන, සහෝදරත්වයෙන් පිරුණු රටක්.
I can fully agree with the response of HARAYA.
I( am not familiar with SINHALA typing, so have to respond in ENGLISH)
Cool