බුද්ධ කාලීන ලෝකය

සේයා - අන්තර්ජාලයෙන්

අද සාදු කෙනෙක් බන කියන අතර, එදා බුදුන් හිටි කාලේ දෙවිවරු, මිනිස්සු හා යක්කු ආදී ලෙසට ලෝකයේ පැවතුන බව කිව්වා. ඇත්තටම එදා, දැනට අවුරුදු 2,600 කට පෙර පැවැති ලොව ගැන ඇති තොරතුරු අනුව මේ කියන ‘ලෝක’ වෙනත් දේශයන් බව පෙනෙනවා. එදා මිනිස්සු ලෝකය කියල කිව්වේ බුදුන් හිටපු අංග මගධ ප්‍රදේශයට බව පැහැදිළියි. එදා පර්සියාවේ, ඉහල දියුණු අධිරාජ්‍යයක් පැවතුනා. එය ඩේරියස් ගේ අධිරාජ්‍යය ලෙස සැලකුනා. මේ පර්සියානු, නැතිනම් ඉරාන අධිරාජ්‍යය සංවිධානාත්මකව සම්බන්ධකම් ඇති විශාල ලෝකයක්. පණිවිඩ හුවමාරු කරගන්නා, අභ්‍යන්තර ගමන් බිමන් සංවිධාන කරන ලද ලෝකයක්. මෙයට දේව ලෝකය කියල භාවිත කළ බව පෙනෙනවා. දෙදෙව් ලොවට අධිපති කිව්වේ ඩේරියස් රජු බවට පෙනී යනවා. ඒ පර්සියාව හා ග්‍රීසිය යන රටවල් දෙකම ඔහුගේ ආධිපත්‍යය යටතේ පැවැතුන නිසා විය හැකියි.

අනෙක් අතට මගධයට පහලින් තිබුන පෙදෙස් ද්‍රවිඩයන්ගේ යක්ෂ ලෝකය, නැතිනම් නාග ලෝකය ලෙස සැළකුව බව පෙනෙනවා. බුදුන් ලංකාවට වැඩම කළ විට මෙහි සිටියේ යක්ක, නාග උදවිය බව පැවසෙනවා. ඒ දෙමළ ජන කොටස් බව දැන් පිළිගෙන තිබෙනවා. මේ විදියට එදා පැවැති ජන සම්බන්ධතා හා නියම භූගෝලීය පිහිටීමත්, බුදුන් ඒ ඒ දේශ වලට ගොස් ඇති කළ ඇත්ත සම්බන්ධතාවයනුත් හෙලි කිරීමට බන කියන සාදුලා යොමු නොවීම විශ්මයක්. ඉතාම සත්‍ය, යථාවාදී විමසුම් වෙනුවට දේව ලෝකයන්, යක්ෂයන්ගේ අපායන් ගැන කථා කිරීම විශාල පාපයක්. එදා බුදුන් වැඩම කළේ කරත්ත, අශ්ව රථ හා ඔරු පාරු වලින්. ලංකාවට අහසින් වැඩම කළා කියනවා. එය එසේ සිදුවී තිබුන උනත් ඒක හාස්කමක් නොවේ. රාවණාගේ කාලයේ සිට මහ සුලං හමන අත බලල පාවෙන යාත්‍රා අහසට නැංවූ බව “වාරියපොල” යන නමෙන් අපට කියා දෙනවා. බුදුන් සමයේ තිබුනු ශිෂ්ඨාචාරය හින්දු බලය තුළ යට වෙලා ඇති බවට සමහරු ප්‍රකාශ කළත් ඇත්ත හෙලි කරන සෙවීම් රාශියක් දැන් දකින්නට තිබෙනවා.

කවුද හිතුවෙ ට්‍රෝයි හි හෙලන් (Helen of Troy) කතාව ඇත්ත කියල. මේ ගැන තතු දැන් කෙරෙන කැනීම් වලින් පෙන්නුම් කරනවා. ඔය බුදුන්ගේ කතා වල කියවෙන දේව, යක්ක උදවිය ගැනත් ඇත්ත දැනටමත් එළි වෙලා ඉවරයි. මේවායේ සත්‍ය කතාව, අද්භූත කතාවලට, මිත්‍යාවන්ට පසුව යට කෙරුණා. එදා සිටි සක්විති රජු ඉරාණයේ ඩේරියස් රජු බවට හදුනා ගැනීම ලොකු ජයක්. බුදුන් වැඩ හිටියේ දැනට වර්ශ 2600 එහා බව පිළිගෙන තිබෙනවා. ඇත්තටම බුදුන් ඉන්දියාව පුරා ගමන් කළා පමණක් නොවෙයි, ඉන් පිට දේශ වලත් බන කීමට වැඩම කරල තියෙනවා.

– බාහු –

සබැදි ලිපි

You may also like...

5 Responses

  1. සරත් says:

    එතකොට මාතෘ දිව්‍ය රාජයා ඕපපාතික වෙලා හිටියේ ග්‍රීසියේ ද? අපි නොදන්නා සහ අපට තේරුම් ගැනීමට පබ්බ බැරි සංසිද්ධි අපේ දැනුම් සීමාව තුල බහා තේරුම් ගන්නට උත්සාහ කරන විට එවැනි මනස්ගාත මතුවෙනවා.

  2. සරත් says:

    එතකොට මාතෘ දිව්‍ය රාජයා ඕපපාතික වෙලා හිටියේ ග්‍රීසියේ ද? අපි නොදන්නා සහ අපට තේරුම් ගැනීමට බැරි සංසිද්ධි අපේ දැනුම් සීමාව තුල බහා තේරුම් ගන්නට උත්සාහ කරන විට එවැනි මනස්ගාත මතුවෙනවා.

    • haraya says:

      ‘නොදන්නා හා තේරුම් ගැනීමට නොහැකි’ කියන්නේ තවම සොයාගෙන නැති කියන එකයි. මෙතෙක් ඉතිහාසඥයින් විසින් සොයාගෙන ඇති කරුණු අනුව තමා අපට දේවල් තේරුම් ගන්න වෙන්නේ. එසේ නොමැතිව අහසෙ ඉන්න මැජික් කාරයින් ටිකක් හිතින් මවාගෙන වැද වැද සිටීම මුග්ධ කම මිස අන් කිසිවක් නොවේ. කළ යුත්තේ සාධක සොයමින් සත්‍ය වටහා ගැනීමට උත්සාහ කිරීමයි.

  1. 2020-10-19

    […] බුද්ධ කාලීන ලෝකය […]

  2. 2020-10-25

    […] බුද්ධ කාලීන ලෝකය […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.