ප්‍රේමණීය ලොවක් උදෙසා ජීවිතයට ආදරය කැන්දූ ගුණසේන විජේසිංහ සහෝදරයා

“ප්‍රේමණීය ලොවක් උදෙසා ජීවිතයට ආදරය කැන්දූ සොඳුරු මිනිසාට පිදෙන උපහාරය”

ගුණසේන විජේසිංහ සහෝදරයා වෙනුවෙන් පසුගිය නොවැම්බරයේ (2023) අනුරාධපුර නගරයේ සමාජක්‍රියාකාරීන් සංවිධානයවී සිටින ‘ ජූලි 24 එකමුතුව’ සංවිධානය කර තිබූ උපහාර උළෙලට හරයේ අපිද සහභාගි වුනෙමු.

එහිදී අප සමග ඔහුගේ සහෘදයින් දැක්වූ අදහස් කිහිපයක් පහතින්. ගුණසේන සහෝදරයා අප සමඟ කළ කථා බහ වීඩියෝව අවසානයේ…

තාක්ෂණික හේතු මත ප්‍රමාදයක් සිඳු වුවද, මෙහි දක්වන අදහස් කාලයේ සීමාවන් ඉක්මවමින් මනුශ්‍යත්වය උදෙසා ආමන්ත්‍රණය කරන හෙයින්, මෙම අදහස් අපි මෙසේ ඔබ වෙත ගෙන එමු.

‘හරය’ සතිපතා පුවත්පත පළවූ යුගයේ දී ගුණසේන සහෝදරයා ලබාදුන් අමිල දායකත්වය අි ‌මෙහිදී මතකයට නංවන්නෙමු.

බොහෝ ඇසූපිරූ තැන් ඇත්තකු වූ ගුණසේන සහෝදරයා කථා කළේ බොහො අඩුවෙනි. ඔහු සිය මුව විවර කළේ ඒ මොහොතේ තමාත් ඇතුලත්ව සංවාදයේ නිරතවූ ගමන් සගයන්ගේ ඉදිරි මග හෙලි පෙහෙලි කර ගැනීමට ඉවහල් වන දෙයට සීමා වෙමිනි.

සුපුරුදු පරිදිම මෙතැනදී ත් හෙතෙමේ “හරය” සමග සංවාදයට ඇතුල් වූයේ එහි පාඨකයන් වෙනුවෙන් අවශ්‍යයයි සිතූ දැය පමණක් ප්‍රකාශ කරමින් ය යන්න අපට දක්නට ලැබෙන්නේ ය. සොබා දහමේ නියමයන් තුළ, තමාගේ සුපුරුදු ක්‍රියාකාරිත්වය අඩපන කරණු ලැබ තිබෙන්නේ වී මුත් අවශ්‍ය දේ පමණක් ප්‍රකාශ කළ ඔහුගේ කතා කිරීමේ කලාවේ නම් අඩපන වීමක් වී තිබුනේ නැත.

“මා දන්නා නමුත්, දේශනා නොකරන ලද දේ ඉතා වැඩිය. දේශනා කරන ලද දේ ඉතා අඩුය. කවර හෙයින් මා නොදෙසන ලද්දේ ද? මහණෙනි, එය ප්‍රයෝජනවත් නොවේ. නිර්වාණය ලැබීමට ඉවහල් වන්නේ නො වේ.” යි බුදුන් වදාල බව සඳහන්ය.

මාක්ස්වාදියෙකු වන්නේ, විෂයබද්ධ තත්ත්වයනුත්, එහි බලපෑමෙන් මතුවන මතවාද, සූත්‍රපාඨ සියල්ලත් විෂයබද්ධ තත්ත්වයන් මගින්ම කාලය තුලදී නිශේධයට ලක්කර නව දෑ වර්ධනය කරනු ලබන්නේය යන්න්නහැටිහට ගන්නා තැනැත්තා ය. ගුණසේන සහෝදරයාගේ චින්තන රටාව ද එවැනිය.

ඒ මොහොතේ තම ගමනට ප්‍රයෝජනවත් වූ ක්‍රියාමාර්ගයන් සැමදා සැම තැනකම ඒ හැටියට ප්‍රයෝජනයට ගත නෙැහැකිය. එදා ප්‍රයෝජනයට ගත්තා යයි එය ම කරගසාගන්නා අන්තිමේ දී තමන්ට ප්‍රයෝජනවත් වූ ක්‍රියාමාර්ගය හාස්‍යයට ලක්කරන්නෙක් වෙයි. ඉන් ලද උදව්වට කළගුණ සලකන්නට සිතන්නෙකු කළ යුත්තේ ඊලඟ පියවර තැබීමට සුදුසු නව ක්‍රියාමාර්ගය වර්ධනය කර ගැනීමයි. අද සිටින ඉහල තැනට තමා ගෙන ආ පෙර ක්‍රියාමාර්ගයට යුතුකම් කළා වන්නේ එවිටය.

‘හරය’

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.