මහ මඟ සිත්තරාවිය

වෙනස් වෙලා දුරස් නොවුණු මුත් නිතර
හිතා ගන්නටත් බෑ අහසෙම අඳුර
කතා ගොතන දැවටි දැවටි හිත අසල
හිනා පොදක් හලා යන්න බැරි මොකද
 
හැඩි කළ තාප්පය හැඩ කරනට කැපව
පින්සල අරන් හිත හිත වටපිට බැලූව
අඳුරු පාට දිලූණත් ඇඟ ඇඳි සළුව
සොඳුරු සිතුවමකි මට නම් නුඹ සොඳුර
 
දේදුනු වර්ණ තවරා නැති ඔය මුහුණ
සඟවා කියයි නැතිබැරිකම ළඟ රැඳුන
අමාවක අහස් කුසටත් තනි මැකුව
ඉරබටු තරුත් හිටියා අවිහිංසක රැයට
 
සිසිල දෙන අහස දෙසවත් නොබලාම
නතර නොවී බැස යන්නෙද නුඹ කෝම
නෙක නෙක වර්ණ ගැළපූවත් ඔබ ඔහොම
නුඹෙ දිවියට තවරන්නේ මොන පාට

– යනූෂා ලක්මාලි

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.