ඒකීය රාජ්‍යය හා එක්සත් රාජ්‍යයේ ෆෙඩරල්වාදය
ඒකීය රාජ්‍යය හා එක්සත් රාජ්‍යයේ ෆෙඩරල්වාදය ආදිය ගැන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සාකච්ඡාවක් මතුව තිබේ. මේ සාකච්ඡාව මතුව ඇත්තේ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශ ප්‍රමුඛව, ඒ ඒ ප්‍රදේශ වලට බලය ඛෙදා හැරීම ගැනය.
මේ පිළිබඳව සාකච්ඡාව වැදගත් වන්නේ “රාජ්‍යයන්” පිළිබඳව පවතින මේ විවිධ අර්ථ දැක්වීම් මූලධර්ම ලෙස සලකන නිසායි. ධනේශ්වර දේශපාලන විද්‍යාවද පවතින්නේ අනෙක් ඕනෑම ධනේශ්වර මතවාදයන් මෙන්ම හුදු අනුභූතික විශ්ලේෂණයන් මතය. ඒවා ප්‍රතිපත්තීන් නොවේ. විවිධ හේතූන් මත සිදු කරන්නා වු සිවිල් බලතල ඛෙදාහැරීම් ඒවා සිදු වූ පසු කරන්නාවූ විස්තර කිරීම් හෝ සංඥානාමයන් ඇලවීම් ලෙස ය. ඒ නිසාම ෆෙඩරල්වාදය නැත්නම් සිංහල පරිවර්තනයේදී භාවිත කරන සන්ධීයවාදය යන්නට මෙන්ම සන්ධීය රාජ්‍යයන්ටද පොදු වූ ආකෘති නොපවතී. ඒ නයින් බලන කල මේ ධනේශ්වර දේශපාලන විද්‍යාඥයින් ඉදිරිපත් කරන අර්ථ දැක්වීම් සියල්ල අනුභූතික දැය බැවින් ඒවා ධනපති දේශපාලන විද්‍යාවේ තිඛෙන නොවෙනස් වන මූලධර්මයන් ලෙස ගිනිය නොහැකිය. මේ බව වඩා විමර්ශනශීලී ලිබරල් දේශපාලනවිද්‍යාඥයන් විසින් මත් පිළිගෙන තිබේ.
ෆෙඩරල් නැත්නම් සංධීය රාජ්‍යයන් ලෙස හඳුන්වනු ලබන රාජ්‍යයන් බිහිවීම ඓතිහාසික සංසිද්ධියකි. ඒවා නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයත්, ධනපති නිෂ්පාදන සබඳතාවල විශ්ව ව්‍යාප්තියත්, සංකේන්ද්‍රිත ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයනුත් අනුව වෙළඳපල ඒකාරාශී කිරීමේ ගැටළුවට විසඳුම් ලෙස ඉදිරිපත් වූ දෑ වෙයි. එහි ප්‍රතිඵලය වූයේ ජාතික රාජය හා නවීන ජාතීන් බිහිවීමයි. එම රාජ්‍යයන් ද යම් යම් අවදි වලදී තවත් වෙනස් කම් වලට භාජනය විය.
1850 දී පැවැති ලෝක සිතියම නොවේ 1950 දී පැවැතියේ. අද වන විට 1950 ලෝක සිතියමද වෙනස්කම් වලට භාජනය වී ඇත්තේ ඒ නිසාය. මධ්‍යකාලීන වැඩවසම් හෝ ආසියාතික රාජ්‍යයන්හි පවා, රාජ්‍ය පරිපාලනයේ අවශ්‍යතා මත විවිධ ප්‍රාදේශිය ඛෙදීම් තුල බලාධිකාරීන් පත් කර තිබුණි. මධ්‍යම රජු රාජ්‍ය පාලනයේ දුබලයකු වූ කල්හි මේ ප්‍රදේශයන් ස්වාධීනව ක්‍රියාත්මක වූ අතර යලි මහබලවතෙකු ඒ සියල්ල අවි බලයෙන්, අවාහ විවාහ මගින් ඒකාරශී කර ගැනෙයි. සමහරෙක් දික් විජය කරමින් ඒ ඒ යුගයේ පැවැති ලොව යටත් කර ගත්තාහු බොහෝ විට ඒ ඒ යටත් දේශයන් හි පාලනය ඔවුන්ටම පවරනු ලැබ, බදු හා කප්පම් මගින් සෑහීමකට පත් වූහ. නොඑසේ නම් ඒ ඒ ප්‍රදේශයන් තමන්ගේ පාරම්පරික වාස භූමි කරගත්තාවූ, විවිධ ආගමික හා සමාජීය සම්ප්‍රදායයන් තුළට යොමුව සිටින ජනතාවන් කැරලි ගැසීම සිදු වෙයි. පාලනය ඔවුන්ගේම නායකයන්ට පැවරීමෙන් කැරළි ගැසීම් වලක්වා ගැනීමට හැකි වෙයි.
අද ද ලොව පාලනය වන්නේ එක්තරා අන්දමකට එවැනි ක්‍රමයකටය. වෙනස එදා මෙන් නොව අද ජාතීන් හා ජාතික රාජ්‍ය තිබියදී මූල්‍ය ප්‍රාග්ධනය මගින් ලෝකයම මෙහෙයුම් කිරීමයි. වෙළඳ භාණ්ඩ නිෂ්පාදනය ව්‍යාප්තවීමත් සමඟ නව වෙළඳපලවල් , අමුද්‍රව්‍ය, හා ධනය සොයා නව ලෝකය ගවේශණය කිරීම ඇරඹිනි. ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රාග්ධනය නොදුටු දේශයන් කරා කාලතුවක්කු සවිකල නැව් ගමනාරම්භ කරන ලදී. මේවායේ නව ජනපද බිහිවිය. ඒවා දියුණුවීමත් සමඟ තමන්ගේ “මව් රට” පිටස්තර බලයක් ලෙස තමන් ජීවත්වන දේශයේ සම්පත් උරාගන්නවා බලා සිටීමට නොහැකි වූ ඇමරිකානු ජනපදිකයෝ එක්සත්ව සටන් කර බිතාන්‍යයෙන් නිදහස ලැබූහ.
මේ “එක්සත් වීම” නව මධ්‍යගත රාජ්‍යයන් ගොඩ නැගීමේ කේන්ද්‍රීය සාධකය විය. එතැන් සිට එය ඓතිහාසික බලවේගයන් විසින් කරන ලද තෝරාගැනීම් වල ප්‍රතිඵලයක් ලෙස විකාශනය වනු දැකිය හැකිය. මේ ක්‍රියාදාමය හා ඇති වූ පාලන අායතන අනතුරුව දේශපාලන න්‍යායාචාරීහු විශ්ලේශනය කෙරේ. එක්සත් වීම මගින් ඇති වන ෆෙඩරල් සබඳතාවන්ට අමතරව ඒකීයව පැවැති රාජ්‍යයන් ඒවා රැක ගැනීමේ අවශ්‍යතාවය මත බලය ඛෙදීම මගින් සන්ධිය පදනමට පත් කෙරිණි. බලය ඛෙදීම පිළිබඳ ප්‍රශ්නය මතු වන්නේ ඒකීය රාජ්‍යයක් පැවතීම තුලය. එක්සත් රාජ්‍යයන් ඇරඹෙන්නේම බලය ඛෙදා ගනිමින් මුත් එක්සත් වීමත් සමඟ ඒකීය භාවයේ ලක්ෂණ ද වැළඳ ගනිමිනි. ඒ නිසා ඒකීය රාජ්‍යයක් තුල බලය ඛෙදා හැරීම විකාරයක් සේ සැලකීම තරම් විකාරයක් තවත් නැත. ධනපති දේශපාලන විද්‍යාව ගැනවත් අවබෝධයක් නැති වීමෙනි මෙවැනි ස්ථාවර මතු වන්නේ.
නූතන ධනේශ්වර දේශපාලනඥයන් පෙන්වා දෙන්නේ ලොව බහුතරයක් රටවල පවතින්නේ ඒකීය ආණ්ඩු ක්‍රම බවයි. එහි දී ඕනෑම පලාත් ආණ්ඩුවක් යනු මධ්‍යම ආයතන යන්හි නෙෙතික නිර්මාණයක් වෙයි. එය විසින් පළාත් ආණ්ඩුවලට ස්වාධීන ව්‍යවස්ථානුකූල පැවැත්මක් ලබා දෙයි. ඔවුහු පෙන්වා දෙන්නේ සමහර ඒකීය රාජ්‍යයන්හි ප්‍රායෝගික වශයෙන් ඇතැම් ෆෙඩරල් රාජ්‍යයන්ට වඩා බලය විමධ්‍ය ගත කරනු ලැබ ඇති බවය. ජපානය, ඉතාලිය, කොලොම්බියාව මෙන්ම එක්සත් රාජධානියද ඔවුන් උදාහරණ ලෙස දක්වති. එක්සත් රාජධානිය විසින් පැහැදිලි ලෙසම අධ්‍යාපනය, සෞඛ්‍ය හා ස්වදේශ කටයුතු පිළිබඳ සැලකිය යුතු බලයක් ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවට පවරා තිබේ. නමුත් උතුරු අයර්ලන්තයට හා වේල්සයට පවරා දී ඇත්තේ ඊට අඩු බලයක් වේ. වර්තමානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින රටවල් 192 න් 28 ක් ෆෙඩරල් ඝනයට දමනු ලැබේ. එම රටවල්වල මේ ෆෙඩරල් ක්‍රම ඇති වීමේ හා විකාශනය වීමේ ක්‍රියාවලිය සමාකාර නැති බව අපි පෙර දුටුවෙමු. පෙරදී යටත් විජිත ලෙස තනි ඒකකයන් ලෙස පැවැති සමහර රටවල් නිදහස ලැබීමේ දී වෙනස් කම් වලට බදුන් විය.
විශාල විවිධත්වයන් පැවතුනද ෆෙඩරල් සැකැස්මක් තුළ ඊට සම්බන්ධ වීමට තරම් පොදු අනන්‍යතාවයක් ඇතැයි නිගමනය වූ කල්හි ඉන්දියාව බිහිවිය. එසේ නැතැයි සිතුවෝ පකිස්තානය ලෙස වෙන් වූහ. අනතුරුව නැගෙනහිර පකිස්තානය බංග්ලාදේශය ලෙස වෙන් විය. ලංකාවේ නායකයන් බහුතරය ෆෙඩරල් ක්‍රමයක් අවශ්‍ය නැතැයි කියා සිටීම නිසා යටත් විජිත රාජ්‍යය ඒ අයුරින්ම සොල්බරි ව්‍යවස්ථාව තුල ඒකීය රාජ්‍යයක් විය. නමුත් පසුව එම තක්සේරු වල වරද තේරුම් ගියද නිසි බලය ඛෙදා හැරීමක් සඳහා එකඟ කරගැනීමට සිවිල්යුද්ධ හරහා ගමන් කිරීමට සිදුවිය. එවැනි ගමන් මාර්ග ගැන බොහෝ අත්දැකීම් තිබේ. සමහරක් රටවල් සිවිල් කළබල වලින් පසු බලය ඛෙදා හැරීම් කර ඇත. ඒ ඇතැම් විට කලාප අතර පවතින ආර්ථීක වෙනස් කම්, සහ බහු භාෂා, බහු ආගමික හෝ ජාතිකත්වයන් හේතුවෙන් බලය ඛෙදීම සඳහා එල්ල කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී වූ දේශපාලන තෙරපුමට ප්‍රතිචාර දක්වමිනි. යටත් විජිත බිහිවීමට පෙර යම් රටවල මෙසේ ස්වාධීනත්වය ඉල්ලා සිටින කලාපයන් වෙන් වූ දේශපාලන ඒකක ලෙස පැවතුනා ද විය හැක. ලංකාවම මේ තත්ත්වයට උදාහරණයකි.
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය බිහිවීමේ දී ජනපද අතර ඇති වූ එක්සත් කම සහ-සන්ධීය ලෙස විස්තර කෙරේ. නමුත් අවසානයේ රාජ්‍ය ස්ථීර වූයේ දකුණේ රාජය සමඟ ඇති වූ දැවැන්ත සිවිල් යුද්ධයක් හරහා සහසන්ධීය (Confederacy) බව ෆෙඩරල් පදනම මධ්‍යගත කිරීමෙනි. එහි දී මූලික වූයේ ආර්ථීක සාධකයන්ය. දකුණේ රාජ්‍යයන් වානිජ වැවිලි මත පදනම් වීම නිසා වහල් ක්‍රමය පවත්වා ගත් අතර උතුරේ රාජ්‍යයන් කාර්මිකකරණයට යොමු වීම නිසා නිදහස් වැටුප් ශ්‍රමය මත පදනම් විය. මේවා එක්සත් වීමේ දී මේ වෙනස අත්හැර තිබුණද ඒ ක්‍රම අතර ගැටුම නොවැලැක්විය හැක්කක් විය. මේ තත්ත්වය පිළිබඳව සඳහන් කරන මාර්ක්ස් පෙන්වා දී ඇත්තේ උතුර හා දකුණ අතර තත්කාලීන අරගලය සමාජ ක්‍රම දෙකක් අතර, එනම් වහල් ක්‍රමය සහ නිදහස් ශ්‍රමය අතර පවත්නා අරගලයක් බවයි. එය අවසන් විය හැක්කේ එක් ක්‍රමයක හෝ අනෙක් ක්‍රමයේ හෝ ජයග්‍රහණයෙන් පමණක් බවද ඔහු පෙන්වා දුන්නේ ය. ඔහු කිවූ පරිදි අරගලය අවසන් වූයේ වහල් ක්‍රමය අභාවයට යවමිනි. එහෙත් එය කළ හැකි වූයේ 630,000 ක මිනිස් ජීවිත බිලිගත්තාවූ සිවිල් යුද්ධය හරහාය. එසේ 1861 දී ඇරඹුනු සිවිල් යුද්ධය මගින් මේ ජනපද වඩාත් මධ්‍යගත ලෙස ඒකාරාශී කර වහල් ක්‍රමය අහෝසි කිරීමට ඒබ්‍රහම් ලින්කන්ගේ නායකත්වයෙන් කාර්මික ධනපති පංතියට හැකි විය. මේ සිවිල් යුද්ධයේ දී දකුණේ වහලූන්ද සිවිල් යුද්ධයේ දී උතුර වෙනුවෙන් අවි ගත්හ. ඒ ප්‍රමාණය 180,000 ක් පමණ වූ බව සඳහන්ය.
ජාතීන්ගේ අයිතිය මුල් කර ස්වපාලනය පිලිබඳ අයිතිය මූලධර්මයක් ලෙස විකාශනය කරන ලද්දේ මාක්ස්වාදීන් විසිනි. ජාතීන් සතු ස්වයංතීරණ අයිතිය එසේ මූලධර්මයක් ලෙස විකාශනය කරන ලද්දේද මාක්ස්වාදීන් විසිනි. එසේ කිරීමේදී ලෙනින් විසින් ඉතාමත් සංයුක්ත ලෙසත්, පෘතුල ලෙසත් මාක්ස් එංගල්ස්ගේ ස්ථාවරයන් තහවුරු කළේය. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ කම්කරු පංතියේ ක්‍රියාකාරීත්වය ප්‍රබල වූ අතර සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා එක්වූ කේන්සියානු ලිබරල් ආර්ථීක ප්‍රතිපත්ති දේශපාලන තලයේ ක්‍රියාත්මක වීම එක්සත් ජාතින්ගේ සංවිධානය ගොඩනැගීමට මෙන්ම එය ජාතීන්ගේ ස්වයංතීරණ අයිතිය මූලධර්මයක් ලෙස පිලිගන්නා තැනට ද පත් විය.
නමුත් මේ සියළු දේශපාලන වෙනස්කම් මධ්‍යයේ බලය ඛෙදීම් සිදු වූයේ ජාතික රාජ්‍යයන් නව ආකාරයකින් තහවුරු වීමය. ලෝක සිතියමේ වෙනස්කම් සිදුවුවද ජාතික රාජ්‍යයේ පදනම වෙනස් නොවීය.
සියළුම ජාතික රාජ්‍ය එදා මෙදා තුර ඒකීය වෙයි. මොනවා ඛෙදා හැරියත් රාජ්‍ය බලය ඛෙදන්නේ නැත. ධනපති රාජ්‍යය පමණක් නොවේ ස්ටාලින්ගේ රුසියාවත්, මාඕගේ චීනයත්, හෝ චී මින් ගේ වියට්නාමයත් ඒකිය රාජ්‍යයන්ම වෙයි. මන්ද යත් රාජ්‍ය බලය හෙවත් සන්නද්ධ බලය ඛෙදා හැරීම වෙනම රාජ්‍යයක් බිහිවීම හෙයිනි. ඒ අනුව ඒකීය රාජ්‍ය එක්සත් රාජ්‍ය කියා දෙකක් ඇතැයි කීම ධනේශ්වර දේශපාලන විද්‍යාවට විනා මාක්ස්වාදී මූලධර්මයන්ට ගැලපෙන්නේ නැත. ධනපති පංති විශ්ලේශනයේ දී සිවිල් පරිපාලන බලතල හා රාජ්‍ය බලය එකට කලවම් කර ඉදිරිපත් කරයි. එසේ කිරීමට හැක්කේ සිවිල් කටයුතු මුල් කරන අතර රාජ්‍ය බලය අවශ්‍ය විටක පමණක් ඉදිරියට ගැනීමට බැරැක්ක වල සඟවා තැඛෙන නිසාය.
එසේ මාක්ස්වාදී මූලධර්මයන් කරා ගමන් කළ විට අපට මුන ගැසෙන්නේ එකීය රාජ්‍යයන්ය. සිවිල් කටයුතු ඛෙදා හැර අැත්තේ රාජ්‍ය බලයේ ඒකීය මහානුභාවයට යටත්වය. අවශ්‍යතාවය අනුව මේ සිවිල් කටයුතු ඛෙදා හැර ඇති ප්‍රමාණය වැඩි කිරීමට මෙන්ම අඩු කිරීමට ද රාජ්‍ය බලය ක්‍රියා කරනු ඇත.
රණත්
– “හරය” 2015 නොවැම්බර් කලාපය –
2019 ජනවාරි 29 දින “ඔපියුමලෙෆ්ට්”වෙබ් අඩවියේද “ස්වයංතීරණ අයිතිය මූලධර්මයක් ලෙස විකාශනය කරන ලද්දේද මාක්ස්වාදීන් විසිනි” මාතෘකාව යටතේ පළ විය.
- නියෝජිත ප්රජාතන්ත්රවාදයේ මිත්‍යාව
- සෞභාග්‍යයේ දැක්ම – වර්ෂ පූර්ණය
- 20! ජනපති-අගමැති එකක් වී; ‘පරම නායක’ පහලවීම
- කලාකරුවන්ගේ අභියෝගය හුදකලාව ජය ගැනීමයි!
- ඔසී, ජවිපෙ හා ෆේස්බුක් පඬියෝ
- හබන් කුකුළුවාදයෙන් යැපී වමක් හදන්නේ කා සමගද?
- ලියෝ ටෝල්ස්ටෝයි (1828-1910) _ නවකතාකරුවා, දාර්ශනිකයා හා දේශපාලනඥයා
- මාර්ක්ස්වාදී සාහිත්‍ය හා සිංහල නවකතාව