Category: ජන අරගල

හින්දු බැතිමතුන්ගේ විරෝධය හමුවේ යුද භටයන් පසු බසී

දකුණේ ඉන්ධන පෝලිම්වල සිටින ජනයාට හමුදාව පහර දෙද්දී මුලතිව් වට්ටුවාහල් සප්ත කන්නිමාර් කෝවිලේ වාර්ෂික දිය කැපීමේ උළෙලට බාධා කළ හමුදාව පළවා හැරීමට උතුරේ දෙමළ ජනයා සමත්ව තිබේ. අනාදිමත් කාලයක සිට සප්ත කන්නිමාර් ඓතිහාසික කෝවිලේ...

ඉන්දියාවට පලා ගියා ලාංකික දෙමළ තරුණයන් නිදහස්

අඛණ්ඩව දියත් කෙරුණු උපවාස, උද්ඝෝෂණ හා ඉල්ලීම් හමුවේ ඉන්දියාවේ විශේෂ කඳවුරුවල සිරගත කර සිටින උතුරේ දෙමළ තරුණයන් නිදහස් කිරීමට තමිල් නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ක්‍රියා කර තිබේ. ආගමන නීති උල්ලංඝණය කරමින් ඉන්දියාවට ඇතුල් වීමේ චෝදනා...

ආර්ථික අහේනිය මැද දෙමළ ජනයාට කරන වෙනස්කම් ගැන ජාත්‍යන්තරයට

ආර්ථිකමය ලෙස රට අසීරු තත්වයකට පත්ව තිබියදීත් දෙමළ ජනතාව විනාශ කිරීමේ ක්‍රියාවලිය රජය අඛණ්ඩව කරගෙන යන බවට චෝදනාවක් ජාත්‍යන්තරය හමුවේ ගොනු කිරීමට සැලසුම් කර තිබේ. යාපන අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් ඇමතූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක...

වන්නියේ බෞද්ධකරණය ගැන පොලිසියට තාමත් උත්තර නෑ!

වන්නියේ බලහත්කාරයෙන් කෙරෙන සිංහල බෞද්ධකරණය ගැන උසාවිය ඉල්ලා ඇති වාර්තා ඉදිරිපත් කිරීමට පොලීසිය තවත් කල් ඉල්ලා තිබේ. උසාවි නියෝග නොතකා මුලතිව්,තන්නිමුරිප්පු,කුරුන්තුර් මලේ පුරා විද්‍යා භුමියේ නව බෞද්ධ විහාර ගොඩනැගිලි ඉදිකිරීම් ගැන ජුනි 23 වැනිදා...

උතුරේ මාධ්‍යවේදියාට හමුදාව හා පොලිසිය බලා සිටියදී පහර දුන් පුද්ගලයාට ඇප

මුලතිව් දිස්ත්‍රික්කයේ මල්ලාවි නගරයේ තෙල් පෝලිමක ජනතාව විඳින හිරිහැරය වාර්තා කරමින් සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්ට හමුදාව හා පොලිසිය බලා සිටියදී පහර දුන් පුද්ගලයා අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලන්...

විරෝධතාකරුවන් සම්බන්ධයෙන් හමුදාව රාජකාරිය කරන්නේ ‘ජාතිය බලලා’!

එක් රටක් එක් නීතියක් ගැන කතා කරන ආණ්ඩුව දකුණේ හා උතුරේ උද්ඝෝෂකයන්ට දිගටම වෙන වෙනම නීති ක්‍රියාත්මක කරන බවට දෙමළ ජාතික සන්ධානය චෝදනා කර තිබේ. “දකුණේ අරගල කරනකොට ඒ තරුණයන්ට තමන්ගේ දරුවෝ වගේ සලකන...

සිරගත පුතුගේ නිදහස නොදැක දෙමළ මාතාවක් අවසන් ගමනේ

දීර්ඝතම කාලයක් බන්ධනාගාරගත කොට සිටි දෙමළ සිරකරුවකු ලෙස සැලකෙන අයකුගේ මවක් ඇය අපේක්ෂා කළ පුතු නිදහසේ ජීවත්වනු නොදැකම මියගොස් තිබේ. වසර 26ක් සිරගතව සිටි දෙමළ සිරකරු වික්නේෂ්වරනාදන් පාර්තිබන්ගේ මව පසුගිය 15 වැනිදා අභාවප්‍රාප්ත වූවාය....

යුක්තිය නොලද සමූහ ඝාතන දෙකක මළවුන් නැගෙනහිරදී සැමරේ

කුඩා දරුවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් සිය ගණනක් මරා දැමූ බවට රජයේ ආරක්ෂක අංශ වෙත විශ්වසනීය චෝදනා එල්ල වී තිබෙන සමුහ ඝාතන දෙකක් නැගෙනහිර පළාතේදී අනුස්මරණය කර තිබේ. ඝාතනයට ලක් වු දෙසිය තිහකගේ නම්...

දෙමළ ඩයස්පෝරා සංවිධාන තහනම ඉවත් කිරීමට ආණ්ඩුව සැරසේ

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට විදෙස් ගත යුද පීඩිත දෙමළ ජනයාගෙන් ආධාර ඉල්ලන ආණ්ඩුව පසුගිය සමයේ තහනම් කරන ලද දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සහ පුද්ගලයන්ට පනවා තිබු තහනම ඉවත්කිරීමට ඇති සුදානම ජාත්‍යන්තරය...

පුරාවස්තු කෙලෙසීම වලක්වන්නට වන්නියේ දෙමළ ජනතාව මැදිහත් වේ

වන්නියේ පුරා විද්‍යා රක්ෂිතයක් තුළ පිහිටි වසර සිය ගණනක් දෙමළ ජනතාවගේ වන්දනාවට ලක් වු පුජා භුමියක, ඉදි කිරීම් තහනම් කරමින් අධිකරණය දී ඇති තීන්දුවක් ද නොතකා හරිමින්, විහාරයක් ඉදි කිරීම සඳහා බුදු පිළිමයක් තැන්පත්...