1983 කළු ජූලිය – වසර 40 කට පසු… “ජාතියක හෘද සාක්ෂිය ලෙයින් හා යකඩින් අහෝසි කළ හැක්කක් ද?”
1983 කළු ජූලිය – වසර 40 කට පසු… “ජාතියක හෘද සාක්ෂිය ලෙයින් හා යකඩින් අහෝසි කළ හැක්කක් ද?” තේමා කොටගත් සාකච්ඡා සභාව පසුගිය ජූලි 30 වැනිදා කොළඹ පැරණි නගර සභා ශාලාවේ දී පවත්වන ලදී.
1983 ජූලි මස සිදු කරන ලද දෙමළ ජනතාවගේ නිදහස් අරගලය පාගා දැමීමේ ජන ඝාතන හා දේපල විනාශය පදනම් කරගත් ක්‍රියා මාර්ගය, ‘කළු ජූලිය’ නමින් එදා මෙදාතුර මෙරට ජන සමාජය තුල ප්‍රචලිතව ඇත්තේ ය. 1983 ජූලියට පෙරත් පසුත් ක්‍රියාත්මක වූ මෙවන් ජාතිවාදී ප්‍රහාරයන් දෙමළ ජනතාවගේ ජීවිත දේපල විනාශයන් ගෙන් සපිරී පැවැතීම සාමාන්‍ය දෙයක් විය. මේ ප්‍රහාරයන් තුලින් ගම්‍ය වන තවත් අර්ථ දෙකකි. එනම් ‘නුබලාට මෙහේ දකුණේ ඉඩ නෑ. ආපහු යාපනේට පලයල්ලා’ යන්නයි. ඊටම බැඳුණු දෙවැන්න ‘ඒකේ අයිතිය නම් උඹලාටනේ’ යන්න වෙයි. දෙවැන්න පළමුවැන්නට වඩා හීන් හඬක් නැගුවත්, මේ දෙකම එක් වූ කල්හි වඩාත් යථාවාදී වූ ලෙස දකුණේ පිළිගැනීමක් පවතින්නකි.
කළු ජූලියට වසර 40ක් ගතවීමට සමගාමීව සංවිධානය කරන ලද මෙම සාකච්ඡා සභාවේ මූලාසනය හෙබවූ ජ්‍යෙෂ්ඨ වෘත්තීය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ විසින් මේ සාකච්ඡා සභාවේ තේමාව පිළිබඳව හැඳින්වීම කළ අතර, ප්‍රධාන අදහස් දැක්වීම් නිතීඥ නාමල් රාජපක්ෂ, ජ්‍යෙෂ්ට මාධ්‍යවේදී වඩිවේල් දේවරාජා සහ ‘හරය’ වෙබ් අඩවියේ සංස්කාරක රණත් කුමාරසිංහ විසින් සිදු කරන ලදී.
මෙහිදී මෙම ගැටුම් වලට පරිසරය සැකසූ ඓතිහාසික පසුබිම සහ, අද මුහුන දීමට සිදුව ඇති අභියෝග සාකච්ඡාවට ලක්විය.
මෙම සාකච්ඡා සභාවේ ආරාධිත අදහස් දැක්වීම් පහතින්.
සාකාච්ඡා සභාව තුලින් මතු වූ අදහස් කිහිපයක්…..