ISIS යනු නූතනත්වයට අභියෝගයක්
ගෝලීය ධනවාදය ලොව ජය ගැනීමත් සමගම විදුලි තාක්ෂණයේ නැගීමත් සිද්ද වුනා.
ඒ අනුව මිනිසා අති විශාල වැඩ කටයුතු ඉතා ඉක්මණින් මොහොතකින් කරන්න හැකියාව ලබා ගත්තා. සියළු නිෂ්පාදන බලවේග වල අතිමහත් වැඩිවීමක් ඇති වුනා. ඒ අතරම විශාල වශයෙන් පරිසරය, සම්ප්රදාය, කලාව, වින්දනය, මැකී ගොසින් අලුත් තත්ත්වයන් ඇති වුනා. තාක්ෂණය මගින් විවිධත්වයේ දැඩි ගමනක් ඇරඹීම පෙනෙන්නට පටන් ගත්තා. මෙයින් සදාචාරය පිළිබදව ප්රශ්න ඇති වෙන්නට පටන් ගත්ත. සමහර පිළිගත් මනුස්සකම වෙනුවට අලුත් අදහස් මතු වුනා. ඒ අතරම නොසිතූ ලෙසට කාන්තාවන් බලවත් වුනා. දරුවන් පවා වැඩිමහල් උදවියට තොරතුරු ලබාදෙන අලුත් ලොවක් ඇති වුනා. ඒ තරමටම අදහස් ගලායාම වැඩි වුනා. දැන් කුඩා ළමුන් අතත් සෙල් ෆෝන් එකක් තියෙනව. එයින් කෙරෙන වැඩත් විවිධයි. කථා බහට අමතරව පිංතූර ගැනීම, අදහස් පැතිරවීම ආදී නොයෙක් කටයුතු එයින් කරනව. හැමටම ඉංගිරිසි දැනුම නිකම්ම ගලාගෙන එනව. නූතන විප්ලවය තුළ ඇමරිකාවේ ජනාධිපති විහිළුවක් වන තැනට පත් වුනා. ඒ නූගත් කෙනෙක් ලෙසට අදහස් දක්වන නිසා. ලොව පුරා මුස්ලිම් ජනතාවට හිරිහැර ඇතිවන අන්දමේ වැඩ පිළවෙලක් ඔහු දියත් කළා. අධිරාජයවාදයේ පරම හතුරා මුස්ලිම් අය ලෙසට මතුවෙන්ට පටන් අරන්. ISIS වැනි ව්‍යාපාර ඇති වීමත් පුදුමයක්. එය ඇමරිකන් වැඩක් බවයි මුස්ලිම් සංවිධාන පවසන්නේ. මෙයින් අගමුල නැති ප්‍රශ්ණයක් ලෝකය පුරාම පැතිරී ගිය බව විතරයි අපට කියන්න වෙලා තියෙන්නේ.
ISIS නූතනත්වයට අභියෝගයක් බව ඇත්ත. ඒ වුනත් එය ඇත්තටම පවත්වාගෙන යන්නේ කවුරුන්ද? මෙය උත්තර නැති ප්‍රශ්ණයක්. කෙසේ වෙතත් ඇමරිකාව අතුළු බලවතුන්ට ලෝක දේශපාලනයට මැදහත්වීමට දොර ඇර දෙන්නේ මේ වැඩපිලිවෙල නිසා බව පිළිගන්නට වෙනව. මුස්ලිම් ලේබලය තුළ විවිධ දේවල් පැටවීමට මෙයින් හැකි වෙලා තියෙනව. ලංකාව තුළ සිංහල ජනතාව වද කිරීමට වැඩ පිළවෙලක් තිබෙන බව කියමින් කෝලාහල වලට ඉඩ ලබා ගෙන ඇත්තේ ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇගවීම් සමග බද්ද වෙලා කරන විචාරයන් තුලිනුයි. මහින්දගේ පොහොට්ටු පක්ෂය මේ කාලය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග එකට එකතු වෙලා වැඩ කරනවා යන අදහසට ඒ අනුව එන්න වෙනව. මොකද මේ පසුගිය සිද්ධීන් මහින්දගේ පක්ෂයේ ජය ගෝසා සමග ඇති වුන බව එළිදරව් වෙලා තියෙන නිසා. මේක බොරු චෝදනාවක් කියල අපට ඉවත් කරන්නට බැහැ. ඔවුන් විසින් ගෙන යන බොරු ජය ගෝසාවන් සමග තමා මේ කෝලාහලය අම්පාරේ ඇතිවෙන්නේ.එය බොරු චෝදනා උඩ කරන ගෝසාවක් බව විද්වතුන් සියල්ලෝම පිළිගන්නව. මේකයි අවසාන ඇත්ත. බහුතරවාදීන් ලංකාවම සිංහල කිරීමට හදන ප්‍රයත්නය නූතනත්වයට කරන නරුම විහිළුවක්.
නූතන විප්ලවය ක්‍රියාත්මක වන්නේ විද්යුත් පරිසරය ගැන අවබෝධය වැඩි වීම තුළ. භෞතිකය ඝන, ද්‍රව, වායු, අවධිවලින් උනුසුම් වෙලා අවසානයේ ප්ලාස්මා (Plasma) අවදියට ගමන් කරනවා. විශ්වය තුළ වැඩිවයෙන්ම පවතින්නේ ප්ලාස්මා අවධියයි. එහි වැඩ කෙරෙන්නේ ඉලෙක්ට්‍රොනික විදුලි රීතිය අනුවයි. මේ ගැන අදහස් දියුණු වීමෙන් තමා නව තාක්ෂණ විප්ලවය ඇති වුනේ. ඒ අනුව සියල්ල වේගවත් වුනා. සුළු දෙයක් මහා දේවල් කිරීමට හැකි වුනා. මම කේම්බ්‍රිජ් සරසවිය තුළ පර් යේෂණ වල යෙදුනෙත් ප්ලාස්මා ලෝකය තුළ වේගවත් තරංග ගමන ගැන. එදා මා සමග එකම දෙපාර් තමේන්තුවේ වැඩ කළ සගයෙක් තමා ස්ටීවන් හෝකින් කියන්නේ. එයා තමා ලෝකය ගැන අලුත්ම අදහස නූතනත්වයට ඉදිරිපත් කරන්නේ. විශ්වය මෙවැනි මිස්ට් වලින් පිරී ඉතිරී ඇති බවයි ඔහු කියන්නේ . මේ විශ්වයෙන් කෙලවරක් සහිත වුනත් ඒවත් විශ්ව වලින් පිරුණු අවසානයක් නැති දෙයක් බවට පත් වෙනවා. මේ ගැන හැදෑරීමට විදුලියෙන් පිරුනු Plasma අවිධිය අදුනා ගැනීම අවශ්‍ය වෙනව. මටත් එයට පොඩ්ඩක් හරි උදව් වෙන්න පුළුවන් වුන එක ගැන සන්තෝසයි.
කොහොම වුනත් මේ අලුත් අදහස උඩ ගමන් කරන ලෝකයක් තුල විදුලි තාක්ෂණයෙක් කරන වැඩ කොටස අලුත්ම සදාචාරයක් හා සංස්කෘතියක් ඇති කරනව. එදා පැවැති ගනුදෙනු වලට වඩා වෙනස් ගනුදෙනු තමා අපට කරන්නට වෙන්නේ. එදා වසන් කරගත් දේ අද එළිපිට වෙන දෙයක් වෙලා. ඒත් රැවටෙන අය අප්‍රමාණයි. ඒ නව පරිසරය හදුනා නොගන්නා නිසා ඇතිවන ආබාධයක්. සෙල් එක අතට ගත් පමණින් නූතන වෙන්නත් බෑ. එය යොදා ගත හැකි ක්‍රම සහ විධි ඉගෙන ගන්න වෙනව. ඉංගිරිසිය අවශ්‍ය වෙනව. එනම් අලුත් ලෝකය ඉංගිරිසිය දන්න අයට මුල් තැන දෙනව. එය නවත්වන්න බෑ. ඉංගිරිසි වෙනුවට ලෝකයේ උවමනාව උඩ ඇතිවන කුඩා ඉංගිරිසියක් තමා හැමටම පොදු වන්නේ. ගණිතය ඉගෙන ගන්නවා වගේම මේ කුඩා ඉංගිරිසිය හැමටම ඉගෙන ගන්න වෙනව. ඉංගිරිසි අකුරුවලින් සිංහල ලියන එකත් මේ නූතනයේම කොටසක් වෙලා.
ලගදී වතුර බෝතල් නිෂ්පාදනයට විරුද්ධ සටනක් මං දැක්කා. ඒ අය කියන්නේ කුඹුරට උවමනා වතුර, බෝතල් වලට සපයනව කියලයි. ඒත් මේ වතුර බෝතල් කවුද පරිහරණය කරන්නේ. වතුර බෝතලයත් සෙල් එක වගේම හැමම යොදාගන්න දෙයක්. ඒ නිසා එයත් අලුත්ම දෙයක් බවට පත්වෙලා තියෙන බවයි පෙනෙන්නේ.
2018 මාර්තු 06
ලක්බිම “නිනව්ව”