ඖෂධ හිඟය නිසා ජනතාව මරුමුවට පත්වීමේ අවදානමක්
රට මුහුණ දී සිටින ඖෂධ අර්බුදයට වහාම පිළියම් නොකළහොත් මහත් ව්‍යසනකාරී මරණ සංඛ්‍යාවක් සිදුවිය හැකි බවට ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය ජනාධිපතිවරයාට අනතුරු අඟවද්දී, එම ආණ්ඩුව බලයට පත් කිරීමට කර උර දුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් උග්‍ර ඖෂධ හිඟයට මුහුණ දීම සඳහා සෞඛ්‍ය ලේකම්ට යෝජනා 5 ක් ඉදිරිපත් කර තිබේ.
ඖෂධ මිලදී ගැනීම සඳහා මුදල් යෙදවීම ප්‍රමුඛතාවක් කරගැනීමේ අසීරුතාවක් ඇති බව නව මහබැංකු අධිපතිවරයා පසුගිය දා පවසා සිටියේය.
අභිනව මුල්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශ කිරීම සඳහා මාධ්‍යවේදීන් හමුවූ අප්‍රේල් 8 දා ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කර සිටියේ රටේ මහජනතාවගෙන් බහුතරයකට අත්‍යාවශ්‍ය ආහාර, ඉන්ධන වැනි දෑට දෙන ප්‍රමුඛතාවම ඖෂධ සම්බන්ධයෙන්ද ලබා දිය හැකිද යන්න විමසා බැලිය යුතු බවයි.
ශ්‍රී ලංකා වෛද්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් අනතුරු අඟවා තිබුනේ ඖෂධ හිඟයට වහාම පිළිතුරු නොදුන්නොත් “කෝවිඩ්, සුනාමි සහ සිවිල් යුද්ධයේ සියලු මරණ වල එකතුවට වැඩි ව්‍යසනකාරී මරණ සංඛ්‍යාවක්” සිදුවිය හැකි බවයි.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ රජයේ දුර්වල ආර්ථික හා මූල්‍ය කළමනාකරණය හමුවේ, අද වන විට මූලික මිනිස් අයිතිවාසිකම් වන ජීවත් වීමේ අයිතිය හා සෞඛ්‍ය සඳහා ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීමට වර්තමාන රජය, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය බලධාරීන් අසමත් වී ඇති බවයි.
“අද වන විට ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති දැඩි ඖෂධ හිඟය හා සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑමට අවශ්‍ය අනිකුත් උපකරණ ද්‍රව්‍ය හිඟය ඉදිරියේදි මීටත් වඩා බරපතල වන බව රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා තහවුරු කරයි.”
මෙම බරපතල සෞඛ්‍ය අවදානම් තත්වයට මුහුණු දීම සඳහා ඉතා ඉක්මනින් ගත යුතු පහත ක්‍රියාමාර්ග පහ පිලිබඳව සෞඛ්‍ය ලේකම් දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළ බව, එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සදහන් කරයි.
- සෞඛ්‍ය හදිසි ආපදා තත්වයක් රට තුළ ප්‍රකාශයට පත් කිරීම,
- අදාල සියලු පාර්ශව කැඳවා පවතින ඖෂධ හා උපකරණ තත්වය සමාලෝචනය කිරීම,
- සෞඛ්‍ය අමාත්‍යංශය තාක්ෂණික කමිටුවක් පිහිටුවා දැනට අප සතුව ඇති ඖෂධ මනාව කළමනාකරණය කර ගැනීම සඳහා මාර්ගෝපදේශන සැකසීම,
- ජාත්‍යන්තර සහය සහ විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙ සහයෝගය ඖෂධ හිඟයට මුහුණ දීමට ලබා ගැනීම,
- විදේශ ආධාර මත ලැබෙන ඖෂධ වල ගුණාත්මකභාවය තහවුරු කරන ක්‍රමවේදයක් සැකසීම.
තවද, රජය ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීම තුළින් රටේ ජනතාවට සෞඛ්‍ය සඳහා ඇති මූලික මිනිස් අයිතිය තහවුරු කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් පවසන්නේ.
කෙසේවෙතත්, යුද්ධයේ අවසාන සමයේ වන්නියට අවශ්‍ය ඖෂධ නොයැවීමෙන් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දැරූ මහින්ද රාජපක්ෂ පාලනය මහා පරිමානයෙන් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා ලබන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම ආණ්ඩුව දියත් කළ යුද්ධයට සහාය දුන්නේය.
ඉවක් බවක් නැතිව රෝහල්වලට බෝම්බ ගැසීමෙන් වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල වල ජීවිත අනතුරේ වැටී තිබියදී, එය වළක්වාලන්නට එම සංගමය කිසිදු මැදිහත් වීමක් කළේද නැත.
ඒ මොහොතේ විනාශය අනුමත කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ මොහොතේ ඖෂධ හිඟය නිසා සෞඛ්‍ය අංශය පත්ව සිටින අර්බුදකාරි තත්වයට මුහුණ දීම සඳහා සහයෝගය ලබා දෙන මෙන් විදේශගතව සිටින ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන්ගෙන් සහ පුරවැසියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.
මුල්‍ය අර්බුදය සමග ඖෂධ සහ වෛද්‍ය ආම්පන්න හිඟයකට මුහුණපෑමට සිදුවනු ඇති බවට සුව සේවයේ වෘත්තීය සමිති කලකට පෙර අනතුරු අඟවා තිබුණි.
අවම වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවතින යතාර්ථය සැගවීම හා දේශපාලන රැකවරණය වෙනුවට, පවතින සැබෑ තත්වය හෙළිදරව් කරමින්, වඩා සුදුසු කළමනාකරණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඉදිරිපත් නොවී, දීර්ඝ කාලයක් තිස්සේ අනතුර දැක දැක මග හැර සිටීම, පවතින අර්බුදය දෙගුණ, තෙගුණ කිරීමට හේතු වු බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මීට ඉහතදී පවසා තිබුණි.
- යහපාලනය වතු කම්කරුවන්ට බෙදූ ඉඩම්, වත්මන් පාලනයෙන් කොල්ලකන බවට චෝදනා
- කන්න කියා ණය ගන්නා ආණ්ඩුව දරුවන්ගේ කෑම වේලටත් තට්ටු කරලා!
- යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා යාපනයේ විරෝධතා පෙළපාලි
- ගොවීන්ට ගොවිබිම් අහිමි කිරීමේ පනත් කෙටුම්පතක් සම්මත කරගත් බවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට චෝදනා
- ජනාධිපති ඇතුළු ආණ්ඩුව එළවා දමා, නව ව්‍යවස්ථාවක් හැදීමට නසසපෙන් යෝජනා
1 Response
[…] […]