පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවිය නොහැකිද?

කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ වුව මහමැතිවරණ සාකච්ඡාව දේශපාලන කරලියට පිවිස තිබේ. මහමැතිවරණය පැවැත්වීමට නියමිත දිනය ජූනි 20 ලෙස මැතිවරණ කොමිසම තීරණය කර ඇත. එය පාර්ලිමේන්තුව විසුරුවා හැර ව්‍යවස්ථානුකූලව අභිනව පාර්ලිමේන්තුව රැස්විය යුතු දිනය වන ජූනි 02 ඉක්ම වූ දිනයකි. ඇතිව තිබෙන වාතාවරණය යටතේ පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ අවශ්‍යතාව මතුව තිබෙන බව විපක්ෂ දේශපාලනඥයෝ කියති. මහමැතිවරණය පැවැත්වෙන දිනය, අභිනව පාර්ලිමේන්තුව රැස්විය යුතු එනම් පාර්ලිමේන්තුව විසුරුවා හැර තෙමසක් ගත වන දිනයට පසුව යෙදෙන දිනයක් හෙයින් පැවති පාර්ලිමේන්තුව කැඳවීම නීත්‍යානුකූල යැයි එම්. ඒ. සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. මෙම තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශය බල රහිත බව ලක්ෂ්මන් කිරිඇල්ල හිටපු මන්ත්‍රීවරයා කියයි.
කොරෝනා ව්‍යාප්තිය උත්සන්න වීමේ වාතාවරණය යටතේ රෝග නිවාරණ හා සහන සේවා කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සඳහා පාර්ලිමේන්තුව සක්‍රීය කළ යුතු බව විපක්ෂ මේ මන්ත්‍රීවරු පෙන්වා දෙති. රටේ මූල්‍ය රෙගුලාසි වල ඉහලම ආයතනය පාර්ලිමේන්තුවයි. විශාල මුදල් ප්‍රමාණයක් අලුතෙන් මුද්‍රණය කිරීම පිළිබඳව පසුගිය දින වල විවේචන මතුවිය. එය මෙම ව්‍යුහයේ බිඳ වැටීමක සංඥාවකි. පාර්ලිමේන්තුව දීර්ඝ කාලීනව රැස් නොකිරීම මෙම ස්භාවය තවදුරටත් තීව්‍ර කරන්නකි. පවත්නා පසුබිම යටතේ ජූනි 20 වෙනි දින ද මහමැතිවරණය පැවැත්වීමේ හැකියාවක් තිබේදැයි ඇතමෙක් අවිස්වාසය පල කරති. නමුත් පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු කියන්නේ මැතිවරණය කල් දැමීම හෝ නැවත පාර්ලිමේන්තුව කැඳවීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව යි. කඩින් කඩ මැතිවරණය පැවැත්වීමේ අදහස්ද මේ අතර වේ.
මැතිවරණ ව්‍යාපාරයේදී ජන සමාජයේ පවත්නා නිශ්ක්‍රීය වාතාවරණය රජයට වාසි සහගත නිසා මේ අවස්ථාවේ මැතිවරණය පැවැත්විය යුතු යැයි රජය කියා සිටින බවට විවේචනය වේ. රට තුළ කොරෝනා ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පහව නොගිය අවස්ථාවක දකුණු කොරියාවේ මැතිවරණය පැවති අන්දම රජය පෙන්වාදෙයි. දකුණු කොරියානු මැතිවරණ ආදර්ශය අප රට තුළ කොතෙක් දුරට සාර්ථකව ක්‍රියාත්මක කළ හැකිද යන්න විමසිය යුතු වේ. එහි දී ඡන්ද පොලට එන සැමගේ සිරුරේ උෂ්ණත්වය මැන බැලීම, විෂබීජ නාශක යොදා අත් සෙදීම, සැමට ආරක්ෂිත අත්වැසුම් හා මුඛ ආවරණ ලබාදීම සිදු කෙරෙනි. යම් අයකුගේ සිරුරේ උෂ්ණත්වය වැඩි නම් එවැන්නවුන් වෙනම ඡන්දය දැමීමේ කාමරයකට යොමු කිරීමට කටයුතු යොදා තිබුණි. ඒ අනුව එක් ඡන්ද දායකයකු සදහා දකුණු කොරියාව වැය කළ මුදල් සම්භාරය අප රටට කෙසේවත් ඔරොත්තු නොදෙන බව නොරහසකි. අප රට මෙන් දොළොස් ගුණයකට වඩා විශාල ආර්ථිකයක් සහිත එරට එසේ කළද අප රටේ එම පියවර ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කළ නොහැකි බැවින් මේ වසංගත තත්ත්වයේ නිමාවක් නොදැක කරන මැතිවරණය ජනතාව මරණ මංචකයට තල්ලු කිරීමක් බවට පත් වනු ඇතැයි විද්වතුන් පෙන්වා දෙයි. මෙවැනි පසුබිමක් යටතේ රජය කියා සිටින ජනතා පරමාධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කෙසේ වෙතත් හතර රියනේ අයිතිය නම් තහවුරු වනු නිසැකය.
ව්‍යසනකාරී පසුබිමක, එම අවදානම්කාරිත්වය සැළකිල්ලට ගෙන, පාර්ලිමේන්තුව නැවත කැඳවා නිසි කල් එළඹෙන තෙක් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ හැකියාව ව්‍යවස්ථානුකූලව ඇති බව නීති විශාරදයෝ පෙන්වා දෙති. ඒ සඳහා ජූනි 02 දින වන තෙක් කල්ගත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවද ඔවුහු කියති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) වගන්තියෙන් එය පැහැදිලිවේ. ඊට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව කවර අවස්ථාවක වුව ද පාර්ලිමේන්තුව නියමිත දිනයට කලින් රැස්වීමට අවශ්‍ය වන ස්භාවයක හදිසි තත්ත්වයක් උද්ගතවී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත්වුවහොත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 (7) වගන්තිය මෙසේ දක්වා තිබේ, “පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් පසුව කවර අවස්ථාවක වුව ද පාර්ලිමේන්තුව නියමිත දිනයට කලින් රැස්වීම අවශ්‍යවන ස්වභාවයක හදිසි තත්ත්වයක් උද්ගත වී ඇති බවට ජනාධිපතිවරයා සෑහීමකට පත් වුවහොත් විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව ප‍්‍රකාශනයක් මගින්, ඒ ප‍්‍රකාශනයේ දින සිට තුන් දවසකට කලින් දිනයක් නොවිය යුතු දිනයක දී රැස්වන ලෙස කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය. එසේ කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව හදිසි අවස්ථාව අවසන් වීම හෝ මහ මැතිවරණය අවසන් වීම යන මෙයින් කලින් එළඹෙන අවස්ථාවේ දී විසිරෙන්නේ ය.”
මෙවැනි තත්ත්වයක් කළමනාකරනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව තිබියදී, පැවති පාර්ලිමේන්තුව කිසිදු හේතුවක් නිසා නැවත රැස් නොකරන බව ජනාධිපතිවරයා කියා සිටින්නේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලිය. ඒ පැවැතුනු පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ගේ අන්තේවාසිකයන්ගෙන් සමන්විත වුවක් නොවන නිසාය.
ප්‍රියන්ත සිල්වා