අරිෆ් වසීර් ඝාතනය කෙරේ – නමුත් අරගලය දිගටම!
නාදුනන තුවක්කු කරුවෙකු එල්ල කල වෙඩි පහර තුනකට ඉලක්ක වූ පශ්ටුන් තහාෆුස් ව්‍යාපාරයේ (PTM) නායකයෙකු වන අරිෆ් වසීර් මිය යයි.
පසුගිය මැයි 01 දින වසිරිස්තාන්, වාන්නා හි සිය නිවස අසලදී මෙසේ වෙඩිපහරට ලක්ව දරුණු ලෙස තුවාල ලැබූ ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව පසු දින, මැයි 02 සෙනසුරාදා ජීවිතක්ෂයට පත් වී තිබේ.
27 හැවිරිදි වසීර්, පසුගිය කාලය තුළ පකිස්තානයේ මතු වුන විශාලතම සමාජ ව්‍යාපාරය ලෙස බොහෝ විචාරකයන් විසින් හදුන්වනු ලැබූ, 2018 ජනවාරියේ ප්‍රකාශයට පත් පශ්ටුන් ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානයක් වන PTM හි ප්‍රමුඛ, ජන නායකයෙකු විය.
පකිස්තානයේ ප්‍රධාන ජාතිකත්ව කණ්ඩායම් තුනෙන් එකක් වන පශ්ටුන් ජනයාගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන PTM සංවිධානය එරට මිලිටරි අධිකාරියේ නිර්ධය මර්ධනයන්ට ලක්කර තිබේ. එහි මර්ධනයට ඉලක්ක වූ ඔහුගේ පවුලේ, වසර 19ක් ඇතුලත ඝාතනයට ලක් වූ 18 වැනි සාමාජිකයා වසීර් වේ.
අරිෆ් වසීර් පකිස්තානු පාර්ලිමේන්තුවේ, ජාතික මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වන අලි වසීර් ගේ ඥාති සොහොයුරෙකු වෙයි. PTM හි ප්‍රධාන නායකයා වන අලි වසීර්, රාජ්‍ය අනුග්‍රහය සහිත තාලිබාන් හි කේන්ද්‍රස්ථානයක් වන වසිරිස්තානයෙන් ස්වාධීනව තරගකර පාර්ලිමේන්තුවට පත්වූ එකම මාර්ක්ස්වාදී නායකයා වේ.
PTM හි ජනතා නැගී සිටීම පකිස්තානයේ සිදුවන ජාතික හා වාර්ගික උරුමයන් අහිමි කිරීම හා සූරාකෑමේ නිර්මාණයක් වේ. මෙම ව්‍යාපාරයේ ඉල්ලීම් අතර, ‘බලහත්කාරයෙන් අතුරුදහන්’ කළ පුද්ගලයන් නිදහස් කිරීම හා ඔවුන් වෙනුවෙන් යුක්තිය පසිදවා ගැනීම, විනාශ කරන ලද දේපල වෙනුවෙන් වන්දි ලබා ගැනීම සහ මුර කපොලු වලදී සිදුවන හිරිහැර හා නින්දාවට ලක් කිරීම නැවත්වීම වෙනුවෙන් සටන් කිරීම මූලික වෙයි. එසේ වුවද එහි සමාජ බලපෑම ඉන් බොහෝ දුරකට සමාජය තුළ විහිදී ගොස් ඇත්තේ ය. PTM යේ ක්‍රියාකාරීත්වය පශ්ටුන් සමාජයේ විශාල කොටසක් තුළ කම්පනයක් ඇති කිරීමට සමත් වී තිබේ. විශේෂයෙන්ම පශ්ටුන් තරුණයන් අතරේ මෙම ව්‍යාපාරය ප්‍රබල තැනක් දිනා සිටී. එය විසින් රට පුරා සංවිධානය කරන ලද දැවැන්ත දේශපාලන ප්‍රචාරක රැළි දහස් ගණන් තරුණයින් ආකර්ෂණය කිරීමට සමත් විය.
පීඩිත ජනතා අරගල යනු හුදු එක් භූමියකට සීමා වූවක් නොවේ. එක් එක් කාලයන්හි එක් එක් ප්‍රදේශ වල මතුවන සටන්, අනෙක් සටන් බිම් වලට වඩා ඉහලට මතුවනු ඇති අතර, විටෙක එකකුත් විටෙක තවෙකකුත් දරුණු ලෙස මර්ධනය කර යටපත් කෙරෙනු ඇත. අවසාන වශයෙන් ජය ඇත්තේ සමස්ථයක් ලෙස ලෝක වාසී සියලු පීඩිත ජනයා එක්සත් සටනකට එළඹීම තුළය. ඒ නිසා අනෙකාගේ යුක්ති සහගත අරගලයට උර දීම, ස්වකීය අරගලයේ ජයග්‍රහණය සදහා ද අත්‍යාවශ්‍ය කොන්දේසියක් වන්නේ ය. එය ඔබ අප සැමගේ වගකීම යි.
වැඩිදුර කියවීම සදහා –