ට්‍රම්ප් පැරදූ ගීතය

Posters People Rally Protest  - StockSnap / Pixabay
StockSnap / Pixabay

ගීතය ඉතා බලවත් ආයුධයක්. ඒක පසුගිය ඇමරිකානු පෙරලිය තුළම ලොකුවට පෙනුනා.

ඩොනල්ඩ් තම සගයන් සමඟ බලහත්කාරයෙන් ජය ලබා ගැනීමට වීදියට බැස රැවුම් ගෙරවුම් ආදිය කළා.  ගී ගයමින් යන විප්ලවවාදීන්ට වඩා ෆැසිස්ට්වාදීන් වීදි සටනින් ජය ගන්නව කියල එයාලා කියල තිබුණ.

ඔහුගේ කණ්ඩායම් රළු, චන්ඩි, බියකරු පෙරලිකාරී බවක් පාරට ගෙනාවට, එයට වඩා මනුස්සකමේ ගීතය, කඳුළු පිරි ඇස් වලින් බරව ජයගත් බව කියන්නයි සිද්ද වුනේ.

එදා සම සමාජ කාරයින් ‘සාදුකින් පෙලෙනවුන් දැන් ඉතින් නැගිටියව්’ කිව්වා අපේ නිර්ධනීන්ගේ වේදනාව දියත් කරන්න. එය එදා වීදිය ජයගත් ගීතය වුනා. ඒක නිසා ලිබරල්වාදීන් ට ඉඩ ලැබුන දයාව ගැන කවි කියල ඒ වෙලාවෙ හැටියට ඉස්සරහට එන්න.

ඇමරිකාව ඒ ලෙසට ගීතය පාරට ගෙන ආපු විප්ලවවාදී ගීත සමුදායක් ඇති රටක් නෙමෙයි. විප්ලවවාදී ගීත ගයන්නෙත් සැනකෙලි විලාසයටම කියල කියන්න පුළුවන්. ඒවා ගී ගැයුමකට වඩා සරල විනෝද කවි ලෙසටයි ගණන් ගන්නේ.

චණ්ඩිකම් පැරදූ මනුෂ්‍යත්වයේ ගීතය

ඒත් මෙදා චණ්ඩි කතා කිය කියා ජාතිවාදී සිංහ නාද කිය කියා වීදිය ජයගන්නට කල්පනා කළ ඩොනල්ඩ්ට ලොකු ඇබැද්ධියක් වුනේ.

ලිබරල් හා වාමාංශිකයන් විශාල ලෙසින් ඉතා සුහද මිනිස්කම තුළින් ගලනා ගීතයන්ගෙන් වීදි වලට බැස්සා.

අපි මිනිස්කම ලොව පුරා දියත් කරන්න ආවෙ කියල මැද පංතික ගීත ලෝකයක් මැව්වා. ගීතය, මැද පංතිය විසින් බලවත් රටක වීදිය පුරා පතල කළ අමුතු තත්වයක් මෙදා පෙන්නුම් කළා. ඇමරිකන්කමට සුන්දර තාලයක් ලබා ගන්නට හැකි වුනා.

මැද පංතික බලවේගයන් ගෙන් ආපු හඬට යොමු වෙලා අලුත් ජනාධිපති ඒ සුන්දර ප්‍රජාතන්ත්‍රවාදී ගීතයක් මතු කරන තැනට බැස්ස. ලෝකයට ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය ගෙන ඒම සඳහා ඇමරිකාවෙත් සියළු බලවතුන්ට පන්නරය ලැබෙන තැනට දැන් ලෝකය අමුතු වෙලා.

ඒ අතර සමාජවාදය ගැන යැයි කියමින් ගූඨ වැඩ වලට යොමු වුන අය, බොරු ‘මාක්ස්දීන්’ හැටියට හංවඩු ගැහුනා.

මේ අනුව සම සමාජ වාදීන් ලංකාවේ මාක්ස්වාදීන් ලෙසට ම ජනතාව අතරට ගමන් කළත්, සියලු කොමියුනිස්ට් සමාජවාදීන් ජනතාවාදී ජාතිවාදීන් (Populist Racists) සමඟ ගනුදෙනු කරන්නන් බවට පත් වුනා.

එයින් බේරීමට සමසමාජකාරයින්ට හැකි වුනේ ජාතික පීඩකයන්ට අවසරයක් නොදෙමින් ජාතික අයිතිය හිමි කර දීමට පීඩිත ජාතීන්ට උදව් වීමට පැමිණි නිසායි.

එසේ සුළු ජාතීන්ගේ සටනට උර දෙන්නට සම සමාජවාදීන් ඉදිරිපත් වන අතරේ, එතැනදී ලිබරල් ධනවාදී පක්ෂ ජාතික පීඩනය පිළිගෙන; පීඩිත ජාතියේ ධනපති කොටස් වලට එම සටනේදී උදව් වුනා.

එමෙන්ම ඒ විදියට යම් යම් ධනපති පක්ෂ, සුළු ජාතික ජනතාවගේ සටනට සහාය දීමට උදව් වෙනව නම් ඒ සමඟ ජාතිවාදීන්ට විරද්ධව සටන් කිරීම අනිවාර්යයෙන් කළ යුතු දෙයක්.

ධනපතීන් ට විරුද්ධ වීම යනු ජාතිවාදීන්ට කඩේ යෑම නම් නොවේ

ධනපතීන්! ධනපතීන්! කියමින් ජාතිවාදීන් සමඟ එකතු වීම හා බොරු සමාජවාදී බේගල් දෙඩවීම හෙලා දැකිය යුතු වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ එදා බලය බෙදීමට එකඟ වූ සම සමාජ නායකයන් මර මරා ජාතිවාදීන් සමඟ අත්වැල් බැඳ ගැනීමට සමාන තත්වයක් අද ඇතිවෙලා තිබෙනවා. ජාතිවාදයට විරුද්ධ සටනකට පෙල ගැසෙන විටදී, ජාතිවාදයට විරුද්ධ ධනපති පක්ෂ සමඟ පොදු සටනට එකතු නොවීමෙන් ජාතිවාදයට උදව් වීම අද කරන සාපරාධී ක්‍රියාවක් වී තිබෙනවා.

පංති පෙලගැස්ම යන වචන පෙලක් තුළ සැඟවී පවතින බියකරු පැසිස්ට් ජාතිවාදී ක්‍රියාන්විතයට මුහුණ දීම අමතක කිරීම, කිසිසේත් මාර්ක්වාදී උවමනාවක්, පිලිවෙතක් විය නොහැක.

යට ගියාව තුළ කැකෑරෙන පලිගැනීම් සිත්වල තියාගෙන, ඒවා පසුපස ගමන් කිරීමෙන් ඇත්ත පන්ති සටන ඉවත දැමීම, විශාල විනාශයකට යටවීමක් ලෙස, ඊලඟ දේශපාලන වකවානුවේදී ෆැසිස්ට්වාදී ගමනට තවදුරටත් ඉඩ පෑදීමක් වන්නේය.

මාර්ක්ස්වාදීන් යනු පොතේ ගුරුන් නොවේ

විද්‍යාවේ දියුණුව තුළ සැම පන්ති පෙලගැස්මක්ම වේගයෙන් ගමන් කරමින්, වෙනස් පිංතූර එලියට දෙනු ලැබෙයි.

පොතේ ගුරුන් ලෙසට පන්ති සටනේ නව මුහුණුවර හදුනා ගන්නට බැරි වෙනවා නම්, එයින්ම පාවා දීමට යොමු වීමක් ලෙස මතුවන හැඩ ගැසීම නොදැකීම කණගාටුවට කරුණක්. එමෙන්ම එය දේශපාලන විනාශයකට මුල්විය හැකියි.

මෙවන් පිංතූරයක් තුළ පංති සටනේ මැදිහත්වීම ගීතයක සීමාවේ ඉදිරියට ගෙන යාමට ඇති ඉඩ අඩුය. එහෙත් ජනතාව අතරේ දී ගීතය විශාල වැඩ කොටසක් ඇති කරයි.

දැන් මේ පසුගිය මැතිවරණයේදී මැද පංතික ක්‍රියාකාරීත්වය ඉහලටම ආවා. ඒ නිසා විපක්ෂයේ සටන් පාඨ වලට සීමා වෙනවා වෙනුවට වෙනත් මැදිහත් වීම් ක්ෂේත්‍ර පළල් වී තිබෙනවා.

ජෝ බයිඩන් වටා මැද පංතිය වටවීම තුළ, සටන් පාඨ අතරේ ගීතයට කවියට ලොකු ඉඩකඩක් ලැබිල තියෙනවා. ඡන්දය පැත්තෙන් බැලුවහම එය විශාල වටිනාකමක්.

කුණුහරපයත් ගීතයත් අතර සටනක්

ඒ අතර ඩොනල්ඩ් ගේ වේදනාව වඩ වඩා ජාතිවාදී, පට්ට පහත් කෑකෝ ගැසීම් දෙසට විසි වුනා. ගීතයත්, කුණුහරපත් අතර සටනක් බවට ඡන්ද සටන පත් වුනා.

පෙනුමට ලොකු බලවේගයක් ඩොනල්ඩ් පෙන්නුවත්, එය පාදඩ හඬ තුළින් ගීතයට තැන එන ලෙස ඉඩ සැලසුවා. දියුණු නිර්ධන පංතික වැඩකරුවන් මැද පංතියේ ගීතමය සමාගමට ඇදිල ගියා විය යුතුයි.

පාදඩ තර්ජන වලට මියුලැසි ගීතයෙන් පරාජය අත් කර දුන් හැටියත් අප පිළිගත යුතුයි.

මේ ඇමරිකාවේ ලොකු ජයක්. යැංකි කියන සල්ලාල වචනයෙන් හැදින්වුන ජනතාවක් ගීත රාවයට, නිහතමානයට තැන දෙන රටක් බිහි කලා සේ පෙනෙනවා.

මේ ජනපතිවරණයත් එක්ක, ඇමරිකාවට ලින්කන් ගේ කාලයේ වාගේ මනුස්සකම ඉහලට ගත් යුගයක් ඇති වේය කියල හිතන්න පුළුවන්. මහ ධනපති දුෂ්ඨ ව්‍යාපාර ලෝකයක් තුළින් එදා වගේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී වීරයන් නැවත එලියට ආව කියල කියන්න පුළුවන්.

යැංකි වාද වෙනුවට ලින්කන්ගේ ආත්ම පරිත්‍යාග ගීතමය ලොව ටික කලකටවත් උදා වෙලා නම් අප සතුටු විය යුතුයි. බහුජාතික සමාගම් වල පෙල ගැසීමේ වෙනසක් වීමට ඉඩ තිබෙනවා.

“ප්‍රජාතන්ත්‍රවාදය” තුළින් ගීතමය සමාජයක් ලොවට ඉදිරිපත් කිරීමට හැම බලාපොරොත්තු තැබුවත්, එය අන්තිම වශයෙන් තීන්දු වෙන්නේත් පංති සටන තුළමය.

මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

2020.11.10

සබැදි ලිපි

You may also like...

1 Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.