කළු කපුටු හිත

Image by Mabel Amber from Pixabay

කපුටෙක් පැන්නා ගිරවෙක් නැති කූඩුවට
පැටවුන්ට තේරුණේ ටික කලක් යනකොට
මාලගිරා තටු නෑ කපුටගෙ රුවට
දුක දලූ දැම්මා හැම රෑකම බක්මහට
 
ගිරවගෙ වගේ ලස්සන කපුටට කොහෙද
සුවඳ පලවැලත් නෑ කුණු ගඳ මිසක
ගිරවිට කාක්කා මැණිකකි මඩගොඩට
අම්මේ කියාදෙනව ද මට ඉගිළෙන්ට
 
ඇහැක් කොනිත්තා ඇද වැටෙනා කඳුළු
බරක් ගෙනාවේ පපුවට විතරමලූ
මාල ගිරව් බැන්දත් කරවට පබළු
දුක ඉහිලූවේ හැමදාමත් පිනි කැකුළු
 
පැටව් ගිලගන්න නයි, ගැරඬියන් ආ රැයක
තුවක්කුව වගෙයි වෙඩි තිබ්බෙ උල් කරපු හොට
කණාමැදිරිත් බයයි ඇස් විසිකරපු ගින්දරට
කළු වුණත් කොයිතරම් සුන්දර ද කපුටු හිත
 
යනූෂා ලක්මාලි

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.