ලෝකයේ ගමන වෙනස් කළ මිනිසා – ලෙනින්
(ලෙනින් සහෝදරයාගේ 150 වන උපන්දින සැමරුම වෙනුවෙනි)
ලෙනින් ලෝකය හොල්ලපු දේශපාලන නායකයෙක්. ලෝකයේ පළමු වතාවට සමාජවාදී රජයක් නම් කළේ ඔහුයි. පැරිස් කොමියුනය නිර්ධනයින් සෑදූ පළමු රජය කිව්වත්, ඇත්තටම බලය තහවුරු වුනේ නෑ. එදා නායකයින් වාද කර කර හිටියා. ධනපතියන් ආපසු අල්ල ගත්තා ටික දිනකින්. මෙදා ඇත්තටම බලය ඇල්ලුවා. නිර්ධන රාජ්‍යයක් හැදුවා. ඒත් ප්රජාතන්ත්රවාදී විප්ලවය නිර්ධනීන් ලෙසට ක්‍රියාත්මක කරන්නට යද්දී නිලධාරිවාදයට යට වීමෙන් එය සමස්තයක් වශයෙන් විනාශ වුනා. ලෙනින් මිය යෑම තුළ මේ ප්රශ්නය මේ විදියට යට වුනා කියල අපට කියන්න වෙනවා. ඇත්තටම විප්ලවය යුරෝපය දෙසට ගමන් කළේ නෑ. හරි නායකත්වයන් ඒ තැන් වල ගොඩනැගිල, ලෙනින්ට උදව් කරන්නට ඉදිරිපත් වුනේ නෑ. ට්‍රොට්ස්කි ලෙනින් ගේ තැන ගන්නට තැත් කළත්, ඔහුට ලෙනින් තරම් දක්ෂ විදියට උපාය යොදාගෙන ප්‍රායෝගිකව වැඩ කළේ නෑ කියල කියන්න පුළුවන්. කොහොම වුනත් ලෝකයේ ගමන එ් මාර්ගයේ යන එක නැවතිලා ගියා. දැන් සමාජවාදය ලෝකය තුළ නෑ. ඇත්තේ සමාජ ප්රජාතන්ත්රවාදය නැතිනම් නිලධාරිවාදී ඒකාධිපති රාජ්‍යයන්. මේ රජයන් තුළත් සමාජ බලය එක් අතකට තිබෙන බව මේ වසන්ගතයට, කොරෝනා වෛරසයට මුහුන දෙන හැටියෙන් පේනවා. වියට්නාමය වැනි රජයන් සමාජ බලයෙන් හොද ප්‍රතිඵල ගන්නා විට ධනවාදී ලෝකයම විනාශයට අහුවෙලා විලාප තියනවා. ලංකාව තුළත් සමාජ සුභ සාධනයට ඇති බලය නිසා යහපත් තත්වයක් ඇති වෙලා තිබෙන බව පිළිඅරන් ඉවරයි.
ලෙනින් මනුස්ස සමාජයේ ඉපදුන විරල පුරුෂයෙක්. මාර්ක්ස් ලියා ඉදිරිපත් කළ මහා විමසුම ඇත්තටම යථාර්තයේ ගොඩ නැගෙන දෙයක්, නිසැකවම යා හැකි තැනක් කියල පෙන්වා දීම ලෙනින් කළා. ඔහුට උදව් කළ ට්‍රොට්ස්කි, රෝසා ලක්සම්බර්ග්, කාල් ලිබ්නෙට් ආදීන් මතක් කළ යුතුයි. හැබැයි ඔහු තව කලක් සිටියා නම් මේ ලෝකය අදට වඩා ලොකු වෙනසකට භාජනය වෙලා තියෙන්න පුළුවන්. ඔහු හුදු දාර්ශනිකයෙක් කිව්වොත් වැරදියි කියල මට හිතෙනවා. ඔහුගේ හැකියාව වුනේ තැනට සුදුසු පියවර ඉතාමත් ප්‍රායෝගිකව අරගෙන, දාර්ශනික මතය ප්‍රායෝගිකව විදහා දැක්වීමයි. ඉතා දක්ෂ දොස්තරවරු බිහි වන්නේ ශරීරය ගැන දැනුම සූක්ෂම ලෙස විමසා, තැනට සුදුසු බෙහෙත හෝ කැපිල්ල කිරීම තුළයි. ඒ නිසා සමාජ ගමනටත් එවන් දොස්තරවරු සිටිය යුතුයි. ට්‍රොට්ස්කි ඉතාම සරු න්‍යායාචාර්ය වරයෙක්. ඒත් තමන්ට ලගින්ම හිටපු නැහැදුන එකාට මුහුන දී ගන්න බැරි වුනා. එයින් විප්ලවය විපතට පත්වුනා. ලෙනින් වේගයෙන් යන යන්ත්‍රයක් ලෙසට අඩු වයසින් මෙසේ වෙන්ව යාම ලෝකයට විශාල පාඩුවක් වුනා.
සබැදි ලිපි