හර්තාලයේ සාර්ථකත්වය පෙන්නන්නේ ආණ්ඩුව ගෙදර යා යුතු බවයි!
“හර්තාල් ව්‍යාපාරය රට නිශ්ක්‍රීය කරයි! ජන පීඩක ජනපති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වෙනු!” තේමාව යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන නව සම සමාජ පක්ෂය පෙන්වා දෙන්නේ, කම්කරු-සිසු-තරුණ බලවේග එක්වූ හර්තාලයේ ශක්තිය මගින්, තවදුරටත් මෙරට ජන ජීවිතය මෙහෙය වීමේ අයිතියක් මේ ආණ්ඩුවට නැති පෙන්වා දී ඇති බවයි.
“ධනේශ්වර දේශපාලන ව්‍යාපාර වැඩි වශයෙන් තමන්ට ප්‍රධාන සහයෝගය ලබා ගන්නේ නැගී එන මධ්‍යම පංතික හා ගැමි තරුණ පරම්පරාවෙනි. එවන් ව්‍යාපාරයක ධජය යටතේ තරුණයන් දිගටම ආකර්ශනය කර තබාගැනීමට ඇති හැකියාව අහිමි වී යෑම තුළ එහි දේශපාලන පරිහානිය ප්‍රකාශයට පත් වෙයි. ගෝටා/මහින්ද යුවලගේ යුධ මූලික පෞරුෂයට තරුණයන්ගේ තිබූ ආකර්ශනය මොහොතකින් මුළුමනින්ම පුපුරා ගියේ ය.”
‘සෞභාග්‍යයේ දැක්ම’ ලෙසින් ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක කළ බලහත්කාර සමාජ ආර්ථික ප්‍රතිපත්තිය, සත්‍ය වශයෙන් ම එහි මුහුණ නව ජාවාරම්කාර ධනපති කොටස් හා ඥාති-හිතමිත්‍රාදීන් වෙත හැරවීමක් වූ බව නසසප සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.
රටේ අපනයන වල හිගතාවය මත ඇති වූ විනිමය හිගය ඒසේ තිබියදීත්, මේ වන තෙක් කරගෙන ගිය ‘ණයට මගුල්කෑම’ දැන් ‘ඩොලරය’ විසින් නිමා කර ඇති බව පෙන්වා දෙන එම මාධ්‍ය නිවේදනය, පවතින පාලනාධිකාරය ඉල්ලා අස් වී, “ලෝවැසියන් සමඟ විශ්වාසයෙන් ගනු දෙනු කළ හැකි; බලහත්කාර සංවර්ධන ප්‍රතිපත්ති වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ව සැබෑ ලෙස නිෂ්පාදනයේ යෙදෙන්නන්ගේ සභාවන් තුලින් සංවර්ධන තීන්දු ගැනීමට හා; ජනතාවගේ ස්වපාලනය මත පදනම් වූ නව ව්‍යවස්ථාවක් සැකසීම සදහා පියවර ගැනීමට සූදානම්; තාවකාලික ආණ්ඩුවකින් මේ පාලන තන්ත්‍රය විස්තාපනය කළ යුතු” බව ප්‍රකාශ කරයි.
“එම ක්‍රියාමාර්ගයන්ට ඉඩ කඩ දී මේ ජනපති/අගමැති ඇතුළු ආණ්ඩුව වහාම ඉල්ලා අස් නොවන්නේනම් හෙට හෝ අනිද්දා හිරු උදාවන විට මේ ප්‍රජා පීඩක පාලනය මිහිමත මත නොපවතිනු ඇතැයි අපි තරයේ කියා සිටිමු.”
Press-Release-NSSP-2022.05.06