මකරාක්ෂයාගේ ආගමනය
විසි වෙනි සංශෝධනයට විරුද්ධව විවිධ දිශාවන්ගෙන් හඬ නැගෙන අතරතුර, ජ්‍යෙෂ්ට වෘත්තීය සමිති නායකයෙක් වන, ලංකාවේ ප්රමුඛ වෘත්තීය සමිතියක් වන CMU හි ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි සහෝදරයා ඒ සම්බන්ධයෙන් පළ කළ අදහස් ඔබ වෙත මෙසේ ගෙන එමු.
“දෙයියො බුදු වෙන්ඩ හාමුදුරුවනේ, බත් මුඛය පාදා ගන්ඩ අවසර දෙන්න”
ශ්‍රී ලංකාවේ රජතුමාගේ පාලනයට නතුව පැවැති කාලයේ රජතුමාගෙන් හෝ ඔහුගෙන් ඇමති නියෝජිතයකුගෙන් තම රැවුල කැපීමට අවසර ගත යුතුව තිබූ බව මම කොහේ හෝ කියවා ඇත්තෙමි.
සත්‍ය වුවත් අසත්‍ය වුවත් රාජාණ්ඩු කාලයේ පැවැති මානුෂික නිදහස පිළිබඳ ඒ යම් ඉඟියකි.
ජනජීවිතයට රජුගෙන් තිබූ බලපෑම පෙන්වීමෙහි ලා කරන ලද ප්‍රබන්ධයක් ද විය හැකිය. රජුට තිබූ බලය ඒ තරමට බව පසක් කර ගැනීමට එය ප්රමාණවත්ය.
රජාගෙන් ගැලවීමේ ඉතිහාසය
ඉතිහාසය දෙස බලන විට පවා පෙනී යන්නේ රජුගෙන් සහ රජුගේ මැති ඇමති අන්තේවාසිකයන් ගෙන් සිදුවන හිරිහැර ඉවසා දරාගත නොහැකි වූ ජනතාව, බදු එකතු කිරීමට පැමිණි රාජ්‍ය දූතයන් සමඟ ගැටීම ඇතුළුව, රජුට එරෙහිව නැගී සිටිය බව රෝම ඉතිහාසයත් ඊට පසුව ප්‍රංශය රුසියාවේ zසාර් පාලන නියම පිළිබඳව හැදෑරූ විට අවබෝධ කරගත හැක.
ඒකාධිපති – ඒකාධිකාරී රජුගේ පාලන යනු අද අප කතා කරන විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය වැනි සංස්ථා තුනම එක පුද්ගලයෙකුගේ අභිමතය පරිදි ක්‍රියාවට යෙදවීමට ලබාගෙන තිබූ අධිකාරිවාදී ඒකාධිපති බලය යි. එය අප දන්නා ප්රජාතන්ත්රවාදී පාලනයේ විරුද්ධ පැත්තයි. කාසියක දෙපැත්ත මෙන් ප්රජාතන්ත්රවාදී පාලනය එක පැත්තකත්, ඒකාධිකාරී අධිපතිවාදී බලය අනිත් පැත්තේත් යයි සරල ලෙස කිව හැකිය.
මිනිසා ක්‍රමයෙන් දෙවියන් විසින් එවන ලද රජු එළවා දමන්නටත් ඒ වෙනුවට තමන්ගේම පාලන ක්‍රම ඇති කර ගැනීමටත් කරගැනීමටත් දරන ලද උත්සාහයන් හි දී ප්‍රාඥයින්, සාමාන්‍ය මිනිසාට වඩා තම සිත දියුණු කරගත් ඒ අනුව යම් යම් න්‍යායන් ලොවට හඳුන්වා දුන් සමාජ විද්‍යාඥයින් නිසා අපේ වහරට වචන රාශියක් එක් විය. මෙයින් වඩාත්ම ජනතාවට සමීප වන්නේ සහ ජනතාව ආදරය කරන්නේ “ජනතා පරමාධිපත්‍ය ” යන වචනයට යි.
කූඩුවක සිර කර සිටින සුනඛයාට ආහාර වතුර සහ ආරක්ෂාව ලබාදෙන මිනිසාට සුනඛයාගේ ප්‍රතිචාරය තම ස්වාමියා රැක ගැනීමයි. කූඩු ගතකර සිටින සුනඛයා මුදවා හැරියද තමන්ටම ආහාර සොයා ගෙන ජීවත් කිරීමට ක්‍රමවේදයක් නැති නිසා තම ස්වාමියාගේ කකුල් දෙක ලඟ වැතිරී දෙකකුල් ලෙවකෑම හා වැතිරි සිටීම හැර වෙනත් විකල්පයක් සුනඛයා නොදනී.
ඉතිහාසය අපට කියා දෙන්නේ මිනිසා සත්ත්වයාගෙන් වෙනස් වන්නේ තම දිවි පැවැත්ම ක්‍රමවත් කිරීම සඳහා සකස් කරගෙන ඇති ක්‍රමවේද සහ සංස්ථා මත වේ.
අපේ ඉතිහාසයේ ජනප්‍රවාද සහ මනඃකල්පිත ප්රබන්ධයන් බොහෝය. විජයගෙන් පැවත එන්නේ යැයි කියන විට මතුවෙන්න ප්රශ්නය නම් විජය ලංකාවට පැමිණෙන විට කපු කටිමින් සිටි කුවේණිය නැමැති ස්ත්‍රිය විජයට කලින් තම පිරිවර සමඟ ලංකාවේ සිටි බවයි. ලත්තැනම ලොප් වෙන බොරුවකින් පටන් ගන්නා අපේ කතාව නිසාම අපි අපිවම මුලා කර ගැනීමට උත්සාහ කරන මුග්ධ ජන කොට්ඨාශයක් දැයි ප්‍රශ්නයක් මතු වේ.
නූල් බෝල දේශපාලනය
මෙම ලිපියේ අරමුණ ඉතිහාස කතාව නිවැරදි කිරීම නොවන නිසා 1815 වන විට මෙරට සිය යටත් විජිතයක් කර 1948 දක්වා පාලනය කිරීමට පටන් ගත් බ්‍රිතාන්‍යයන්ගේ පාර්ලිමේන්තු ක්‍රමවේදය හා රෝම ලන්දේසි නීතිය මෙතෙක් අපට කර ඇති ක්‍රමවත් පාලන ක්රමයන් භාවයන් ඇති කිරීම මෙන්ම මෙරට ස්වදේශිකයන් රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ වීමෙන් කර ඇති මහා විනාසය ගැන වෙළුම් ගනන් ග්රන්ථ ලිවිය හැක. 1956, 1970, 1972, 1978, දක්වා බෝලයක් කරකවන්නා මෙන් කරකවා ඇති දේශපාලන චිත්‍රය ජනතාවගේ යහපතට වඩා ජන ජීවිතයේ පීඩනයට පත්කරන ප්‍රවණතාවය ඉතා වැඩි බව පැහැදිලිව පෙනේ.
බලයේ සිටින පක්ෂයේ නායකකාරකාදීන් පමණක් නොව ඥාති ඥාතිමිත්‍රාදීන් පවා ජනතා වියදමින් නඩත්තු කරන ජනතා වියදමින් සුර සැප විඳින ජනතාව පිට බදුබර පටවමින් රාජ්‍ය පරිපාලනය පවත්වාගෙන යන අශික්ෂිත දේශපාලන ගමනක යෙදී සිටී. ජනතාව මෙය දකින්නේ ඔවුන්ට ලැබෙන ප්‍රමාණවත් නොවන තොරතුරු මගිනි. යම් ආකාරයකට තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරගැනීමෙන් අවශ්‍ය අය යම් ආකාරයකට විධිමත් භාවයක් ඇති කිරීමට උත්සාහ කළත් යෝජිත විසිවෙනි සංශෝධනය යටතේ එය ආපසු හැරවීමට උත්සාහ කර ඇත.
විධායක ජනාධිපති ධූරය පිස්සෙකුගේ අතට පත්වුවහොත් පත් වුවහොත් කුමක් සිදුවිය හැකිදැයි යම් පැනයක් කලකට ඉහතදී තිබුණි. එහෙත් සිදු වන්නේ විධායක ජනාධිපති ධූරය ලබන්නා පිස්සු බවට පත්වීමයි.
අසීමිත බලතල නිසා තමාට තමා පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් තත්වයක් නිතැතින්ම ඇතිවුණ බව පසුගිය ජනාධිපතිවරුන් විසින් අපට කියා දී ඇත. 1978 සිට මේ දක්වා කරන ලද සංශෝධනවලින් සිදුවී ඇති බව මා දකින්නේ, කඩාවැටුණු ගොඩනැගිල්ලක් තැන් තැන් වලට පැලැස්තර අලවා පිළිසකර කිරීමට දරා ඇති උත්සාහයන් ලෙසය. ඒ අනුව පැලැස්තර දහනමයක් දමා පිලිසකර කිරිමට උත්සාහ කළත් නොහැකි වූ නිසා නැවතත් කලින් තිබූ ගොඩනැගිල්ල විසිවෙනි සංශෝධනය මගින් සංස්ථාපනය කිරීමට උත්සහ දරන, කලින් පැලැස්තර සංශෝධන වළට දායක වුණු හැට පැනගිය ඊනියා වාමාංශික මෙන්ම, ඊනියා ප්රගතිශීලීන් පිළිබඳව ඇත්තේ දැඩි අප්‍රසාදයකින් පිළිකුලකි.
ජනාධිපතිවරයා විසින් කරනු ලබන කිසිම ක්‍රියාවක් කෙරෙහි ඔහු වගනොකියන තත්වයකට පත් කිරීමෙන් ම 20 සංශෝධනයේ ඇති වංකභාවය පෙන්වා දෙයි.
මේ රටට අවශ්‍ය සෑම අමු ද්‍රව්‍යයක් ම පමනක් නොව, රට වටේ මුහුද තබාගෙන දියලුණු හා ටින්මාලු පවා විදේශයෙන් ආනයනය කරන තත්ත්වයක සිටින අප ලෝකෙ කොහේ හරි තිබෙන සායනික අපද්‍රව්‍ය, වෙනත් කුණු කන්දල් මේ රටට ගෙනැවිත් මුදල් ලබාගැනීමට ඉඩ ලබා දී තිබීමෙන්ම අපගේ “ශ්‍රේෂ්ඨ භාවය” මේ දේශපාලකයන් විසින් ලොවට ඔප්පු කර ඇත.
මෙවන් සංදර්භයක් තුළ මේ රටට ශාපයක් වූ 1978 ජනාධිපති ව්‍යවස්ථාවට එරෙහිව එදා සිටම කටයුතු කළ ලංකා වෙළෙඳ කාර්මික පොදු කම්කරු සංගමය (CMU) අදත්, අප විසින් පැවති සෑම ජනාධිපතිවරණයක දී ම කියා ඇති දෙයට වඩා වෙනස් දෙයක් කීමට නොහැක.
මකරාක්ෂයාගේ ආගමනය
ජේ ආර් ජයවර්ධන 1978 බිහිකළ “රකුසා” ගම් නියම් ගම් සිසාරා ගොස් මහා විනාශ කරමින් මේ වන විට අපේ ගේ දොරකඩට පැමිණ දත් විහිදා ඇත.
රකුසාගේ බලය හීන කිරීමට අඬුපඬු කැඩීමට අපට පොරොන්දු දී වසර පහකට වරක් බලය ලබා ගත් උන්, තවත් වසර 5 ක් සිටීමට වරම් ඉල්ලා සිටියේද රකුසාගේ බලය අඩු කරන බවට ලොවට හඬ නගා කියමින් හා රකුසා මරා දමා ජනතාවට යහපතක් කරන බවට දිවුරා සපථ කරමිනි. නමුත් සිදුවූයේ අපි දිනෙන් දින කබලෙන් ලිපට වැටීමය. යථාර්තය තේරුම්ගත නොහැකිව ජනයා ක්‍රියා කළේ අවස්ථාවෙන් බේරීමට පමණි.
අපට තියෙන එකම ප්රජාතන්ත්රවාදී අයිතියක් වන නියෝජිතයන් පත් කිරීමේ බලය ද අද අභියෝගයකට මුහුණ දී ඇත. අපි කවුරුත් පිලිසරණ පතන අධිකරණයද මහල්ලෙකුගේ දතක් මෙන් සෙලවෙන තත්ත්වයකට පත්විය හැකි බවක් පෙනේ. රකුසා මෙල්ල කළ හැක්කේ මකරාක්ෂයකුට බව සාහිත්‍යය පොත්වල කියවා ඇත. මකරාක්ෂයා ඒ තරමට බලසම්පන්නය.
ඉන්න රාක්ෂයා මකරාක්ෂයකු කිරීමට 20 සංශෝධනයට හැකිය.
20 වන ව්‍යවස්ථා සංශෝධනය කරන්නට හදන්නේ දැන් සිටින රාක්ෂයාට මකරාක්ෂයෙකුගේ බලය සහිත ආයුද ආම්පන්න දීමය.
මේ රටේ පසුගිය කාලයේ වැඩ කරන ජනතාව දිනාගත් අයිතීන් දැන් එකින් එක උදුරා ගන්නා හැටි අප ඇස් පනාපිටම දකින්නට ඇත.
1. දින 42 ක නිවාඩු අයිතිවාසිකමක් තිබූ කම්කරුවන්ට අද එය සිහිනයකි.
2. ජීවන වියදම් දර්ශකය අනුව ලැබුණු ජීවන වියදම් දීමනාව අද සිහිනයකි.
3. මාස දෙක තුනක ප්‍රසාද දීමනාව දීමනාව ලබා ගැනීම අද සිහිනයකි.
4. රැකියාවේ යෙදෙන ගර්භනී මව්වරුන්ට මේ වන විට රාජ්‍ය ආයතනවල පවා දින 84 ක ප්‍රසූත නිවාඩු ලබා ගැනීම අද සිහිනයකි.
අපගේ පන්ති සගයන් දිනාගත් අයිතිවාසිකම් එකිනෙක අපෙන් පැහැර ගනිමින් තිබේ. ඒවාට එරෙහිව සටන් කිරීම කෙසේ වෙතත් ඒවා ගැන කතා කිරීමටව්ත් සූදානම් ද?
අනාගතය ගැන අපට දකින්නට ඇත්තේ බියකරු දර්ශනයකි.
බලපාන්නා වූ වැඩ වර්ජන ඇති වූ සැම අවස්ථාවකදීම අත්‍යවශ්‍ය සේවා නියෝගය මගින් ඒවා කඩාකප්පල් කළ හැටි අපට මතකය.
දැන් එසේ තීරණය කිරීමේ සම්පූර්ණ බලය එක් පුද්ගලයකු අතට පැවරීමට 20 සංශෝධනය මගින් නිශේද අධිකාරි බලයක් ලබා දීමක් බවට පත් වී තිබේ.
සටන් කරමු
අපගේ වගකීම ඉටුකිරීමට අප උත්සහ කරන්නේ රටේ ව්‍යවස්ථාවට ගෙනෙන සංශෝධනය දැන් ඉන්නා රාක්ෂයා මකරාක්ෂ කරන බව ඔබට පෙන්වාදී එයට එරෙහිව ජනමතයක් ගොඩ නැගීමය.
අප මුහුණ දී සිටින දේශපාලන දිශානතිය, ඉදිරි අනාගතයේ දේශපාලන ආඥාදායකත්වය, අධිකාරිවාදය, ඒකාධිපතිවාදය ඉදිරියේ අසරණ වන නිසා, ප්රජාතන්ත්රවාදය හා අප වැනි ප්රජාතන්ත්රවාදී සංවිධාන රැක ගැනීමේ සටනයි මේ ඔබ අමතන්නේ.
අප වැනි බහුජන සංවිධාන, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, ස්වේච්ඡා සංවිධාන, තවදුරටත් ඉදිරි කාලයට වලංගුවේ දැයි බියක් අප තුළ තිබේ.
ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුතම අනාගතයක් අප බිය ගන්වනු ලබයි.
බුද්ධිමතුන් යැයි කියාගත්, සිතා ගත් පිරිසක් අද අපගේ දේශපාලනය නූල් බෝලයක් මෙන් පටලවා තිබේ.
අපේ පුරවැසි වගකීම ඉටුකිරීම අපගේ පරම යුතුකමයි.
සැතපුම් දහසක් එක් පියවරකින් ආරම්භ කරමු.
20 සංශෝධනයට එරෙහිව අපේ බලමුළු එක්කොට විරුද්ධ වෙමු. ඔබ පත් කළ මහජන නියෝජිතයන්ට මේ බව බය නැතිව හඬනගා කියන්නට ඔබට ශක්තිය ලැබේවා!
අපේ පැතුම නිදහස් ප්රජාතන්ත්රවාදී ජනරජයක් මිස ඒකාධිපති රාජාංඩුවක් නොවේ.
– සිල්වෙස්ටර් ජයකොඩි – ප්‍රධාන ලේකම් C M U
සබැදි ලිපි