20 ට එරෙහිව ජනයා පෙළගැස්වීම වෙනුවෙන් කම්කරුවෝ පෙරට
20 වන සංශෝධනයට එරෙහිව, එයින් මතු වන්නා වූ අනතුර සම්බන්ධයෙන් පොදු ජනයාගේ අවබෝධය ඉහල නැංවීම සදහා වෘත්තීය සමිති ඉදිරියට පැමිණ ක්‍රියා මාර්ග ගැනීම ආරම්භ කර තිබේ.
ඒ අනුව ‘ප්‍රජාතන්ත්‍රවාදය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, මාධ්‍ය නිදහස සහ 20 වැනි සංශෝධනය’ මැයෙන් පසුගිය ඔක්තෝම්බර් 06 දින, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් විවෘත සංවාදයක් සංවිධානය කරන ලදී.
මේ අවස්ථාවට සහභාගී වෙමින්, නීතිඥ ජගත් ලියන ආරච්චි, නීතිඥ අර්මීසා ටීගල් සහ අනිද්දා පුවත්පතේ කර්තෘ නීතිඥ කේ.ඩබ්. ජනරංජන විසින් පවත්වන ලද කථා, පොත් පිංචක් වශයෙන් සකස් කොට ඉදිරිපත් කිරීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් කටයුතු කර තිබේ.
ඒ පොත් පිංච මෙම ලිපිය අවසානයේ ඔබෙ උදෙසා අප විසින් පළ කර සිටිමු.
සංශෝධන සහිතවවත් 20 එපා
මේ අතර පසුගිය ඔක්තෝම්බර් 16 දින ’20ට එරෙහි වෘත්තීය සමිති ව්‍යාපාරය විසින්’, “සංශෝධන සහිතවවත් 20 එපා” යන තේමාව යටතේ විරෝධතාවය දැක්වීමක් සහ පෝස්ටර් ඇලවීමක් සංවිධානය කර තිබුනි.
මෙම 20ට එරෙහි වෘත්තීය සමිති ව්‍යාපාරයට, ලංකා වෙළද කාර්මික හා පොදු සේවක සංගමය, ලංකා කම්කරු සම්මේලනය, ලංකා ගුරු සංගමය, සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමය ඇතුළු දිවයිනේ ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති රැසක් එක් වී තිබේ.
ඒ අනුව, විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනයා දැනුවත් කිරීම අරමුණු කරගෙන, ලංකා බැංකු සේවක සංගමයේ පර්යේෂණ හා පුහුණු ඒකකය විසින් සම්පාදනය කරන පොතක්, පසුගිය ඔක්තෝම්බර් 09 වන දින, ’20ට එරෙහි වෘත්තීය සමිති ව්‍යාපාරය’ විසින් එලිදැක්වීමට ක්‍රියා කර තිබේ.
එම ලියවිල්ල ද අප මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමු.
reserch-and-tranee-center-CBEUනිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පළ කරන ලද පොත් පිංච පහතින්
20-වැනි-සංශෝධනය-ප්_රජාතන්ත්_රවාදය-සහ-මාධ්_ය-නිදහස-පොත්පිංච-1සබැදි ලිපි