ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම පොදු ජනතා වගකීමකි

සේයා - විකිපීඩියා

ඇති වූ කොරෝනා රෝග ව්‍යාප්තියත් සමග මහමැතිවරණ උණුසුම පසුපසට ඇද වැටුණි. නමුත් නාම යෝජනා භාරගැනීම අවසන්වන තෙක්ම, ජනතා අවධානය මැතිවරණය දෙසටම යොමුකර තැබීමට රජය කටයුතු කළේය. කුමන තත්ත්වයක් යටතේ වුව මහමැතිවරණය පවත්වනු ඇතැයි යන සිතුවිල්ල ඒයින් ජනතා මනසට තදින්ම ඇතුලත්ව තිබුණි. මේ වන විට එම පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස්වී සමස්ථ ලාංකේය සමාජයම වසංගත රෝග බියකින් හිරිවැටී ඇත. නමුත් මහමැතිවරණය ඉදිරියේ දී අප වෙත ලගා වෙනු ඇත. යම් හෙයකින් කොරෝනා දඩමීමා කරගෙන එය මගහැර ඉදිරියට යන්නට, ඒනම් පාර්ලිමේන්තුව නිශේධ කිරීමට දක්ෂිනාංශික බලවේග වැර දරණ තත්ත්වක් උදා වෙත් නම් ඒ් බලහත්කාරය පරාජය කිරීම සදහා වීදි බැස මැතිවරණය උදුරා ගැනීම වෙනුවෙන් සටන් කිරීමට  ජනතාව අවදිව, සූදානමින් සිටිය යුතුය.

කෙසේ වෙතත් මහා මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රීය එකඟතාවයන් තුළ, 19 සංශෝධනය ඇතුළු ලබාගත්  ජයග්‍රහණයන් රැකගැනීම ප්‍රමුඛ කරුණ බව අවිවාදිතය. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ආරම්භයේ පටන් ඇතිවූ මතභේද ඉහලට මතු වී පුපුරා යාම හානිදායක තත්වයකි. වම එක්සත් කිරීමේ සටන් පාඨය යටතේ වාමාංශික සංවිධාන කිහිපයක් හුදකලා ක්‍රියාකාරිත්වයන් වෙත යොමු වීමද සාධනීය ප්‍රවේශයක් නොවේ. පසුගිය ජනපතිවරණයේදී ද මෙම ස්භාවය මතුවිය.

නැගී එන, ජාති ආගම්වාදී බලවේගයට විරුද්ධව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ගොනුවක සටන් වැදීම සම සමාජවාදීන්ට අකැප නැත. මතු වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග හමුවේ ලෝක වාසී පීඩිත ජනතාව හොහෝ අවස්ථාවල දී ලිබරල්වාදීන් හා එක්ව සටන් කළහ. කාල් මාර්ක්ස්, බ්‍රසල්ස්හි ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සංගමය තුළ ක්‍රියාකාරීවෙමින් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන්ට ශක්තිය ලබාදුන්නේය. රුසියාවේ බෝල්ෂෙවික්වාදීහු ධනපති ලිබරල්වාදීන් හා එක්ව ‘සාර් රාජාණ්ඩුවට’ එරෙහිව අරගල කළහ.

1930 ගණන්වල ජර්මනියේ පැසිස්ට්වාදී නැගී සිටීමක ලකුණු පහල වීමත් සමගම සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල එක්සත් ක්‍රියාකාරිත්වයක අවශ්‍යතාවය ට්‍රොට්ස්කි සහෝදරයා අවධාරණය කළේය.  බිහිසුණු පාලනයක සේයා මතුවෙන පසුබිමක ස්වකීය මතවාද වෙන්ව තබාගනිමින්, එක්ව සටන් වැදීමේ අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නේය. අවශ්‍ය වන්නේ නම් ඉහලින් ඇතිකරගන්නා පාර්ලිමේන්තු ඒකගතාවයකන් ලෙසින් පවා ඒසේ කළ හැකි බව ඔහු ඒදා අවධාරණය කළේ ය. ඒසේ ධනේශ්වර සමාජයකදී වුව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සුරැකීමට ඉදිරිපත්වීම සියලුම පීඩිතයන්ගේ වගකීමකි. එය සමාජවාදී ගමනට පිටුපෑමක් ලෙස අර්ථ දැක්විය හැකි නොවේ.

ප්‍රියන්ත සිල්වා

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.