නව සම සමාජ මැයි දිනය 2023

කඳුරට දෙමළ ජනතාව (මලයහ තමිලර්) එහි වාසයට පැමිණ වසර 200 ක් පිරීමට සමගාමීව, “කඳුරට වතුවල හා අදාල භූමි ප්රදේශයන්හි පාලනය සහ නිෂ්පාදනයේ සංවිධානය වතු සේවක සභා වලට පවරණු!” යන තේමාව යටතේ, නව සම සමාජ පක්ෂය විසින් 2023 සිය මැයි දින සැමරුම සංවිධානය කර තිබුනි.
කඳුරට වැසි වනාන්තර මහා පරිමාන කෘෂිකාර්මික නිෂ්පාදන බිමක් බවට පත් කළ මේ ජනයාට, අර්ධ වහල් තත්ත්වයන් යටතේ, අඩුම දෛනික වැටුපක දුගී ජීවන රටාවක් උරුම විය.
නමුත් නිෂ්පාදකයන් ලෙස ඔවුන්ගේ අත්දැකීම් රටේ සමස්ථ ගොවි ජනතාවගේම අතීතය හා වර්තමානය අප ඉදිරියේ දර්ශනය කිරීමට සමත් වේ.
එමෙන්ම එම අත්දැකීම් විසින් රටේ සමස්ථ ගොවි ජනතාවගේ මෙන්ම රටේත් අනාගතය පිලිබද ඉදිරි දැක්මක් ඇති කිරීමට තරම් පොහොසත්ය.
මෙවර නසසප මැයි දිනය මේ අත්දැකීම් හා අනාගත ඉදිරි දැක්ම පිළිබද සාකච්ඡාවක් ගොඩනැගීම මුල්කර ගනිමින් සංවිධානය කර තිබුනි.
මේ අවස්ථාවට සහභාගි වෙමින්, ශ්රී ලංකා කොමියුනිස්ට් කේන්ද්රයේ නීතිඥ ඉලයතම්බි තම්බයියා සහ ඩබ්ලිව් සෝමරත්න සිය දේශන ඉදිරිපත් කරන ලදී.
නව සම සමාජ පක්ෂය වෙනුවෙන්, රංජිත් ගමගේ, ප්රියන්ත වික්රමසිංහ, පී. පංචවර්නම් සහ රණත් කුමාරසිංහ අදහස් දක්වන ලදී.


































