නව සම සමාජ මැයි දිනය – 2025 – “ස්ථාවර ජාතික කම්කරු නියෝජන සභාවක් කැඳවමු!”

“ස්ථාවර ජාතික කම්කරු නියෝජන සභාවක් කැඳවමු!” ප්‍රධාන තේමාව කරගත් නව සම සමාජ මැයි දින සැමරුම ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති 2025 මැයි 01 දා කොළඹ ගෑස් පහ හංදිය පැරණි නගර සභා ශාලාවේ දී සංවිධානය කර තිබුණි.
එහිදී නව සම සමාජ පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ අනෙකුත් සටන්පාඨ වූයේ,
- ව්‍යාපාරික රහස් අහෝසි කරණු!
- රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කර්මාන්ත හා සේවා අංශ වල ගිණුම් පොත් කම්කරුවන්ට විවෘත කරණු!
- කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වෙළඳ ඒකාධිකාරය හා කොල්ලකාරී ණය ක්‍රම බිඳදමා, ගම් මට්ටමින් පත් කරන ප්‍රජාතන්ත්‍රීය සභාවන්ට තීරක බලය පවරණු!
- දේශයේ උතුරු කොනේ සිට දකුණු කොන දක්වා සියළු ජාතීන්ගේ වාසභූමි වලට ස්වපාලන බලතල පවරා දෙනු!
මෙහිදී රනත් කුමාරසිංහ, නඩරාජා ජනගන්, ප්‍රියන්ත වික්‍රමසිංහ සහ සුන්දරම් මහේන්ද්‍රන් විසින් මැයි දින දේශන ඉදිරිපත් කරන ලද අතර, සමාජ ක්‍රියාකාරික ටී මධුසූදනන් සහ නීතිඥ නාමල් රාජපක්ෂ විසින් ආරාධිත දේශන පවත්වන ලදී.
එම අදහස් දැක්වීම වලට සවන්දීම සදහ පහත යොමු භාවිත කරන්න.