නේරු, ගාන්ධි ඇතුළු ජනතාවාදී නායකයන් ඉන්දියාවට දාපු අත්තිවාරම

සේයා - අන්තර්ජාලයෙන්

ඉංදියාව අද මේ විදියට එකට එකතු වෙලා ඉන්නේ එදා නේරු, ගාන්ධි ඇතුළු ජනතාවාදී නායකයන් දාපු අත්තිවාරම උඩයි.

හින්දු දේශයක් ලෙසට එය නම් වුනත් එය මහ පොළව තුළ රැදී ඉන්නේ යථාවාදී දර්ශනයන් උඩ වැඩ කරන නිසයි. රුසියානු විප්ලවය කම්කරුවන් පෙරමුණ ගත්ත විප්ලවයක් වුනත් පසුකාලීනව ගැමි ගොවි ජන බලයට යටත් වෙන්න සිද්ධ වුනා. ඒ අනුව තමයි නිලධාරි පැලැන්තියේ පාලනයට යට වුනු කම්කරු රජයක් ලෙසට ට්‍රොට්ස්කි හංවඩුවක් ගැහුවේ. මේ අනුව තව රටවල ඇතිවුන ජනතාවාදී බලය ඇත්ත සමාජවාදී බලවේග ලෙසට කටයුතු කළේම නෑ. ඒ වුනත් ඉංදියාව දිහා බැලුවහම එහි ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල ශක්තිමත් කම ගත්තම, අඩුදියුණු ස්වභාවය එසේ තිබියදී උනත් උස්ව කැපී පෙනෙනව. මේ ලගදි එහි සුප්රීම් උසාවිය කාන්තාවාදී තීන්දු පමණක් නොවෙයි සමලිංගිකයන්ට නිදහස දෙන තීන්දුත් ගත්තා. මේවා බොහෝ යුරෝපා රටවලටත් උදා වුනේ මෑත භාගයේදීයි. මේ තරම් හයියක් ඉංදියානු ව්‍යවස්ථාවට ඇතුල් වුනේ, නගරබද මෙන්ම ගම්බද ජනයා ගෙන ගිය මහා හර්තාල් ව්‍යාපාර උඩ ගොඩ නැගුනු නිදහස් මථවාදය උඩ බව පිළිගන්න වෙනවා. මාර්ක්ස් විසින් නැපෝලියන්ගේ රැඩිකල් බව ගැන කියන විට රටපුරා දුප්පත් ජනයාගේ වීරයෙක් ලෙසට නැපෝලියන්ටම සීමාවුන බලයක් ඔහුගෙන් ප්‍රකාශ ‍කෙ‍ෙරණ බව කිවා. ඇත්තම ඉංදියාවේ නේරු-ගාන්ධි යුවල සතු වුන බලයට තිබුන හයිය ආවේ නගර හා ගම්බද නිර්ධන ජනයාගේ බලසම්බන්න මැදිහත් වීම තුළින් බව හුග දෙනෙක් පෙන්වල දුන්න.

එදා හින්දූත්වය තුළ පෙරකී හේතු නිසා බොදු යථාවාදය කරලියට ඇවිත් තිබුනා. ඒ නිසා එහි ව්‍යවස්ථාව හැදුවෙම පෙරියාර් හා අම්බෙක්කාර් ගේ සහයෝගයෙන්. එදා නේරු කිව්වේ හින්දුත්වයේ අවසානය බුදු දහම කියලයි. එනිසා ඔහු හින්දු ආගමට පිට සාර්ව හිංදු ආගම පිහිටුවීමට විරුද්ධ වුනා. මෑතක් වනතෙක් ඉංදියාවේ ආගම් ලැයිස්තුවට බුදුදහම ඇතුල් වී තිබුනේ නෑ. ඒ නේරු එයට විරුද්ධ වුන නිසා. ඔහු කීවේ හින්දූත්වයේ අවසානය තමා බුදු දහම කියන එකයි. මෙහි දී ඉහල තැන බුදු දහමට දීල කියලයි සමහරුන්ගේ තර්කය වුනේ. මේ තර්කය කොහොම වුවත් ඇත්තටම බුදු දහමේ බලපෑම උඩ යථාවාදී ගමනක් යන්නට පුළුවන් වුනේ අවදි වුන ජනතා බලය උඩයි. අඩුපාඩු සමග වුවත් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ සේයාවක් ඉංදියාව තුළ තිබෙන බව අපට පිළිගන්න වෙලා තියෙනවා. එය තවත් තහවුරු වුනා මෑතකදී සුප්රිම් උසාවිය තුළ ප්‍රකාශ කරලා තිබෙන තීන්දු උඩ. ඒ වුනත් අපට කනගාටු වෙන්න තියෙන්නේ, මේ හින්දූත්ව බෞද්ධයා ගිය දුරවත් මෙහි ථේරවාදී බෞද්ධයාට යන්න බැරිවීම ගැනයි. ඇත්තටම මහ ලොකුවට සතර ඇත්ත ගැන බණ කියන, යථාවාදය ගැන මොර දෙන බොදු මහ ජනයාට බැරිවුනා තවමත් දෙමළ ජනයාට අයිති ජීවිතය ලබා දෙන්න. මේ අතරේ මැලේසියාවේ මහතීර් මොහොමඩ්, මුස්ලිම් ජන නායකයෙක් හැටියට සියලු ආගම් වලට හා ජාතීන්ට සම අවස්ථා දෙමින් ගෙන ගිය වැඩ පිළිවෙලට විශාල සහනයක් ඇති වෙලා තියෙනවා. ඒ අනුව ඒ රට ඇත්තටම ආගම්, ජාති බේද නැතිව එකතු වෙලා ධනවාදී ක්‍රමය යටතේ වුනත් ඉදිරියට ගමන් කරල තියෙනවා. එලෙසටම දකුණු අප්‍රිකාවේ විමුක්ති නායකයොත් නිදහස් දකුණු අප්‍රිකාව කලු සුදු බේදය නැති රටකට ශක්තිමත් ගමනක් ඇති කරල තියෙනවා. මේ තැන් වල නිර්ධනයින්ගේ බලය එවන් වූ පෙරලිවලින් පෙන්වනවා. ඒ තරමටම කම්කරු බලය ඉදිරියට ඇවිල්ල ක්‍රියාවට බැහැල තියෙනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයන් නැපෝලියන් යුගයේ වගේ දුරදිග ගමන් කරන බව පෙනෙන්නෙ නැති වුනත් සිදුවන වෙනස්කම් නිසා එවන් බලයක් පිටට පෙන්නන බවයි පෙනෙන්නේ. ඇත්තටම මෙහි සරසවි වල සිසුන් ඇතුළු තරුණ බලවේග විශාල වාමාංශික වැඩ ගොඩක් කරනවා. ඒත් මේ ප්‍රජාතන්ත්‍රවාදී පිලිවෙත් තහවුරු වීමට පදනම වෙන්නේ කම්කරු සමගිය ඇති කිරීමෙන් පමණයි.

ලංකාව තුළත් වැඩකරන ජනතාවගෙන් විශාල බලපෑමක් ව්‍යවස්ථා සම්පාදනයට ලැබුන කියල පෙනෙනවා. ඇත්තටම වම හැටියට සිටින අයටයි මේ ගමන යන්න ලැබෙන්නේ කියල දැන් හැමටම පැහැදිළියි. මේවා ගැන තේරුමක් හුගක් සමාජ විද්‍යාර්ථයින් තුළ ඇතිවෙලා නෑ. එයට හේතුව දියුණු ලෝකය පුජාතන්ත්‍රවාදී ගමනට පිටින් ඇතුල් වීම ගැන මිත්‍යා මත තිබෙනවා. ඒවාට ලොකු හෑලි වලින් විරුද්ධ වීම් වෙලා තියෙනවා. කාටුන් වලිනුත් මවා පාන්නේ තරුණයන්ට නූතන ලෝකයට ගමන් කරනා ලෙසට නොවෙයි. මිත්‍යා කථා වලට ලොකු තැනක් තියෙනවා. බුදුන් මැජික් කාරයෙක් කිරීමට හැකිනම් එය වුනත් ඔවුන්ගේ වීඩියෝ පටයකට දාල රස විදින්න පුලුවන්. එයින් වෙන්නේ යථාවාදය ජය ගැන්ම නොව මිසදුටු අය බෙදී යටව යාමයි.

දැන් බොරු මිත්‍යා සිරිත් පැත්තකට දමල ඇත්ත යථාවාදී සදාචාරයක් ගොඩ නැගෙන බවට කරුණු ඉදිරිපත් කිරීමත් අවශ්‍යයි. බොරුවට වඩා ඇත්තට අතදෙන කථිකාවතක් ඇති කළ යුතුයි. මේ රට තුළ මෙය මුල් බැසගෙන ඇති බව හිතට ගත්තත් ඒ හයිය තුළින්ම ඉදිරියට යාමට බොහෝ ඉඩකඩ තිබෙනවා. දැන් සමහරු හදනවා බුදු දහම ජෛන ආගම නොවිය යුතුයි කියලයි කියන්න. එහෙම වෙන්නට නම් බුදුන්ට වඩා ජෛන හේතුවාදයේ පසුබිම් ගැන සෙවිය යුතුයි කියල සමහරු කියනවා.

2018.09.24

ලක්බිම – “නිනව්ව”

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.