නව සම සමාජ 46 වන සංවත්සරය

“ස්වපාලනය මත පදනම් වන සමාජ ආර්ථික සංවර්ධන මාවතක් උදෙසා” යන තේමාපාඨය යටතේ, නව සම සමාජ පක්ෂයේ 46 වන සංවත්සර සැමරුම පසුගිය දෙසැම්බර් 30 දා රජයේ ලිපිකරු සේවා සංගම් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.
මෙවර සංවත්සර සැමරුම රට තුළ සැබෑ ආර්ථික වෘධියට අවශ්‍ය සමාජ-ආර්ථික පෙරලිය සම්බන්ධයෙන් වන සාකච්ඡා සභාවක් ලෙස පැවැත්විණු අතර, එහි දී ආරාධිත දේශකයන් ලෙස ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ සහ නීතීඥ නාමල් රාජපක්ෂ මෙම අවස්ථාවට සහභාගී අතර පොදු සාකච්ඡාවකට ද ඉඩ විවර කර තිබුණි.















ශ්‍රී ලාංකික ජනතාවට මහත් වේදනාගෙන දෙමින් තිබෙන සුන් බුන් වූ මේ අර්බූධකාරී සමාජ ආර්ථික පරිසරය අහම්බයක් නොවන බවත්, ලංකාවේ ආර්ථිකයේ දිගුකාලීන වශයෙන් ජනිතව පවතින ව්‍යූහාත්මක දුර්වලතා හේතු කොට ගත්තක් බවත් ආර්ථික විශේෂඥයන්ට පිලිගැනීමට සිදුව තිබීම සාකච්ඡාව තුල දී අවධාරණය විය.
එසේ වුවත් මේ ව්‍යූහාත්මක දුබලතාවයන්ගේ මුල් නොසොයන මොවුන්, ඇස ගැටෙන අර්බූදයේ මතුපිට පාවෙන අවශේෂ දෑ විනා මූලික ප්‍රශ්න නොදකින බවද අවධාරණය විය. එහි දී මේ දිවයින තම වාසභූමිය කොටගෙන ජීවත්වන සියළු ජාතීන්ට හා ජන කොට්ටාශ වලට තම තමන් ගේ වාසභූමි ප්‍රදේශයන්හි සිවිල් පරිපාලනය, සංවර්ධනය ඇතුළු සියළු සමාජ – ආර්ථික කටයුතු ගැන තීන්දු ගැනීමේ ස්වපාලන අයිතිය පිලිගෙන ඊට අවශ්‍ය බලතල පැවරීම ආර්ථික වෘධියේ ප්‍රාථමික අවශ්‍යතාවයක් බව සාකච්ඡාවට ගැනුණි.
ඒ සමඟම කෘෂිකර්මාන්තයේ නිරත, එනම් මහ පොලව වගාකරණ හා ධීවර කර්මාන්තයේ නියුතු ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න; විශේෂයෙන් අතරමැදියන්, ප්‍රභූන්, දේශපාලකයන් හා නිලධාරීන් සම්මුතිගතව කරගෙන යන ග්‍රාමීය සම්පත් හා අතිරික්තය ගසාකෑමේ ඉඩ කඩ අහුරා දැමීමේ දී, හුදු නීති-රීති වල අසාර්ථක බව පැහැදිලි වූ අතර, නිෂ්පාදනය, ගබඩා කිරීම, මිල නියම කිරීම හා බෙදාහැරීමේ බලතල සහිත කෘෂිකාර්මිකයන්ගේ ඡන්දයෙන් පත්වන ග්‍රාමීය අධිකාරයන් ඇති කර රජය මගින් අවශ්‍ය සම්පත් ඒ අධිකාරයන් යොමුකිරීම ආර්ථික වෘධිය කරාවූ අනෙක් ප්‍රාථමික අවශ්‍යතාව බවද සාකච්ඡාවට ගැනුණි.
මෙම අවස්ථාවට සහභාගී වූ ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ, නීතීඥ නාමල් රාජපක්ෂ සහ නව සම සමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයන් වන නඩරාජා ජනගන් සහ රණත් කුමාරසිංහ මෙහිදී ප්‍රධාන දේශකයින් ලෙස අදහස් දැක්වූහ.