සහන වෙනුවට මර්දනය ගේනවාට විරෝධය
සහන ගේනවා යැයි ප්‍රකාශ කළද, මෙම රජය ගෙන ආ අයවැය මගින් රටේ සංවර්ධනයට හෝ ජනතාවගේ ජීවන මට්ටම් ඉහල දැමීම සදහා කිසිදු ශක්තිමත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කර නොමැති බවට වෘත්තීය සමිති නායකයෝ පෙන්වා දෙති.
පසුගියදා සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ වෘත්තීය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ පෙන්වා දුන්නේ රජය විසින් පොදු ජනයාට පළක් නැති අයවැයක් ගෙන එන අතරම, රට තුළ දැවෙන ප්‍රශ්න වලට උත්තර සොයන්නන් එලිපිට මර්දනය කරන බව යි.
1990 සුවසැරිය ගිලන් රථ සේවයේ පවතින සේවා ගැටළු ගැන කථා කිරීමට ඉදිරිපත් වීම හේතුවෙන් එහි නායකයන් මර්දනයට ලක් කරමින් තිබෙන බව ද ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේය.
මරණ බයට නරිවාදං වලින් පිළිතුරු ලැබෙන්නේ නෑ
මහර රැදවියන් සිය සෞඛ්‍ය තත්වය පිළිබද කළ උද්ඝෝෂණය කොතරම් යුක්ති සහගත ද යන්න, එහි ඇතිවූ ගැටුමෙන් මිය ගිය අයගේ සහ තුවාල ලැබූවන්ගේ බොහෝ පිරිසක් කොරෝනා ආසාධිතයන් වීම තුළින් පෙනෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
“මේ ඇත්ත ප්‍රශ්නෙ මොකක්ද? මිනිසුන්ගෙ බය! මරණ බය!”
එලිමහනේ ඉන්න ජනයාට වඩා, තදබදයට ලක්ව ඇති සිරගෙවල් තුළ කොටු කර ඇති අයට බය වැඩි බව ප්‍රකාශ කරන ඔහු, මෙවැනි ප්‍රමාණයකින් සිර ගෙවල් තුළ වෛරසය පැතිර තියෙද්දී “මේ විගඩං, නැතිනම්, නරිවාදං වලින් උත්තර සපයල හරියනවද?” යි ප්‍රශ්න කරයි.
මෙයින් මතු කෙරෙන මානව හිමිකම් කඩවීම් පිළිබද ගැටළු රටේ අනාගතයට බලපෑම් කළ හැකි බවට ඔහු සිය අදහස් දැක්වීම තුළ දී අනතුරු අගවා සිටී.
වෘත්තීය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ කළ සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්.
සබැදි ලිපි