උතුරේ අම්මලා වෙනුවෙන් කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා

ලේ වැකි යුද්ධයට ගොදුරු වූ සිය ආදරණීයයන් සිහිපත් කරමින් බත් කැද බෙදූ උතුරේ කාන්තාවන් තිදෙනෙක්ට හිංසා කරමින්, තවත් පුද්ගලයෙකුද සමග පසුගියදා රාත්‍රියේ (මැයි 12) මුතූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරන උද්ගෝෂණයක් අද (මැයි 15) කොළඹ කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට පවත්වන ලදී.

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව (Families of the Disappeared) විසින් කැදවනු ලැබූ මෙම විරෝධතාවයට නව සම සමාජ පක්ෂය ද සිය සහය පළ කරමින් සහභාගී විය.

එහිදී නව සම සමාජ පක්ෂයේ නඩරාජා ජනගන් සහ සුන්දරම් මහේන්ද්‍රන් සහෝදරවරුන් දෙමළ බසින් දැක්වූ අදහස්ද, ප්‍රියන්ත වික්‍රමසිංහ සහෝදරයා සිංහල බසින් දැක්වූ අදහස් මෙන්ම, අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු සහ අසංක අබේරත්න සහෝදරවරුන් දැක්වූ අදහස් පහතින්.



You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.