නව සම සමාජ 48 සංවත්සරය – 2025

තේමාව: “මනුෂ්‍යත්වය රජයන, ස්වපාලනය මත පදනම් වූ නිදහස් ප්‍රජාතන්ත්‍රීය සමාජයක් සඳහා..!”

පුරා වසර 48 මුළුල්ලේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ආරක්ෂාකර ගැනීම හා වැඩිදියුණු කර ගැනීම වෙනුවෙන් ශතවර්ෂාධික කාලයක් පුරා සටන් කළ කම්කරු පංතිය ප්‍රමුඛ සියළුම ජනතා කොටස් සමඟ එක්ව පෙරමුණ ගත් නව සම සමාජ පක්ෂයේ 48 වන සංවත්සරය 2025 දෙසැම්බර් 30 දින කොළඹ පැරණි නගර ශාලා පරිශ්‍රයේදී පැවැත්වුනි. වැඩ කරන ජනතාවගේ සංවිධානය වීමේ, රැස්වීමේ, උද්ඝෝෂණය කිරීමේ සහ කතා කිරීමේ නිදහස ආරක්ෂා කිරීම ආදී සටන් පාඨයන්ට පමණක් සීමා නොවී, සිය අරගලය ඉන් ඉදිරියට ගෙන යමින් රට ප්‍රජාතන්ත්‍රීය සංවර්ධන මාවතකට යොමු කිරීමේ අරගලයේ දී නසසප පුරෝගාමී විය.

එහි දී පළමුව; රාජ්‍ය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම සඳහා ප්‍රජාතන්ත්‍රීය ජන සභා මගින් රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමේ ජනතා අයිතිය වෙනුවෙන් වූ ජන අරගලයන් හිදී පෙරමුණ ගත් නසසප, ඒ මගින් රාජ්‍යය ජනතාවට ඉහලින් පවත්නා මර්දනීය උපකරණයක සිට ජනතාව සඳහා පවතින්නක් බවට පරිවර්තනය කිරීමට සටන් කරන ලදී. දෙවනුව; තමන්ගේ ඉරණම පිළිබදව තීන්දු කිරීමේ දී අඩුතර ජාතීන්ට ස්වයංතීරණයට ඇති පරම අයිතිය පිළිගනිමින් ඒ සඳහා එවන් ජාතීන් ගෙන යන සටන සමග බද්ධ විය ඒ මගින් එක්සත් රාජ්‍යයක් ඇති කිරීම වෙනුවෙන් නසසප උද්ඝෝණ කරමින් සිටී. තුන්වනුව; කෘෂිකාර්මික විප්ලවයක් වෙනුවෙන්; එනම් ගොවියන්, ධීවරයන් හා පශුපාලනයේ නිරතව සිටින ජනතාව හා සුළු වෙළෙන්දන් ඇතුළත් ගම නැමැති ආර්ථික, සමාජ බල ඒකකය තුල ජන සභා ගොඩ නැගීම වෙනුවෙන් නසසප සටන් කරනුයේ, තොග වෙළඳාම මගින් ගමේ සම්පත් උරාබීම වලක්වා එම සම්පත් ගමේ දියුණුවට යොමු කළ හැකි වන්නේ එවිට වන බැවිනි.

රටේ සැබෑ සංවර්ධනයට අත්‍යාවශ්‍ය මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නසසප අධිෂ්ඨානයෙන් කැපවීමෙන් හා පරිත්‍යාගයෙන් සටන් කළ ද, ඒ අපේක්ෂා ඉටුවී නැත. සමාජ ආර්ථික හා දේශපාලන අරගල යටින් ගලා යමින් තිබේ.

මෙතෙක් පැවැති ආණ්ඩු මෙන්ම වෙනස් අදහස් තලා පෙලා මර්දනය කිරීමේ සැලසුම් හැර ප්‍රජාතන්ත්‍රීය පිළිතුරක් රටේ කිසිම මූලික ප්‍රශ්නයකට වත්මන් ආණ්ඩුව ද ඉදිරිපත් කරන ලකුණක් හෝ නැත. ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත (PTA) අහෝසි කිරීමට පොරොන්දු දුන් පාලකයන් අද [The Protection of the State from Terrorism Act (PSTA)] “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතක්” බලාත්මක කිරීමට කටයුතු කරයි. එමගින් මර්ධන නීති තීව්ර කරමින් ඒවායේ අඛණ්ඩතාවය ඉදිරියට ගෙන යෑමට සැලසුම් කරයි.

ජනතාව කඩිනම් ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ අපේක්ෂා කළහ. ඔවුන් පැතුවේ සමාජ ආර්ථික හා දේශපාලන ක්‍රියාවලියට ජනතාවගේ ප්‍රවේශය බලගන්වන ප්‍රජාතන්ත්‍රීය පාලන ක්‍රමයකි. මේ අදහස මෙසේ ප්‍රතලිතය. “…ජනතාවගේ ආණ්ඩුව, ජනතාව විසින්, ජනතාව සඳහා…” ගතවූ මෑත කාලය විසින් මේ පාඨය මෙසේ වෙනස් කර ඇත්තා සේ දිස්වේ. “…ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින්, ජනතාව වෙනුවෙන්, ජනතාවට පහර දීමයි…”

නව සම සමාජ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යෑමට සටන් කරන අතරම වඩාත් යහපත් ජීවන මට්ටමක්, යහපත් අනාගතයක් වෙනුවෙන් වන ක්‍රියාමාර්ගය ජය ගැන්වීමට නසසප කැප වී සිටී.

සංවත්සරයට සහභාගී වෙමින්, එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය සහෝදරයා, සමාජ පර්යේෂක තැච්චනාමූර්ති මදුසූදනන් සහෝදරයා, රාජා උස්වැටකෙයියාව සහෝදරයා ආරාධිත දේශන පැවැත්වූ අතර, පක්ෂය වෙනුවෙන් ප්‍රධාන ලේකම් රණත් කුමාරසිංහ සහෝදරයා සහ සංවිධායක ලේකම් නඩරාජා ජෙනගන් සහෝදරයා දේශන පවත්වන ලදී.

නව සම සමාජ 48 වන සංවත්සරයේ පවත්වන ලද දේශන වලට පහතින් යොමු වන්න.




සේයා…

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.