බාලා තම්පෝ සහෝදරයාගේ 06 වන ගුණ සමරුව (වීඩියෝ)

දශක ගණනක් ලංකා වෙළද හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළ, ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායකයෙකු වන බාලා තම්පෝ සහෝදරයාගේ අභාවයෙන් හයවන ගුණානුස්මරණ රැස්වීම පසුගිය සැප්තැම්බර් 01 වන දින ලංකා වෙළද හා පොදු කම්කරැ සංගම් (CMU) ශාලාවේදී වෘත්තීය සමිති ක්‍රියාධරයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.

එහිදී බාලා තම්පො සහෝදරයා වෙනුවෙන් පුෂපෝපහාර දැක්වීමක් හා ඔහු වෙනුවෙන් ඉටිපහන් දැල්වීමක් සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වීමට සහභාගි වෙමින් ආචාර්ය නිමල් සේකර, මහාචාර්ය සුමනසිරි ලියනගේ, ලංකා වෙළද හා පොදු කම්කරු සංගමයේ වත්මන් ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි ඇතුලු ක්‍රියාධරයන් පිරිසක් බාලා තම්පෝ සහෝදරයා සිහි කරමින් දේශන පැවැත්වීය.

සේයා:

සබැඳි ලිපි
* සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම අද අත්‍යාවශ්‍යයි – CMU

* තවත් මාස හයක් පඩි බාගෙන් ජීවත් වෙන්න බෑ – CMU සටනේ

* කම්කරුවන්ට කැරළි ගහනව හැර වෙන දෙයක් කරන්න නැති වේවි!

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.