වැටුප් කප්පාදුව නැවැත්තුවේ නැත්නම් අධිකරණ හා ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යනවා
කොවිඩ් 19 සහන සැලසීමේ අරමුදලට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ගේ දිනක වැටුප බලහත්කාරයෙන් කපාගැනීමක් සිදු වන බවට චෝදනා කරන වෘත්තිය සමිති නායකයෝ එම අනීතික, බලහත්කාරී හා කාලෝචිත නොවන ක්‍රියාව අත්හැරියේ නැත්නම් ඒකාබද්ධව අධිකරණ හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන බව ප්‍රකාශ කරයි.
සේවකයින්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් තොරව කොවිඩ් 19 සහන සැලසීමේ අරමුදලට නැගෙනහිර පළාත් රාජ්‍ය සේවකයන්ගේ දිනක වැටුප බලහත්කාරයෙන් කැපීමට පියවර ගනිමින් සිටින බවට ලංකා ගුරු සංගමය අනාවරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ මේ වන විටත් නැගෙනහිර පලාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාලයන්හි, ලබන 20 දාට ගෙවීමට නියමිත වැටුප් වලින් දිනක වැටුප කපා ගැනිමට කටයුතු කරගෙන යන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි. ”වැටුප් ලාභියාගේ කැමැත්ත ලබා නොගෙන, ඒ් පිළිබද විමසිමකින් තොරව ඒක පාර්ශවිකව දිනක වැටුප කපමින් යන බව කලාප කාර්යාල වලින් අපට තොරතුර ලැබිල තියෙනව. මේ පියවර ගැනීමට පලාත් ප්‍රධාන ලේකමුයි, පලාත් අධ්‍යක්ෂයි දන්වල තියෙනව. අපි මේ ගැන දැනටමත් නැගෙනහිර ආණ්ඩුකාරතුමියටයි, පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයටයි, ජනාධිපතිටයි පැමිණිලි කරල තියෙනව. වහාම මේ මුදල් ආපසු වැටුපට දාන්න කියල.” යි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා පැවසීය.
මේ පිළිබදව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් සිය අත්සනින් යුතුව මැයි 12 අගහරුවාදා නිකුත් කර තිබේන නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ “නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්ගේ අත්සනින් යුතුව EP/01/1/Gen අංකයෙන් 2020.03.31 දිනැතිව නිකුත් කර ඇති ලිපියෙන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය සහ නැගෙනහිර පළාත් ලේකම්රු අතර පැවති සාකච්ඡාවකදී නැගෙනහිර පළාත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ දිනක වැටුප පරිත්‍යාග කිරීමට එකග වූ බවත්, ඒ අනුව සියලුම සේවකයන්ගේ දිනක වැටුප අය කරන ලෙසත්.” දැනුම් දී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් විමතිය පලකරන සේවකයින් විමසන්නේ පලාත් ආණ්ඩුකාරවරිය සහ නැගෙනහිර පළාත් ලේකම්වරු අතර ඇතිවුනා යයි කියනු ලබන එකගත්වයක් පලාතේ සැම රජයේ සේවකයකුගේම කැමැත්ත ප්‍රකාශ කිරීමක් වන්නේ කෙසේ ද කියායි.
සියලුම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් කපා ගන්නා ලෙස මේ වනවිට පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා සියලුම කලාප කාර්යාලය වලට දන්වා ඇති බව පවසන ගුරු නායක ජෝසප් ස්ටාලින් පෙන්වා දෙන්නේ වැටුප් කැපීමට අකමැත්ත ප්‍රකාශ කළ අයගේ ද මේ අනුව වැටුප් කැපීම සිදු වන බවයි.
“දිනක වැටුප කපා ගැනීමේ දී නැගෙනහිර පළාතේ මෙන්ම සබරගමුව පළාතේ ආණ්ඩුකාරවරු සහ නිලධාරීන් කටයුතු කරන ස්වභාවය අනුව මසක වැටුප කපා ගැනීමේ බලහත්කාරීත්වයක් ඇතිවන බවද මනාව පැහැදිලි වේ,” යි ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් වැඩි දුරටත් කියා සිටියේ ”අනෙක ආණ්ඩුවට කිසිම සදාචාරත්මක අයිතියක් නෑ කැමැත්තකින් තොරව මුදල් කපන්න. අපි දැනට කරල තියෙන්නේ සතයකින්වත් වැටුප් කපන්න එපා කියල වගකිවයුත්තන්ට දැනුම් දෙන එක. ඒ ඉල්ලීමට ඇහුම්තන්දීල ඒ් අනුව කටයුතු කරන්නේ නැත්නම් අපි අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනිමට බලාපොරොත්තු වෙනව. ඒ්ක ගැන සැකයක් නැ. මේවා සම්බන්ධයෙන් නඩුවල පූරාවාදර්ශ තියෙනව. වරායේ, තැපෑලේ මේ වගේ විවිධ තැන්වල අඩු වැඩි වශයෙන් මේව වෙනව. මේ වැඩ පිලිවෙල අත්හැරියේ නැත්නම් අපි ඒකාබද්ධව අධිකරණ හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන්න තමයි සැලසුම් කරන්නේ.” යනුවෙනි.
වරාය සේවක විරෝධය
මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් මසකට අධික කාලයක් රට තුල පවතින හදිසි තත්වය යටතේ කොළඹ වරායේ සියලූ මෙහෙයුම් කටයුතු අඩපනවීමට ඉඩ නොදී වරායේ සේවකයන් මැදිහත්ව කටයුතු කර ඇති පසුබිමක ඒ වෙනුවෙන් දිරි දීමනාවක් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව සේවකයින්ගෙන් දිනක වැටුප් අයකර ගැනීම කිසිසේත්ම කාලෝචිත ක්‍රියාවක් නොවන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය පෙන්වා දී ඇත්තේ ය.
එය සේවකයන්ගේ රැකියා තෘප්තිමත් භාවයට බාධාවක් බව සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතියේ විධායක සභාව වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ වරාය අධිකාරියේ සභාපතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ.
“වරාය සේවකයන්ගෙන් දිනක වැටුපක් සමාජ ආරත්ෂණ අරමුදලට ලබාගැනීමට ඉදිරිපත් කර ඇති ක්‍රියාවලියට අප එකග නොවන බවත්, කාර්යක්ෂමව මේ අවස්ථාවේ කටයුතු කරන වරාය සේවකයා ගැන සිතා මැයි මස එක්දින වැටුප් අය කිරීමට ගෙන ඇති තීරණය අත්හිටුවීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.” යි සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතිය යොමු කළ ලිපියේ වැඩි දුරටත් දැක්වේ.
මේ අතර අවශ්‍ය තරම් ලෝකාධාර ශ්‍රී ලංකාවට ලැබී ඇති බැවින් කෝවිඩ් 19 වසංගතය පිටු දැකීමට අවශ්‍ය පියවර ගැනීමට අපහසුවන මුල්‍ය අර්බුදයක් මෙරට තුළ නොමැති බව පවසන හිටපු අගමැතිවරයා ජනාධිපති ලේකම් විසින් රාජ්‍ය සේවක වැටුපෙන් පරිත්‍යාග ඉල්ලීම ප්‍රශ්න කර ඇත. ඒමෙන්ම, COVID-19 වසංගතයට ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිචාර දැක්වීම සහ සෞඛ්‍ය අංශ සූදානම් කිරීම සඳහා ඩොලර් මිලියන 128.6 ක මුදලක් ලබාදීමට මේ වන විටත් අනුමැතිය ලබා දී තිබෙන ලෝක බැංකුවෙන් දිවයිනේ රෝහල් හා සෞඛ්‍ය ආයතන රැසක භෞතික හා මානව සම්පත් සංවර්ධනයට අදාලව දෙවැනි වරටත් මුල්‍ය ආධාර ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
තොරතුරු සදහා ස්තූතිය – සිලෝන් නිව්ස්
සබැදි ලිපි