නිහඬ ආගන්තුකයා
කලා සමුදායක් බඳු වූ මිනිස් ජීවිතය, වත්මනේ දී ජාවාරම් වීමට ඔබින භෞතිකයක් වැනි ය. විවිධ සිද්ධි දාමයන් වල සම්මිශ්‍රණයකි, ජීවිතය .
එකිනෙකට වෙනස් වූ සිද්ධි වල දී, පුද්ගලානුබද්ධව ලබන්නා වූ අත්දැකීම්, විටෙක පෞද්ගලික මෙන් ම පොදු අත්දැකීම් බවට පත් වීමට ඉඩකඩ නැතුවාම නොවේ. එළිය දුටු දා පටන් මව ගේ තුරුලේ උණුහුම විඳ හැදී වැඩෙන පුද්ගලයා, කරඳඩු උස් මහත් වූ පසුව තමන්ට අවැසි දේ නොලැබෙන විටක දී, මව් ඝාතකයෙකු වීමට ප්‍රමාද නොවන්නේ, කෘෘරත්වය හෝ ආවේගශීලී බව මුල් කරගෙන කටයුතු සිදු කිරීම නිසා ය.
ඔවුහු ,,,,,
මනුෂ්‍යයෝ ද ?? නැතිනම් තිරිසනුන් ද??
ඔවුහු, ` තිරිසන්කම ´ විශේෂණ වූ මිනිස් සමාජය කි.
“බැඳීම්” යන සමුදායක, පුරුකක් වන `මම´, නාමය දරන්නා ගතික වන්නා වූ ,,,
අපූර්ව මිනිසෙකි….
*මම* යනු, පුද්ගල හෝ සංඥා නාමයක් පමණි …
දිනෙන් දින නව්‍ය වන ලෝකය තුළ, “මම” යන්නට කීමට නිශ්චිත අර්ථකථනයක් නැත. සියලු තර්කයන් නිශ්ප්‍රමාණ කරමින්, “මම” ගොඩනැඟෙනුයේ, සමාජ අවස්ථා වලට අනුගාමීව ය…
හඳුනාගත නොහැකි / අසීරු දෙයක් වේද, නිශ්චිත නිරූපිතයක් නැති යමක් වේ ද, එනම්,’* මමත්වය * යි….
මෙවැනි වූ දාමයන් හා සිර වී සිටින මොහු අනේකවිධ අවස්ථාවල දී, විවිධ වූ පුද්ගලනාමයන් උසුලයි.
විවිධ තත්ත්වයන්ට අනුරූපී වන “මම” යන පුද්ගලයාට නිශ්චිත අර්ථකථනයක් දීමට වෙහෙස වෙනවාට වඩා කළ හැකි ඵලදායී ම ක්‍රමය වන්නේ, ° • මමත්වය • ° යහපත් ලෙස හසුරුවාලීම යි.
ආරම්භය යහපත්ව ගෙන, එය පවත්වාගෙන යාම පුද්ගලානුබද්ධ කාර්යය කි.
~ රූපණය ~, හැඳින ගනිමින්… උපත ලබන, “මම” , වාචිකත්වය අභිසෙස් ලබා මේ කරනු ලබන , * ජීවිත තරණය *,,, අර්ථ පූර්ණ කර ගත හැකි වන්නේ , °° මමත්වය °° හඳුනාගැනීම පසුපස හඹා යාම තුළ නොවේ, යහපත් °° මමත්වයක් °° නිර්මාණය කිරීමෙනි.
– – හැඟීම් අතික්‍රමණය කළ ආකල්පමය දැනවීම – –
– කැස්පර් –