විස්සෙං සෙතක් වෙයිද?
19 වැනි සංශෝධනය අහෝසි කර 20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් රටේ ජනතාවට සෙතක් වෙනවා දැයි වෘත්තීය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ, සැක පළ කරයි.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඔහු පෙන්වා දුන්නේ, මැතිවරණ ප්‍රකාශනයේ කියන පරිදි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් ව්‍යාකූලතා තියෙනව නම්, ඒවා පැහැදිළි කර ජනතා පරමාධිපත්‍ය ඉදිරියට ගෙන ඒමට සංශෝධනයක් කරනවා නම් ගැටළුවක් නොමැති මුත්, මොවුන් කරනුයේ එය දැයි යන්න ගැටළුවක් බවයි.
“1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකාධිපති හා භයානක කම ගැන එදා තිබ්බ විවේචනයන් සම්බන්ධයෙන්, අපගේ ජීවිත කාලය තුළ, භාවිතය තුළ ඒ ප්‍රතිඵල අපි දැක්කා.”
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, ස්වාධීන කොමිෂන් සභා යනු එන්.ජී.ඕ. නියෝජිතයන් විසින් ඔවුන්ගේ ඕනා එපාකම් ඉටුකරගැනීමට පවත්වාගෙන යන ආයතන බවට විවිධ පිරිස් චෝදනා එල්ල බවත්, එය බොරු චෝදනාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
විශ්‍රාමික විනිශ්චයකාරවරුන්, වෘත්තිකයන්ගෙන් සමන්විත කොමිෂන් සභා නියෝජිතයන් 47 දෙනෙකුගෙන් එක් අයෙකු පමණක් රාජ්‍ය නොවන සංවිධානයකට සම්බන්ධව සිට ඇති බව ඔහු ප්‍රකාශ කරයි.
සම්පූර්ණ අදහස් දැක්වීම සදහා පහත වීඩියෝවට යොමු වන්න.
සබැදි ලිපි –
4 Responses
[…] විස්සෙං සෙතක් වෙයිද? […]
[…] විස්සෙං සෙතක් වෙයිද? […]
[…] විස්සෙං සෙතක් වෙයිද? […]
[…] විස්සෙං සෙතක් වෙයිද? […]