කොරෝනා සටනට එජාපය ආණ්ඩුවට දෙන සහයෝගයට බාහුගෙන් ප්‍රසාදය
එජාපය, කොරෝනා අනතුරට මුහුන දීම සදහා රජයට සහය වීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත යොමු කරන ලද ලිපියකින් දන්වා සිටී.
“කොරෝනා වයිරස් අන්තරාය පරාජය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය දීමට ඔබ විසින් පියවර ගෙන තිබීම ගැන අපි සතුටු වෙමු”
“කෙසේ වෙතත්, සුලුතරයන් අතර කනස්සල්ල ඇති කිරීමට හේතු පාදක වන ඇතැම් පියවර වර්තමාන ප්‍රතිගාමී ආණ්ඩුව විසින් ගෙන තිබේ. ආණ්ඩුවේ ක්‍රියාකාරී සැලැස්මේ අප දරන දායකත්වය මගින් සුළුතර ප්‍රජාවන්ගේ බිය තුරන් කිරීමට කටයුතු කළ යුතුය” යනුවෙන් ලිපියේ සඳහන්ය.
කොරෝණා වසංගතය සම්පූර්ණයෙන් අවසන් වීමට මාස ගණනක් වුවත් ගතවිය හැකි අතර ඉන් පසුවද ජන ජීවිතය යථා තත්වයට පත්වීම සදහා තවත් කාලයක් ගත විය හැකියි. එම තත්වය යටතේ මහ මැතිවරණය පැවැත්වීම තවදුරටත් ප්‍රමාද විය හැකි අතර එතෙක් රට හසුරුවීමේ මුලු බලය එක් තැනැත්තෙකුගේ අතේ රදවනු ලැබ තිබීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට ප්‍රශ්නකාරීය.
එසේම යුක්තිය සාධාරණය අහිමිකරනු ලැබීමෙන් පීඩිත සුළු ජාතීන් අතර, මෙම නව දේශපාලන වර්ධනයන් මගින් තම පැවැත්ම වඩාත් තියුණු අභියෝගයන්ට ලක් කෙරෙනු ඇතැයි භීතිය පැතිර යෑම ස්වාභාවිකය.
කොරෝනා වෛරසයට ජීවිත නැති කිරීමට ඉඩ දියයුතු නැතුවා සේම එයට ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය හා ජනතාවගේ පරමාධිපත්‍ය ඝාතනය කිරීමට ද ඉඩ නොදිය යුතුය.
එසේ හෙයින් යලි පාර්ලිමේන්තුව කැදවා, මහජන නියෝජිතයින්ට මෙම වසංගතය සම්බන්ධයෙන් නිසියාකාරව හා නීත්‍යානුකූලව තීන්දු ගැනීමටත් කටයුතු කිරීමටත් අවස්ථාව සැලසිය යුතු බව ‘හරය’ අදහසයි.
සබැදි ලිපි