සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම අද අත්‍යාවශ්‍යයි – CMU

ලිපියක් යොමු කරමින් පසුගියදා ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය (CMU) විසින් ජනාධිපතිවරයාගෙන් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය (SSS) සහ රැකියා විරහිත පුද්ගලයින් සඳහා ප්‍රතිලාභ වශයෙන් මාසික ප්‍රදාන (DOLE) ලබාදෙන ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබේ.

“වසර 5 ක කාලයක් සඳහා පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීම නිසා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජීවිත කාලයට විශ්‍රාම වැටුපක් ලැබිය හැකි බව වාර්තාගත කිරීමට අපි කැමැත්තෙමු. කෙසේ වෙතත් සාමාන්‍ය පුරවැසියෙකු අවුරුදු 30 -35 ක් හෝ ඊට වැඩි කාලයක් සේවය කිරීම නිසා ඔහු සිය රැකියාවෙන් ඉවත්වූ පසු ජීවත්වීමට තවත් අරගල කිරීමට සිදුව ඇත.”

කෝවිඩ් -19 වසංගත තත්වය තුළ බොහෝ ආසියානු රටවල මෙන්ම, ශ්‍රී ලංකාවේත් කම්කරුවන්ට නිසි සමාජ ආරක්ෂණයක් නොමැතිකම හේතුවෙන් දැඩි ආර්ථික හා අප්‍රමාණ දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවී ඇති බව පෙන්වා දෙන CMU ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි, වසංගත තත්ත්වය ඇරඹී සති දෙකක් ඇතුළත සේවායෝජකයින්ගෙන් බහුතරයක් තමන්ට සේවක වැටුප් ගෙවීමට නොහැකි යැයි ප්‍රකාශ කළ බව පෙන්වා දෙයි.

මෙම තතු යටතේ, ලංකාවේ රැකියා විරහිත ජනතාවට මෙන්ම, විශේෂයෙන් රැකියාව කරන නමුත්, හදිසියේම, ඔවුන්ගේ ආදායම, රැකියා සහ ජීවනෝපාය අහිමි වන අයට සමාජ ආරක්ෂාව සැපයීම සඳහා සැලසුම් සහගත සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් අවශ්‍ය බව ඔහු පැහැදිළි කරයි.

එසේම රජය විසින් සහන සැලසීමක් ලෙස ලබා දුන් රු. 5000/- ක මුදලත් මාසයක් හෝ දෙකක් පමණ කෙටි කාලයකට පමණක් ලබා දීමත්, මෙම රු. 5000/- ගෙවීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සිදු නොකළ බවට පවතින චෝදනා සහ සමස්ත ක්‍රියාවලියම විවිධ පක්ෂග්‍රාහී හේතූන් මත ජනතාවගේ විවේචනයට ලක්වීම ද ඔහු තම ලිපිය මගින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ.

4% ක පොලියකට ක්ෂණික ණය ලබා ගැනීමේ පහසුකම් ලබා දෙමින් සේවායෝජකයන්ට සහායවීමට රජය තීරණය කළ ද, කම්කරුවන්ගේ අතිකාල දීමනා, පැමිණීමේ දීමනා, නිෂ්පාදන දිරිගැන්වීම්, ප්‍රවාහන දීමනා වැනිදේ කපා දැමීම මඟින් කම්කරුවෙකුගේ මාසික ආදායම ඉතා පහත මට්ටමකට වැටී ඇති බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ තත්වය සැලකිල්ලට ගනිමින් සමාජ ආරක්ෂණ පද්ධතියක් (SSS) ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය එවැනි යෝජනා ක්‍රමයක නියමයන් හා කොන්දේසි අයි.එල්.ඔි. සහ ජාත්‍යන්තර වෙළඳ ලේකම් මංඩලවල විශේෂඥ උපදෙස් මත සකස් කළ හැකි බවට යෝජනා කරයි.

සබැදි ලිපි

එම සම්පූර්ණ ලිපිය පහතින්

PRESIDENT-SINHALA-TRANSLATION-FINAL

You may also like...

2 Responses

  1. 2020-09-03

    […] සබැඳි ලිපි* සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්… […]

  2. 2020-09-13

    […] සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්… […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.