ඉන්දියාවට පලා ගියා ලාංකික දෙමළ තරුණයන් නිදහස්
අඛණ්ඩව දියත් කෙරුණු උපවාස, උද්ඝෝෂණ හා ඉල්ලීම් හමුවේ ඉන්දියාවේ විශේෂ කඳවුරුවල සිරගත කර සිටින උතුරේ දෙමළ තරුණයන් නිදහස් කිරීමට තමිල් නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ක්‍රියා කර තිබේ.
ආගමන නීති උල්ලංඝණය කරමින් ඉන්දියාවට ඇතුල් වීමේ චෝදනා යටතේ උතුරේ දෙමළ යුද අනාථයන් 104 දෙනකු දැනට වසර කිහිපයක සිට තමිල්නාඩුවේ ත්‍රිචි විශේෂ කඳවුරේ සිරගත කෙරුනේ ඉන්දීය පොලිසියේ කිව්
ඒකකයේ අණ පරිදිය.
තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව පසුගිය සති අන්තයේදී නිදහස් කර තිබුනේ සිරගත කර සිටින උතුරේ දෙමළ තරුණයන්ගෙන් 16 දෙනකු පමණි.
“නිදහස් කරන්න නැත්නම් මරා දමන්න,
“යැයි තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් ගෙන් ඉල්ලා ජුනි 20 වැනිදා සිට දින දහයක් අඛණ්ඩ උපවාසයක දියත් කළ එම තරුණයන් 17 දෙනකු බලවත් ලෙස රෝගාතුර වීම නිසා කඳවුරු බලධාරීන් විසින් ත්‍රිචි රජයේ රෝහලට ඇතුලත් කෙරිණි.
මේ අතර තවත් තරුණයකු සිය සිරුරට ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමට තැත් කර තිබිණි.
අනාථයන් ලෙස ඉන්දියාවට පැමිණෙන ලංකාවේ දෙමළ තරුණයන් කොටි සැකකරුවන් ලෙස බොරු චෝදනා ගොතමින් විශේෂ කඳවුරුවල සිරකර තබා ගැනීම මානව හිමිකම් උල්ලංඝනයක් බව ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ තමිල්නාඩු දෙමළ ජාතික ව්‍යාපාරයේ නායක පී.නෙදුමාරන් චෝදනා කර තිබේ.
ලංකාවට වෙනස්කම්
තමිල්නාඩු මහ ඇමැති එම්.කේ.ස්ටාලින් වෙත ලිපියක් යොමු කරමින් නෙදුමාරන් පෙන්වා දුන්නේ ඉන්දීය පොලිසියේ කිව්
අංශය මෙසේ සළකන්නේ ලංකාවේ දෙමළ තරුණයන්ට පමණක් බවයි.
“සාමානයෙන් කෙරෙන්නේ වැරැද්දකට උසාවියෙන් දඩුවම් දීපුවාම බන්ධනාගාර ගත කරලා දඩුවම් කාලය ඉවර වුනාම නිදහස් කරනවා.ඒත් ලංකාවේ දෙමළ තරුණයන්ව හිර කරන්නේ බන්ධනාගාර වල නොවේ විශේෂ කඳවුරු ඇතුලේ. සමහරුන්ගේ දඩුවම් කාලය අවසන් වෙලා තිබ්බත් නිදහස් කරන්නේ නැහැ. මේක මානව හිමිකම් කඩ කිරීමක් අපි හෙළා දකිනවා.
“
“ලංකාවේ යුද්ධය අවසන් වුනාට පස්සේ යුරෝපයේ කොටි තහනම ඉවත් කළා. ඒත් ඉන්දියාව කොටි සංවිධානයේ තහනම පවත්වාගෙන යනවා. ඒ කරන්නෙත් අවුරුදු දෙකෙන් දෙකට දික් කරමින්.
“
දෙමළ ඊළාම් විමුක්ති කොටි යළි සංවිධානය වන බවට ව්‍යාජ හේතු දැක්වීමට මෙම තහනම උපයෝගී කරගන්නා ඉන්දීය පොලිසිය ලංකා දෙමළ තරුණයන්ට එරෙහිව කරන නීති විරෝධී ක්‍රියාව වහා නවත්වන ලෙසට නෙදුමාරන් තමිල්නාඩු මහ ඇමතිවරයාට අවධාරණය කර තිබේ.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් සහ තමිල් ඊළාම් විමුක්ති සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් අවස්ථා දෙකකදී තමිල්නාඩු මහ ඇමතිවරයාගෙන් ඉල්ලා තිබුනේ යුද අනාථයන් ලෙස ඉන්දියාවට පළා ආ මෙම තරුණයන් සිරගත කර සිටින විශේෂ කඳවුරු වලින් නිදහස් කොට ඔවුන් ආපසු ලංකාවට යාමට අකැමැති නම් ඉන්දියාවේ රැකවරණ ලබා දෙන ලෙසයි.