ටෙරන්ස් පුරසිංහ සහෝදරයාගේ නික්මයෑම…….
අපට ටෙරන්ස් අහිමි වී ඇත. සිරුරේ විද්‍යුත් රසායනික ක්‍රියාකාරිත්වය පාලනය කරන අඳුරු නීති ඔහුගේ ජීවිතය විනාශ කර ඇත. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නගන මිනිස් හදවත් ඉල්ලා සිටි දෙය ඉටු කිරීමට වෛද්‍ය විද්‍යාව බල රහිත බව ඔප්පු වී තිබේ.
නමුත් විද්‍යාව බල රහිත වූ තැන කිසිදු ප්‍රාතිහාර්යයක් සිදු වූයේ නැත. දැන් ටෙරන්ස් අප අතර නැත. මෙම වචන අපගේ සවිඤ්ඤානයට කිඳාබසින්නේ, දැවැන්ත ගල්කුළු සාගරයට වැටෙන්නා සේය. මෙය සිදුවිය හැක්කකැයි ඇදහිය හැකිද? සැබෑවකැයි මෙනෙහි කළ හැකිද? ඔහු කවදාවත් යලි “හරය”ය යමක් ලියා එවනු නැත. නිවහල් අදහස් ගෙන යෑමේ ඒ විශිෂ්ඨයා තම සේවය නිමා කර ඇත.
යුක්තිය, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මොර ගසන මිනිසුන්ගේ සවිඥානයට මෙම කාරණය දරා ගත නොහැක. මක්නිසාද යත් සතුරා තවමත් බලවත් ය, යා යුතු මඟ බොහෝ දුරය, ඒ ශ්‍රේෂ්ඨ කාර්යභාරය – ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම කාර්යභාරය තවමත් අවසන් නැත. ලෝක ඉතිහාසයේ වෙන කවරදාවත් අවශ්‍ය නොවූ ආකාරයට, අද ලෝක පරිමාන ප්‍රජාතන්ත්‍රීය ප්‍රවාහයන්ට ටෙරන්ස් වැන්නවුන් අවශ්‍ය වී තිබේ.
පළමු වරට වඩා දරුණු වූ රෝගී තත්වයක්, ටෙරන්ස්ගේ ජීවිතය සමඟ දරුණු සෙල්ලමක නිරතව සිටියා සේය. ඔහුගේ රෝගී තත්වය සුව අතට හැරීම, සම්පූර්ණ සුවය ලැබීම මෙන්ම මහත් ව්‍යසනයක්ද අපේක්ෂා කළ හැකිව තිබුනි. නමුත් අපි මනුෂ්‍යයෝ එසේ අපේක්ෂා කිරීම ස්වාභාවිකවම අත්හරිති. අපි සියලු දෙනාම සුවය අපේක්ෂා කළ නමුත් ව්‍යසනය එළැඹියේ ය. මොළයේ හුස්ම ගැනීමේ මධ්‍යස්ථානය ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කළ අතර උතුම් බුද්ධිමතෙකුගේ මනසෙහි කේන්ද්‍රයේ හුස්ම සිර කළේය.
හෙට, අනිද්දා, සතියකින්, මාසයකින්, අපි අසනු ඇත, ටෙරන්ස් ඇත්තටම මිය ගොස් තිබේද? මක්නිසාද යත්, ඔහුගේ මරණය දිගු කලක් ගතවන තෙක් අපට පෙනෙනු ඇත්තේ එය සිදු නොවිය යුතු, සොබාදහමේ භයානක හිතුවක්කාර ක්‍රියාවක් ලෙසයි.
ශෝකය, සංතාපය හා පීඩාව තුළින් අපි අපගේ හදවත් එකට බැඳ තබන්නෙමු. නව අරගල සඳහා අපි වඩාත් සමීපව එක් වෙමු.
සහෝදරවරුනි, ටෙරන්ස් තවදුරටත් අප සමඟ නැත.
සගයානණි! ඔබට සුභ ගමන්!
“හරය” කර්තෘ මණ්ඩලයේ ආචාරය