බඩවියත රැකගන්න පොරකන ආදිවාසී ජනයාට කැලෑ මහත්තුරුන්ගෙන් පීඩා

රතුගල ගමිමනයේ වෙළද සැලක් පවත්වාලෙන යන ආදිවාසි තරැණයෙක් - සේයා අන්තර්ජාලයෙන්

වන සංහාරකයන්ගේ නීතිවිරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින වනජීවි නිලධාරින් තම දෛනික ජීවනෝපාය වෙනුවෙන් වනයට ඇතුල් වන ආදිවාසි ජනයා අත්අඩංගුවට ගෙන අධිකරණයට යොමු කරන බවට චෝදනා එල්ල වී තිබේ.

” වැදි මිනිස්සුන්ට කැලයයි, ජිවිතයයි කියන්නේ ගහට පොත්ත වගේ, අපේ මුලු පරම්පරාවන්ම ජිවත්වෙලා තියෙන්නේ කැළයේ, අපේ ජිවිත රැඳීලා තියෙන්නේත් කැලේ. සේනානායක සමුද්‍රය නිසා අපිව කැළයෙන් ඉවත්කරපු දා ඉදලා අපේ මිනිස්සු ඉන්නේ ලොකු අර්බුදයක, ඒත් අපිව තේරුම් ගන්න මෙි රටෙි නායකයොවත්, ඉහළ නිළධාරින්වත් උත්සාහ කරන්නේ නැහැ,” යැයි බිබිල රතුගල ආදිවාසි නායක දානිගල මහබන්ඩියලාගේ සුදාවන්නිලා ඇත්තෝ චෝදනා කරති.

ආදිවාසි නායකයා පෙන්වා දෙන්නේ ගල්ඔය ජාතික වනෝද්‍යානය තුල උල්හෙල නම් කුඹුරු යායේ මහා පරිමානයෙන් මැණික් පතල් හාරද්දී, නීතිවිරෝධී මත්පැන් පෙරද්දී නිහඬව සිටින වනජීවි නිලධාරින්, තම ආදීවාසි ජන ප්‍රජාව අරළු, බුළු, නෙල්ලි, කුඩුම්බේරිය හෙවත් බීඩි කොළ සොයා ගැනීමට, එසේ නැත්නම් මාළු බෑමට වැවට ගියහොත් අත්අඩංගුවට ගෙන කුදලා ගෙන විත් උසාවි දමන බවයි.

” ගල්ඔය වනෝද්‍යානයේ මකර ආසන්නේ සේනානායක සමුද්‍රයට ගියේ දරු මල්ලන්ගේ බඩගින්න නිවන්න මාලුවෙක් දෙන්නෙක් අල්ලගෙන එන්නයි. අපි වැවෙි මාලු අල්ල අල්ල ඉන්නකොට වනජිවි එකේ මහත්තුරු ටිකක් බෝට්ටුවෙන් ඇවිත් වටලලා කිවිවා දුවන්න එපා කියලා, අපිට දුවන්න තරම් හේතුවක් තිබුනේ නැහැනේ, ඒත් තුවක්කු තියාගෙන අපිට පොඩිඩක් එහායින් හිටිය කසිප්පු කාරයෝ ටිකකුයි, තවත් කීප දෙනෙකුයි වනජිවි මහත්තුරු දැකලා දිව්වා. ඒ අය අල්ලගන්න උත්සහ නොකර මේ මහත්වරු අපිත් එක්කම අල්ලගත්ත මාලුත් අත්අඩංගුවට අරන්, බෝට්ටුවෙන් අම්පාර වනජිවි කාර්යාලයට අරන් ගියා.”

” වනජිවි නිළධාරින් මාව අත්අඩංගුවට ගත්තේ මට කැලේට යන්න වනජිවි එකෙන්ම දුන්න අවසර පතක් තියෙද්දියි.”

රතුගල ආදිවාසි නායක සුදා වන්නියා ඇතුළු ඔහුගේ සගයන් හයදෙනෙකු ඉකුත් 11 වැනිදා සේනානායක සමුද්‍රයේ මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට ගෙන 13 වැනිදා දක්වා රඳවා ගෙනපසුව ඇප මත මුදා හැර තිබේ.

” කැලේටත්, ගමටත් නැතිව අසරණවෙලා ඉන්න අපේ මිනිස්සු දිහා වෙනස් විදිහට හිතන්න ආණ්ඩු කරන ඇත්තන්ට මොලේ පහළ වෙන්න ඕනා,” යි සුදා වන්නියා කියයි.

දිනෙන් දින උග්‍ර වෙමින් ඇති ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පිඩා විදින මොණරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් රතුගල ගම්මානයේ පදිංචි පවුල් ප්‍රමාණය 260 කි. එහි වෙසෙන ආදිවාසි වැදි ජනයා බහුතරයක් ගොවිතැන්හි නියැලෙන අතර, තව පිරිසක් නිල්ගල හා ගල්ඔය ජාතික වනෝද්‍යානයේ ඇති අරලු, බුලු, නෙල්ලි අහුලා විකුණාගෙන පවුල නඩත්තු කරති. සෙසු කොටස් සිය ජීවිකාව රැක ගන්නේ කැලේ වැවෙන බීඩි කොළ හෙවත් කුඩුම්බේරිය එකතුකර අළෙවි කිරීමෙනි.

වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂක උපුල් ඉන්ද්‍රජිත් පවසන්නේ සේනානායක සමුද්‍රයේ මසුන් මරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරී රතුගල ආදිවාසි නායකයා ඇතුලු පිරිස ජනවාරි 19 දා නැවත බිබිල මහේස්ත්‍රාත්වරයා වෙත අධිකරණය පැමිණවිමට නියමිත බවයි.

TheLeader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.