උතුරේ ගොවිබිම් නාවික හමුදාවට අත්කර ගැනීමේ උත්සාහය වරදී

land grabbing in north sri lanka
සේයා අන්තර්ජාලයෙන්

නාවික හමුදාව විසින් උතුරේ දෙමළ ජනයාට අයත් විශාල ප්‍රමාණයේ භූමියක් අත්පත් කරගැනීමට දැරූ තවත් උත්සාහයක් දෙමළ දේශපාලනඥයන්ගේ සහ ඉඩම් හිමියන්ගේ විරෝධය හමුවේ අසාර්ථක වී තිබේ.

යාපනයේ, කරෙයිනගර් නීලන්කාඩු ග්‍රම සේවා වසමේ පදිංචි පවුල් 40 ට අයත් ඉඩම් අක්කර 51ක භූමියක් නාවික හමුදා කඳවුරක් පුළුල් කිරීම සදහා මැන වෙන් කිරීමට දෙසැම්බර් 13 වැනි අගහරුවාදා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ සිටි බව උතුරේ වාර්තාකරුවෝ පවසති.

පැමිණ සිටි මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ සහ ඉඩම් හිමියන්ගේ බලවත් විරෝධය හමුවේ මැනීම් කටයුතු සිදු නොකරම ආපසු හැරී යන්නට සිදුව තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් ඒ අතර සිටිනු දැකගත හැකිය.

නාවික හමුදා කදවුර පුළුල් කිරීම සදහා තම ඉඩම් ලබා දීම ප්‍රතික්ෂේප කරන ඉඩම් හිමියන් පවසන්නේ තමන්ට යළි එම භුමියේ පදිංචි විමට සහ වගා කටයුතු වෙනුවෙන් එම ඉඩම් අවශ්‍ය බවයි.

සිය ඉඩම් නාවික හමුදාවට ලබා දීමට අකමැත්ත පළ කරමින් ලිපියක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට භාරදීමටත් ඉඩම් හිමියන් කටයුතු කර තිබුනි.

දෙමළ ජනයාට අයත් පෞද්ගලික ඉඩම්නාවික හමුදා කදවුරු පුළුල් කර ගැනිම සදහා බලහත්කාරයෙන් අත්පත්කරගැනීමේ උත්සාහයන් රැසක්ම පසුගිය සමයේ ක්‍රියාත්මක වු බව උතුරේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

TheLeader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.