කැඳ දන්සල නිසා සිරගත කළ දෙමළ හතරදෙනාට ඇප

සේයා - අන්තර්ජාලයෙන්

පහලොස් වසරකට ඉහත දී ඝාතනයට ලක්වු ස්වකීය ආදරණීයයන් සිහිපත් කිරීම සදහා ප්‍රදේශවාසී ජනතාවට කැඳ බෙදාදීම තහනම් කරමින් ලබාගත් උසාවි නියෝගයක් අනුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටි දෙමළ ජාතිකයන් සිව් දෙනා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ පොලීසිය විසින් මැයි 12 වැනිදා ඉරිදා රාත්‍රියේ දී අත් අඩංගුවට ගන්නා ලද කමලේස්වරන් තෙන්නිලා, කමලේස්වරන් විජිතා, සෙල්ව විනෝද් සුජානි යන කාන්තාවන් තිදෙනා හා නවරත්න රාසා හරිහර කුමාර් යන සිව් දෙනා, එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප මත නිදහස් කිරීමට මුතුර් මහේස්ත්‍රාත් තස්ලීන් ෆවුසාන් මැයි 17 වැනිදා නියෝග කළ බවයි.

අත්අඩංගුවට ගත් සිව්දෙනාට මැයි 16 වැනිදා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ නඩු ගොනු කර තිබු පොලීසිය අද එය වෙනස් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නඩු ගොනු කිරීමත් සමග ඔවුන්ට ඇප ලබා ගැනීමට නීතිඥ නාගරාජා මෝහන් සමත් වු බව ඔවුහු වැඩි දුරටත් පවසති.

දෙමළ ජාතිකයන් සිව් දෙනා ප්‍රචණ්ඩ ලෙස අත් අඩංගුවට ගැනීමට මග පෑදු මුතුර් අධිකරනයේ තහනම් නියෝගය දින හතරක් තුලදී ඉවත් කරගැනීමට නීතිඥ කනගරත්නම් සුගාෂ් ප්‍රමුඛ නීතිඥවරුන් මැයි 16 වැනිදා සමත්ව තිබුනි.

කැඳ තහනම ඉවත් කරගැනීම සඳහා මෙන්ම රිමාන්ඩ් ගත කර සිටි සිව් දෙනාට ඇප ලබා ගැනීම සදහා ද අධිකරණයේ කරුණු දැක්වීමට මුස්ලිම් නීතිඥයන් පිරිසකගේ සහාය හිමිව තිබු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

The Leader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.