ලංකා බැංකු සේවක සංගමය සභාපති ඉවත් කරන ලෙස ඉල්ලයි

සේයා අන්තර්ජාලයෙන්

දේශපාලනඥයන් සමග එක් වී දුෂිත ගනුදෙනු සිදු කළ බවට චෝදනා එල්ල වී සිටින රාජ්‍ය බැංකු ප්‍රධානියකු එම තනතුරෙන් ඉවත් කර වෝහාරික විගණනයක් සිදු කරන ලෙස ඉල්ලා දිවයිනේ ප්‍රමුඛතම බැංකු සේවක සංගමයක් අගනගරයේදී විරෝධතාවයක් දියත් කර තිබේ.

ගෙවී ගිය වසර දෙක හමාරක පමණ කාලයක් දේශපාලනඥයන් සමග එක් වී දුෂිත ගනුදෙනු සිදු කළ බවට ලංකා බැංකුවේ සභාපති කංචන රත්වත්තේට චෝදනා කරමින් ඔහු එම තනතුරින් ඉවත් කරන ලෙස ඉල්ලමින් ලංකා බැංකු සේවක සංගමය අගෝස්තු 26 වැනි සිකුරාදා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී එම උද්ඝෝෂණය දියත් කළ බව කොළඹ වාර්තාකරුවෝ පවසති.

ලංකා බැංකු සේවක සංගමය පවසන්නේ සභාපති විසින් සිදු කරන ලද ඇතැම් දුෂිත ගනුදෙනු පිළිබදව රජයේ විගනණකාධිපතිවරයා ලිඛිතවම තහවුරු කර ඇති බවයි.

සභාපතිවරයා මහජන මුදල් අවභාවිතා කරමින් අල්ලස් ලබාදීම සහ මහා කළමනාකරුට සන්තෝෂම් වශයෙන් රුපියල් ලක්ෂ 500 ක් පමණ වටිනා සුපිරි රථයක් රුපියල් ලක්ෂ 6 ට ලබාදීම විගණකාධිපති විසින් තහවුරු කර ඇති බව ලංකා බැංකු සේවක සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

“එම අපරාධයන්ට එරෙහි වීම නිසා උරණ වු සභාපතිවරයා ශාඛා සංගමය සමග බද්ධ වෛරයෙන් කටයුතු කරමින් බැංකුවේ හර පද්ධතිය විනාශ කරමින් පහත් පෙලේ පළිගැනීම් වලට යොමුව ඇති” බව ලංකා බැංකු සේවක සංගමයේ අභ්‍යන්තර විවරණිකාවක සදහන්ව තිබේ.

ලංකා බැංකු සේවක සංගමය විරෝධතාවය දියත්කරමින් බල කර සිටින්නේ ලංකා බැංකුව රැක ගැනීම වෙනුවෙන් දුෂිත සභාපතිවරයා කඩිනමින් ඉවත්කර වෝහාරික විගණනයක් සිදු කරන ලෙසයි.

TheLeader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.