Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

Connection Information

To perform the requested action, WordPress needs to access your web server. Please enter your FTP credentials to proceed. If you do not remember your credentials, you should contact your web host.

Connection Type

කාන්තා දිනයේ ‘රැවටිලිකාර’ OMP කාර්යාලයට දෙමළ මව්වරුන්ගේ විරෝධය - Haraya

කාන්තා දිනයේ ‘රැවටිලිකාර’ OMP කාර්යාලයට දෙමළ මව්වරුන්ගේ විරෝධය

සේයා - අන්තර්ජාලයෙන්

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉටුවන තෙක් සිය අරගලය අත් නොහරින බව යළිත් වරක් අවධාරණය කරන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ විරෝධයේ යෙදී සිටින යුද පීඩිත උතුරු නැගෙනහිර මව්වරුන් අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි නොමනාපය පල කර තිබේ.

මෙවර ජගත් කාන්තා දිනය කළු දිනයක් ලෙසින් සැමරූ උතුරු නැගෙනහිර දෙමළ මවුවරුන් චෝදනා කළේ අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය තමන්ට අමතරව ජාත්‍යන්තරය ද රවට්ටන බවයි.

“අපි OMP කාර්යාලයට එරෙහිව උද්ඝෝෂණ කරන විට ඔවුන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා බලහත්කාරයෙන් ලිපි යවලා තියනවා. ඒ ලියුම්වලට ආවේ නැත්නම් ගෙයින් ගෙට ගිහින් ලියාපදිංචි කරලා, නැතිනම් වාහනයක් යවලා එයාලව ගෙන්නලා ඒ අය ගැන වාර්තා කරගෙන ජාත්‍යන්තරය රවට්ටලා අපේ ඥාතීන්වත් රවට්ටමින් මේ කාර්යාලය වැඩ කරගෙන යනවා.”

උතුරු හා නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් මාර්තු 8 වැනි දා පෙරවරුවේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට වටරවුමේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් පැමිණ දෙමළ මවුවරුන් දියත් කළ විරෝධතාවයට එක්ව සිටි බලහත්කාරයෙන් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන්ගේ සංගමයේ වව්නියාව දිස්ත්‍රික් ලේකම් සිවානන්දන් ජෙනීටා මාතාව ඒ බව සදහන් කළාය.

අතුරුදහන් සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය පතා 2017 වසරේ ජගත් කාන්තා දිනයේ ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයට වසර හතක් සපිරෙන දිනයේත් වීදි බසිමින් ඔවුන් ඉල්ලා සිටියේ යුක්තිය ඉටුකරගැනීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය බවයි.

“හමුදාව විශ්වාස කරලා බාර දීපු ළමයි කොහොමද අතුරුදහන් උනේ, ජාත්‍යන්තරයේ අද කාන්තා දිනයද – කාන්තාව යටපත් කිරීමේ දිනයද?, අඩු තරමින් UNRCH55 වැනි සැසි වාරයේදී හරි අපිට සාධාරණය ඉටු වෙයිද?, කල් මරන්න එපා – හරි පරීක්ෂණයක් ඕනෑ,”යනුවෙන් සඳහන් සටන්පාඨ පෙරටු කරගනිමින් ඔවුන් විරෝධතා දක්වා තිබේ.

The Leader

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.